මහර වෙලාවට ඔබ කෑම පාලනය කරලා ජිම් ගිහින් දැනටමත් ඔබගේ ශරීරය මානව ගොඩනඟා ගෙන ඇති. නමුත් ඔබ දන්නවද ඔබගේ සමහර පුරුදු නිසා ඔබගේ ඇග නැවත පෙර පරිදිම මහත් වෙන්න පුළුවන්, අපි අද කියා දෙන්න යන්නේ මොනවද මේ වැරදි පුරුදු කියලා.




01. ආහාර පාලනය නවත්වන්න එපා.

ගොඩක් දෙනෙක් කරන වැරද්දක් තමයි අමාරුවෙන් කෑම පාලනය කරලා බර අඩු කර ගත්තට පස්සේ, අයෙත් කිසිම පාලනයත් නැතුව සුපුරුදු විදිහටම අයෙත් කෑම කන්න පටන් ගන්න එක. ඉතින් මේ නිසා ඔබ අයෙමත් මහත් වෙන්න ගනීවි.


02. ඕනවට වඩා සැප ගන්න එපා.

ඔබ නොයෙකුත් ආකාරයේ දේවල් කරන්න ඇති ඔබගේ ශරීරයේ බර අඩු වෙන්න. ඉතින් ඔබ දැන් ඔබ ඔබගේ අරමුණට ළඟා වෙලා ඇති. කාලයක් මේ නිසා දුක් විදපු ඔබට, කොහොමත්ම බෑ ඒ වෙනුවෙන් දැන් සැපට කාලා බීලා ඉන්න. නැත්නම් ඉතින් ඔබ කාලයක් දුක් විදලා අඩු කරගත්ත ඔබගේ ශරීරයේ බර, අනිවාර්යෙන් නැවත ඒ තත්වයටම පත්වේවි.


03. ආහාර ගැන සැලකිලිමත් වන්න.

ඇත්තටම ඔබගේ ශරීරයේ බර අඩු වීම ගැන ඔබ එතරම් සතුටු වෙන්න එපා. මොකද මෙය තාවකාලික විසදුමක් විතරයි. මොකද ඔබ නැවතත් පෙර පැවතී තත්වයටම පත් වෙන්න එතරම් කාලයක් යන්නේ නෑ. ඒ නිසා ඔබ ආහාර ගැන වඩාත් සැලකිලිමත් වන්න. පිටි සහිත තෙල් සහිත ආහාර රටාවෙන් ඔබ තව දුරටත් දුරස්ව හිදිම ඉතාමත් වැදගත්. ඔබ පෝෂ්‍යදායි සරල ආහාර රටාවකට හුරු වෙන්න.


04. ඔබගේ බඩගින්න මඟ හරින්න.

ඇතැම් වෙලාවට ඔබ හට සැබවින්ම කුසගිනි නොවුනද ඔබගේ ශරීරය ඔබෙන් ආහාර ඉල්ලා සිටින්නට පුළුවන්. මොකද සමහරු කම්මැලිකමටත් මොනවා හරි කන්න පුරුදු වෙලා ඉන්නවනේ. නමුත් මෙම පුරුද්ද නම් එතරම් හොඳ නෑ. ඔබට පුළුවන් මේ සඳහා නිතර ජලය පානය කරන්න පුරුදු වෙන්න. ඇත්තටම එය ඔබගේ ශරීරයටද ඉතාමත් හොදයි.


05. ප්‍රමාණවත් නින්ද.

ප්‍රමාණවත් නින්දකින් ඔබගේ ශරීරයට ලැබෙන වාසි නම් කියන බැරි තරම්. ඒ නිසා ඔබ, ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම ඉතාමත් අවශ්‍යයි. ශරීරයට ප්‍රමාණවත් ලෙස නින්ද නොමැති උනාම, ඒ කියන්නේ ඔබගේ ශරීරයට මහන්සියක් දැනුනාම ශරීරයේ ක්ලොස්රෝල් ප්‍රමාණයත් ඉහළ යාමක් සිදුවෙනවා. ඒ වගේම තමයි අධික නින්දත් ඔබගේ ශරීරයට ඉතාමත් අහිත කරයි.


06. ආහාර ප්‍රමාණය වෙනස් කරන්න එපා.

ඔබට මතකද ඔබ ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා ඔබ ගත් අහාර ප්‍රමාණය. එම ආහාර රටාවට ඔබ පුරුදු වෙන්න. දැන් ඔබගේ ශරීරයේ බර අඩු වූ නමුදු කිසිම විටක් ඔබ අධික ලෙස ආහාර ගැනීම සඳහා යොමුවන්න එපා. ඔබ ආහාර ගත යුත්තේ ඔබ කුස යන්තම් පිරෙන ආකාරයටයි. එහෙමත් නැතුව හිත පිරෙන්න නම් නෙවේ.


07. ආහාර සඳහා කාලසටහනක් තබා ගැනීම.

ආහාර තබා ගැනීමේදී ඔබ හිතෙන හිතෙන ආහාර ගන්න ගියෝතින් වෙන්නේ අමාරුවෙන් අඩු කරගත්ත ශරීරය නැවත තරබාරු වෙන එකයි. මේ නිසා ඔබට පුළුවන් ආහාර රටාවක් වෙත හුරු වෙන්න. ඔබ ඔබගේ සතියේ ආහාර රටාව විදිමත්ව සැලසුම් කරන්න.


08. නොකඩවා ව්‍යායාම කරන්න.

ව්‍යායාම කියන්නේ ශරීරයට ඉතාමත් වැදගත් දෙයක්. ඇත්තටම ශරීරයේ බර අඩු කරගන්න විතරක්ම නෙවේ ව්‍යායාම අපි කරන්නේ. මනා නිරෝගීබවක් ලබා ගැනීම සඳහා ඔබ දිනකට අඩුම තරමේ විනාඩි 20ක් වත් ව්‍යායාම කිරීම ඉතාම වැදගත්. ඔබට පුළුවන් ඔබ කැමති ආකාරයකින් ව්‍යායාම කරන්න. ඔබ කැමති නම් නටන්න. නැත්නම් ඇවිදින්න. ව්‍යායාම කරන්න කරන්න ඔබ ජිම් එකකට යන්න ඕනීම නෑ.

SHARE

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here