කර්ෂණය ගැන ඔබ මොකක්ද හිතන්නේ? පුද්ගලයෙක්ව ලස්සන කරන්නේ මොන සාධකද යන කාරණාව ගැන බොහෝ දේ ප්‍රකාශ වෙලා නම් තියෙනවා. එම සාධක වශයෙන් විවිධ දේ පවසන්න පුළුවන්. උස, දෑස් වල වර්ණය, හා පැහැපත්කම උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. කෙනෙකුගේ ගති ලක්ෂණ හා ක්‍රියාකාරකම් ගැන ඔබ මොකද හිතන්නේ? ඒවත් ආකර්ෂණීය වෙන්න පුළුවන් නේද? ඇත්තම කිවොත්, අපේ භාහිර ලස්සනට වඩා අභ්‍යන්තර ලස්සනයි වටින්නේ. ඇත්තටම ලස්සන මිනිසුන් තුල ඇති හොඳ පුරුදු 10ක් මේ ලිපියෙන් විස්තර කෙරෙනවා.



1) අවංකභාවය

අවංකවම ඔබ අවට සිටින අය සමග සංවේදනය කරනවිට මිනිසුන් ඔබව ලස්සන ලෙසයි දකින්නේ. අවංක පුද්ගලයන් හා ගණුදෙණු කිරීමට හැමෝම කැමතියි. අවංකවම සංවේදනය කරන ඔබ සමග මිනිසුන් සත්‍යවාදී සම්බන්ධතා ඇතිකරගැනීමට කැමතියි.


2) සරල බව

විනෝදජනක ඔබට සමාජය ආදරය කරනවා. උද්‍යෝගීමත් හා සරල මිනිසුන් ගොඩක් ආකාර්ෂණීයයි. ඔබේ ජීවිතයේ සැලසුම් කර නැති කොටස් රසවිඳීම සඳහා ක්‍රමයක් සොයාගන්න පුළුවන් නම් ඔබට තවත් සතුටු වෙන්න පුළුවන්. ප්‍රීතිමත් පුද්ගලයෙක් කොතරම් ලස්සනද කියා අපි හැමෝම දන්නවා.


3) අදාල මොහොතේ ජීවත්වීම

මේ පුරුද්ද මඟින් ඔබේ මනස ලස්සන කර පෙන්වනවා. ඔබ දින ගතකරන්නේ සෑම විස්තරයක්ම හොඳින් වැළඳගෙනයි. රැහැය්යන්ගේ ශබ්දය, වලාකුළු වලින් නිර්මණය වෙන හැඩය ආදී නිරීක්ෂණයන් ඔබව අමතක නොවන පුද්ගලයෙක් බවට පත්කරනවා. ඉතින් ඔබ වටා මිනිසුන් රැස්වෙනවා.


4) රිද්මය

මින් කියවෙන්නේ ඔබේ ජිවිතය උත්තේජනය කරන රිද්මය ගැනයි. ඔබේ මුවට සැඟවුණු සිනහවක් ගෙනදෙන්නේ මොනවාද? ඔබේ ජීවිතයට ශක්තිය ගෙන දෙන්නේ මොනවාද? ඔබේ ඒ ජීවිතයේ රිද්මයට අනුව ඔබ වටා සිටින අයට රඟන්න පුළුවන්ද? ඒ රිද්මය සඟවා තියන්න එපා. ඔබ වටා සිටින අයටත් ඇසෙන්නේ ඒ රිද්මය වාදනය කරන්න.


5) විශ්වාසය

ඔබේ ආත්ම විශ්වාසය ඉතා ආකර්ෂණීයයි. තම ස්වයං වටිනාකම හොඳින් දන්නා හා විශ්වාසවන්ත කෙනෙක්ව පරාදය කිරීමට කිසිවෙකුට බෑ.


6) ආගණ්තුකයන්ට දක්වන කරුණාව

ආගණ්තුකයන්ට කරුණාව දක්වන ඔබේ හදවත බොහොම පැහැදිලියි. කාරුණික ඔබ අන් අයට බොහොම ප්‍රියමනාපයි. ආගන්තුකයෙකුට ඔබ විවෘත වීමට සූදානම් නම් ඔබට සමීපතමයන්ට ඔබ කොතරම් උපකාර කරයිද? එය ඇත්තටම ගොඩක් ආකර්ෂණීයයි.


7) පිරිසිදුව ජීවත්වීම

මින් අදහස් කෙරෙනුයේ ජීවිතයේ සෑම කාරණයකදීම පිරිසිදුවීමයි. ඔබේ නිවස පිරිසිදුව තියාගන්න, ඔබ පිරිසිදුවන්න, පිරිසිදු වචන භාවිතා කරන්න, සිතිවිලි පිරිසිදු කරගන්න. පිරිසිදු ජීවිතය ගොඩක් ලස්සනයි.


8) සිනාසීම

සිනාසීම ඔබවම සතුටට පත්කරනවාට අමතරව, එය ඔබේ ආකර්ෂණයත් වැඩිකරනවා. ඔබ සිනාසෙන විට ඉන් අන් අයගේ මුවටත් සිනහවක් නැගෙනවා. ඔබේ එම සිනහවීමේ පුරුද්ද අන් අයත් බෝකරගන්නවා නොඅනුමානයි.


9) ඔබටම සංග්‍රහ කරගැනීම

තමන්ටම ආදරය කරන කෙනෙක් ගොඩක් ආකර්ෂණීයයි. ඉතින් ඇයි බලන් ඉන්නේ, ගිහින් ඔබටම සංග්‍රහ කිරීම අරඹන්න. හැබැයි මධ්‍ය වශයෙන් මෙය කරන්න වගබලාගන්න. මන්ද, සීමාව ඉක්මවා තමාවම අගය කරගන්න තැනැත්තන්ට බොහෝ දෙනෙක් අකමැති නිසා. ඔබේ ලස්සන පෙනුම වැඩිවෙන ඇඳුම් පැළඳුම් කට්ටලයක් ගන්න. ඔබේ පාදවල නිය ලස්සන වෙන හැඩගැන්වීමක් ගැන සිතන්න. මෙවැනි සුළු සුළු දේවල් අපේ ජීවිතයට අවශ්‍යයි. එවිට අවට සිටින්නන්ට ඔබ, ඔබ ගැනත් කොතරම් සැලකිළිමත්ද කියන කාරණය අවබෝධවෙනවා. ඔබේ සතුට පැතිරී යනවා.


10) නිහතමානීබව

නිරහංකාරකම ඉතා ආකර්ෂණීය ගුණාංගයක්. මේ ගුණාංගය ඇති අය සෙණෙහස හා මොළොක්බව දසත පතුරවනවා. නිහතමානී පුද්ගලයෙක් සමග කතා කරන්න කවුරුත් කැමතියි. නිහමතමානි බව ඔබව වඩාත් හොඳ පුද්ගලයෙක් බවට පත්කරනවා. එය විස්තර කළ නොහැකි අන්දමින් ඔබව වෙනස්කරනවා.


දැන් ඔබට පැහැදිලියි නේද? පෙනුමට වඩා ඔබ, ඔබව දකින්නේ කෙසේද යන කරුණ වැදගත් බව. ලස්සන ගුණාංග ඇතිකර ගන්න. ඔබේ අභ්‍යන්තරය පිරිසිදු කරගන්න. එවිට ඔබේ ආකර්ෂණීය බව ඔබටම හිතාගන්නවත් බැරි තරමට වැඩිවෙනවා.

SHARE

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here