ර්තමානයේ ගොඩක් අය සන්ධි වල ඇති වන වේදනාවෙන් පීඩා විඳිනවා. මේ රෝගය ඇති වන්නේ සන්ධි පටක ඉදිමීමකට ලක් වීමත් සමඟයි. මෙම රෝගය වැඩි වශයෙන් වැළඳෙන්නේ වයස අවුරුදුන් 45ට වැඩි කාන්තාවන්ට වූවත්, සෙසු අයටත් වැළඳීමේ ඉඩකඩ තියෙනවා. මෙහිදී සිදු වන්නේ ශරීරයේ බර දරා ගන්නා අස්ථි වල කාර්ටිලේජ විජලනය වීම, තුනී වීම සහ ගෙවී යාමයි. අද අපි myfamily.lk හරහා ආතරයිටීස් රෝගය ගැන ලිපියක් ඉදිරිපත් කරන්න තීරණය කළා.




ආතරයිටීස් රෝගය වැළඳීමෙන් ඇති වන අයහපත් ප්‍රතිඵල මොනවාද?

  • හදවතට හානි සිදු වීම
  • පෙනහලු වලට හානි සිදු වීම
  • ස්නායු දුබලතා හට ගැනීම
  • සන්ධි වල ඇති වන අධික වේදනාව
  • සන්ධි ඉදිමීම
  • සන්ධි නැවීමට හා දිගහැරීමට නොහැකි වීම
  • සන්ධි විකෘති වීම
  • සන්ධි ඇතුලත වතුර පිරීම

ආතරයිටීස් රෝගය වැළඳෙන්නේ ඇයි ?

  • වයස්ගත වීමත් සමඟ

වයස්ගත වීමත් සමඟ අස්ථි දුර්වල වේ.

  • අනතුරු වීමෙන්

අස්ථි දුර්වලතාවය පිටින් නොපෙනේ. තමාගේ අස්ථි දුර්වල වන බව දැන ගැනීමට හැකියාවක් නොමැති නිසා මෙය නිහඬ රෝගයක් ලෙස හඳුන්වයි. හදිසියේ සිදු වන වැටීමක් වැනි අනතුරකදී අස්ථි බිදී යයි. අනතුර මඟින් සන්ධියට, සන්ධියට ආසන්න පටකයකට හෝ කාර්ටිලේජයට හානි වීමෙන් මෙම තත්වය ඇති වේ.

  • ස්ථුල බව

සිරුරේ බර අස්ථි වලට දරා ගැනීමට නොහැකි වීමෙන් මෙම තත්වය ඇති වේ.

  • ඊස්ට්‍රජන් හෝමෝනය අඩු වීම

කාන්තාවකගේ ඔසප් වීම අවුරුදු 40 – 50 අතරතුර කාලයේදී නැවතීමත් සමඟ මෙතෙක් අස්ථි ශක්තිමත් වීමට උපකාරයක් වූ ඊස්ට්‍රජන් හෝමෝනය නිපදවීම අඩු වෙනවා.

  • පරම්පරාවෙන් පැවත ඒම

අස්ථි වල දුර්වලතාවය පරම්පරාවෙන් පැවත එන රෝගයක් වෙන්න පුළුවන්. උකුල් ඇටය බිදී යාම පරම්පරාවෙන් පැවත ආ හැකිය.

  • කැල්සියම් ඌණතාවය

කැල්සියම් කියන්නේ අස්ථි වල ශක්තිමත් බව තීරණය කරන ප්‍රධාන සාධකයක්.

  • මත්පැන් හා දුම්වැටි වල බලපෑම

මත්පැන් පානය කරන ඇයගේ අස්ථි ඉක්මනින් දිරා යනවා. දුම්වැටි හා මත්පැන් වල බලපෑම නිසා අස්ථි වල ඛනිජ දිරා යාම සිදු වෙනවා.

  • රැකියා ස්වභාවය

නිතර ඇවිදීමට සිදු වීම, දණහිස් නවාගෙන වැඩ කිරීමට සිදු වීම නිසා අස්ථි දුර්වල වී යා හැක.

  • දියවැඩියාව වැළදී තිබීම

දියවැඩියා රෝගීන්ගේ ප්‍රතිශක්තිකරණය අඩු බැවින්, ශරීරයට විෂබීජ ඇතුල් වන අවස්ථා වලදී පහසුවෙන්ම මෙම රෝගය වැළඳෙනවා.


විසඳුම්

  • ජලය පානය කිරීම

ජලය වැඩිපුර පානය කිරීම අස්ථි සන්ධි වල ඇති කාර්ටිලේජ වලට හිතකරය.

  • කැල්සියම් සහිත ආහාර ලබා ගන්න

කුඩා කළ සිටම කැල්සියම් බහුල ආහාර ලබා ගන්න, යෝගට්, හාල්මැස්සන් ඇතුළු කුඩා මාළු, ධාන්‍ය සහ චීස් ආහාරයට ගන්න.

  • විටමින් ලබා ගන්න

අස්ථි දිරා යාම පාලනය කරන්න විටමින් D වලට පුළුවන්. බිත්තර කහ මද, පීකදු සහ හිරු එළිය මඟින් විටමින් D ලබා ගන්න පුළුවන්. මීට අමතරව අනෙකුත් විටමින් වර්ග ආහාර මඟින් සහ බෙහෙත් මඟින් ලබා ගන්න.

  • ලුණු ආහාරයට ගැනීම අඩු කරන්න

ලුණු අධික ලෙස ආහාරයට ගැනීමෙන් ශරීරයේ ඇති කැල්සියම් ඉවත් වෙනවා. මෙය අස්ථි වලට අයහපත් ලෙස බලපානවා.

  • ව්‍යායාම් කරන්න

ළමා වියේ සිටම ව්‍යායාම කිරීම පසුකාලීනව ඇති වන අස්ථි දුර්වලතා මඟ හරවා ගන්න හොඳ ක්‍රමයක්. බර ඉසිලීම නර්තනයේ නිරත වීම, යෝගා වල නිරත වීම අස්ථි ශක්තිමත් කර ගැනීමට සුදුසු ව්‍යායාම් වෙනවා. ක්‍රියාශීලී දිවියක් ගත කිරීම ඉතා සුදුසුය.

  • වයස්ගත වීමේදී අවදානම් ගැන සැලකිලිමත් වන්න.

ලිස්සිය සුළු තැන් ගැන අවධානයෙන් පසු වන්න. ලෙස්සන සුළු ටයිල්, පාපිසි, පඩි හරහා යාමේදී ප්‍රවේශම් වන්න.

  • එක දිගටම එක තැන වාඩි වී නොසිටීම

අස්ථි වල දුර්වලතා ඇති පුද්ගලයන් විනාඩි 30කට වතාවක්වත් නැගිට ඇවිදීම වැදගත් වෙනවා.

  • වෛද්‍යවරයෙකු හමුවීම

අස්ථි දුර්වලතා එක් වර සුව කළ නොහැකි වුවත්, ක්‍රමානුකූලව බෙහෙත් ලබා ගැනීමෙන් යම් සුවයක් ලබා ගත හැක. භෞතචිකිත්සක වරයෙකු හමුවන්න.

  • බර පාලනය කරන්න

බොහෝ කාන්තාවන් විවාහයෙන් පසු තම පෙනුම, බර ගැන සැලකිලිමත් වන්නේ නැහැ. ශරීරයේ බර වැඩි වීමෙන් අස්ථි දුර්වල වන නිසා ආහාර රටාව ගැන සැලකිලිමත් වන්න

SHARE