නා
ර්සිස්ටික් පෞරුෂයක් සහිත පුද්ගලයෙකුගේ චරිත ලක්ෂණ ගැන අපි පසුගිය ලිපියේ සාකච්චා කළා. එවන් පුද්ගලයෙක් සමඟ විසීම ඔබ හිතනවාට වඩා අපහසු බව ඔබට එයින් තේරුම් යන්නට ඇති. ඒ බව තව තවත් සනාත කරන්නට සමත් වුනු චිත්‍රපට පෙළක් තමයි අද අපි ඉදිරිපත් කරන්නේ. නාර්සිස්ටික් පෞරුෂයක් ඇති අයෙකු සමඟ දිවි ගෙවීමෙන් සාමාන්‍ය මනුෂ්‍යයෙකුට ඇති විය හැකි ගැටළු පිළිබඳව මේ චිත්‍රපට වලින් හොඳින් විස්තර කෙරෙනවා.


Gaslight (1944)

මේ චිත්‍රපටයේ සැමියා තුල නාර්සිස්ටික් පෞරුෂයක් තිබෙන අතර, ඔහු තම බිරිඳව ඇයට මානසික රෝගයක් ඇති බව විශ්වාස කරන තත්වයට පත් කරනවා. ඒ සුක්ෂම ලෙස ඇගේ මනස මෙහෙයවීමෙනුයි.

 

Gone Girl (2014)

මෙම චිත්‍රපටයේ නම් නාර්සිස්ටික් ගතිගුණ ඇත්තේ බිරිඳ තුලයි. ඇයගේ මුරණ්ඩු හැසිරීම ඉවසා ගත නොහැකි තැන ඇගේ සැමියා ඇය සමඟ බහින්බස් වෙනවා. ඒ ගැන වෛරයක් ඇති කර ගන්නා ඇය තම සැමියාව මිනිමරුමකට හසු කර නිවසින් අතුරුදන් වෙනවා. ඒ සඳහා ඇය උපකාර ලබා ගැනීමට ඇගේ පැරණි පෙම්වතාව සුක්ෂමව මෙහෙයවනවා. අවසානයේ පැරණි පෙම්වතා වෙතත් මරණය ලඟා කර දෙනවා.

 

Sleeping with the Enemy (1991)

මේ චිත්‍රපටයේ නාර්සිස්ටික් පෞරුෂයක් හිමි වන්නේ සමියාටයි. තම බිරිඳව යටත් කර තබා ගැනීම උදෙසා මානසිකව සහ ශාරීරිකව පහර දෙනවා. දැඩි නීති රීති රාමුවකට කොටු කරගෙන ඇයව නිවාස තුල සිර කර තබනවා. මේ චිත්‍රපටයේ ඇය තම සැමියා වෙතින් පලා යාමට දරන උත්සාහය ගැනයි කියවෙන්නේ.

 

Holy Hell (2016)

මෙම චිත්‍රපටයේ විස්තර කෙරෙන්නේ නාර්සිස්ටික් පෞරුෂයක් ඇති පූජකයෙක් ගැනයි. ඔහු තම ශ්‍රාවකයන්ව තම වසඟයට ගෙන, ඔවුන්ව අපයෝජනයට ලක් කරනවා. එක් කාන්තාවකව තම මරණාසන්න පියාව බැලීමට යාමෙන් වලක්වන අතර, තවත් කාන්තාවකව ගබ්සාවක් කර නොගත හොත් ආගමික සංගමයෙන් නෙරපන බව කියමින් තර්ජනය කරනවා. මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ ශ්‍රාවකයන් එක් අයෙකුටවත් තමාව අපයෝජනයට ලක් වන බව නොදැනීමයි. ඔවුන් වසර විස්සක් පුරාවට තම පුජකයා පවසන පරිදි තමන් ධර්මානුකුල යහපත් ජිවිතයක් ගත කරන බව දිගින් දිගටම විශ්වාස කරමින්, අපයෝජනයට ලක් වෙමින් ජිවත් වෙනවා.  

 

Fatal Attraction (1987)

විවාහක පිරිමියෙක් තාවකාලිකව ඇති වුනු හැඟීමක් මත වෙනත් ගැහැනියක් සමඟ ලිංගික සබඳතාවකට එළඹෙනවා. නාර්සිස්ටික් පෞරුෂයක් ඇති මේ ගැහැණියට විවාහකයාව තමා සතු කර ගන්නට අවශ්‍ය වෙනවා. ඇය විවාහකයාව තමා සතු කර ගන්නට දරන බිහිසුණු උත්සාහයනුත්, විවාහකයා ඇගෙන් මිදී, තම විවාහ ජීවිතය රැක ගැනීමට උත්සාහ කරන ආකාරයත් මේ චිත්‍රපටයෙන් විස්තර කෙරෙනවා.

නාර්සිස්ටික් පෞරුෂයක් සහිත පුද්ගලයෙකුගේ චරිත ලක්ෂණ පිලිබඳ ලිපිය: අවධානයෙන් සිටින්න. ඔබේ පෙම්බරා තුලත් මෙවැනි අසාමාන්‍ය ලක්ෂණ සැඟවී තිබිය හැකියි

 


SHARE