සෞ
ඛ්‍යමත් ජිවිතයක් ගත කිරීමට ලැබීම විශාල භාග්‍යයක්. ඔබේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීමට අවශ්‍ය නම්, ඔබ ඔබේ එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන දේවල් දෙස වඩාත් සමීපව බැලීමට සිදු වේවි. ඔබට හානි කර දේවල් ඉවත් කර ඒ වෙනුවට විකල්පයන් භාවිතා කිරීමට සිදු වේවි. පහත සඳහන් අන්තරාදායක තත්වයන් හඳුනාගෙන, ඒවා මඟහරවා ගැනීම සඳහා ඔබට පියවර ගත හැකිය.


  • හිරු එලියට නිරාවරණය වීම

බොහෝ වෛද්‍ය පරීක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ  හිරු එළියෙන් හෝමෝන අසමබරතා හා සමේ පිළිකා ඇතිවීමට හේතු විය හැකි බවයි. ගොඩක් දෙනෙක් හිරු එලියට නිරාවරණය වන්නේ වැඩි දුර නොසිතායි. සමහරුන් හිරු එලියට නිරාවරණයට අකමැති වන්නේ සමේ පැහැපත් බව නැති වේවි යන බිය නිසා මිස, එහි ඇති අවදානමට බියේ නොවෙයි.

ඉහළ ගුණත්වයකින් යුත් Sunscreen නිෂ්පාදන පමණක් තෝරා ගන්න. එහි අඩංගු ද්‍රව්‍ය දෙස විමසිල්ලෙන් බලන්න. ඒවායේ කිසිදු පිළිකා කාරකයක් අඩංගු නොවන බව සහතික කර ගන්න.

 

  • ඔබ භාවිතා කරන කෝප්ප සහ පිඟන් වල අඩුපාඩු

ඔබ භාවිතා කරන ඇතැම් විසිතුරු භාජන භයානක විය හැකියි. ඒවායේ ඇති කැටයම් වල රැඳෙන ආහාර ද්‍රව්‍ය සම්පුර්ණයෙන් ඉවත් කිරීමට නොහැකි විය හැකියි. ඒවා ඉවත් කිරීමට හා පිරිසිදු කිරීමට ක්‍රමයක් නොමැති වූ විට දිලීර වර්ධනය වන අතර, මෙම බඳුන් වල ආහාර හෝ පානයන් ලබා ගන්නා සෑම අවස්ථාවකදීම අනතුරුදායක දිලීර ඔබගේ ශරීරයට ඇතුල් වේ.

 

ආහාර රැඳීමට ඉඩක් නොමැති, සම්පුර්ණයෙන් සේදිය හැකි බඳුන් පමණක් තෝරා ගන්න. එමෙන්ම භාවිතයෙන් පසු හොඳින් සබන්/ සබන් දියර යොදා සෝදා ගන්න.

 

  • මවුත් වොෂ්

සබන් සහ ෂවර් ජෙල් වල මෙන්ම බොහෝමයක් මවුත් වොෂ් වල Triclosan රසායනිකය අඩංගු වේ. මෙම රසායනිකය හොඳ බැක්ටීරියා පවා විනාශ වන අතර අසාත්මිකතා, හෝමෝන අසමතුලිතතා හා හෘදයාබාධ පවා ඇති විය හැකිය. 

දත්වල ආසාදන ඇති හෝ වීදුරු මස් වල ආසාදන ඇති අය පමණක් මවුත්වොෂ් භාවිතා කරන්න. ඔබට දන්ත ගැටළු නොමැති නම් මේවා දිනපතා භාවිතා කිරීම සුදුසු නොවේ.

 

  • බ්ලෙන්ඩරය

ඔබ බ්ලෙන්ඩරයේ රබර් කොටස් සෝදා ගැනීමට වැඩි උනන්දුවක් දක්වන්නේ නැහැ නේද?   එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔබගේ බ්ලෙන්ඩරය බැක්ටීරියා සඳහා වඩාත් හිතකර ස්ථානයක් බවට පත් වේවි. 

මේ නිසා ඔබ බ්ලෙන්ඩරය භාවිතා කරන සෑම විටම එය සෝදා ගැනීමට අමතක නොකරන්න.

 

  • සේදීම සඳහා භාවිතා කරන අතුල්ලනයන්

සමේ මැරුණු සෛල ඉවත් කිරීමට උපකාර වන නිසා, මේ අතුල්ලනයන් භාවිතා කර සම සෝදා පිරිසිදු කිරීම හොඳය. කෙසේ වෙතත් ඔබ ඒවා තැම්පත් කර තබන්නේ නානකාමරයේ නම්, ඔබ මඳක් මේ ගැන සැලකිලිමත් විය යුතුයි. උණුසුම් හා තෙත නාන කාමර තුල තැම්පත් කරන මෙම අතුල්ලනයන් බැක්ටීරියා වල වර්ධනයට ඉතා හිතකර ස්ථානයක් වෙනවා. හුඟක් අය මේ අතුල්ලනයන් දිගු කලක් තිස්සේ පාවිච්චි කරන අතර, ඒවා ඔවුන්ගේ සෞඛයයට හානිකර බව දන්නේ නැහැ.

බැක්ටීරියා වර්ධනය වළක්වා ගැනීම සඳහා ඔබට විකල්පයක් ලෙස ස්වාභාවික ද්‍රව්‍ය වලින් සාදන ලද අතුල්ලන භාවිත කළ හැකිය. ඔබ සැබවින්ම ඔබේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් නම්, මේ අතුල්ලනයන් අවම වශයෙන් මාසයකට වරක්වත් මාරු කරන්න.

 

  • රාත්‍රියේ රූපවාහිනිය නැරඹීම

නිදා ගන්න කලින් ටීවී බලන එක හැමෝගෙම පුරුද්දක් වෙලා ඉවරයි. ඒත් ඔබට හැකි තරම් රාත්‍රියේදී ටීවී බලන එක සීමා කරන්න. මොකද කියනවා නම්, මේ පුරුද්ද ඔබව නිදි වර්ජිත කිරීමට හේතු වෙනවා. රූපවාහිනී තිරයෙන් නිකුත් වන කෘතිම ආලෝකය අහිතකර වන අතර, එය ඔබේ මොලයේ ක්‍රියාකාරිත්වයට බාධා පමුණුවයි. ඔබේ නින්ද ඇති කරවන හෝමෝන වල සංයුතිය වෙනස් කරයි. එමෙන්ම රාත්‍රී චිත්‍රපට, ප්‍රවෘත්ති වල මානසික ආතතිය වැඩි කරන සිදුවීම් අඩංගු විය හැක. එහි ප්‍රතිඵලයක් ලෙස ඔබ නිදි නොලැබීමේ ගැටලුවට මුහුණ දීමට සිදු වේවි.

මෙම ලිපියේ දෙවන කොටස සඳහා පිවිසෙන්න – 

ඔබ වැඩි දුර නොසිතා කරන මේ දේවල් වලින් ඔබට අනතුරක් විය හැක – 2 කොටස


SHARE