ලංකාවේ අපිට අනිවාර්යෙන් ආහාර වේලක තිබිය යුතුම දෙයක් තමයි ලුණු කියන්නේ. ලුණු පොඩ්ඩක් අඩු වුණත් කෑම කන්න අදි මදි කරනවා නේද ? කොහොම හරි ලුණු ටිකක්එ කතු කරගෙන මිසක් කෑම ගන්නේ නෑ. ඔබ දන්නවාද අපි නිතරම ආහාරයට එක් කරගන්න ලුණු, රස තරම්ම අපේ ශරීරයට හිත කර නෑ. ඒ නිසාමයි අපි හිතුවේ ලුණු ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් ගැන ඔබව දැනුවත් කරන්න.




1. අධික පිපාසය

ලුණු බහුල ආහාර අපි ආහාරයට ගත්තාම ගොඩක් වෙලාවට අපිට පිපාසයක් දැනෙනවා. මේ අදිකව දැනෙන පිපාසය මඟ හරින්න නම් එපා. චිප්ස් වගේ ලුණු බහුල ආහාර ගත්තම ඔබ හැකි තරම් වතුර පානය කරන්න. මේ තුලින් ඔබගේ සෛල වල ලුණු සාන්ද්‍රණය සමතුලිත කිරීමේ හැකියාව ඇත.


2. ඔබගේ ශරීරය ඉදිමීම

ඔබ දන්නවද රාත්‍රියට අධික ලෙස ලුණු ආහාරයට ගැනීමෙන් ඔබගේ උදැසනට ඔබගේ ශරීරය ඉදිමුම් ඇති විය හැකි බව. මෙම තත්වය edema ලෙස හදුන්න්වනවා. මෙහිදී සිදු වෙන්නේ ඔබගේ මාංශ පෙශින්වල වල අමතර ජාල තරලයක් එකතු වීමයි. මෙය ඇත්තටම සමයට පවත්නා රෝග ලක්ෂණයක්. මෙය ඔබ ගන්න ලුණු ප්‍රමාණය ඉතාමත් අධික බවට ඔබට කරන සඤ්ඤාවක්. ඒ නිසා ඔබ වම විටම ලුණු අඩු අහාර ගැනීමට සැලකිලි මත් වෙන්න.


3. මුත්‍රා ගල් ඇති වීම

ඔබ අධ්ක ලෙස ලුණු ආහාරයට ගනීමෙන්ඔ බගේ යුරින් වලට ප්‍රෝටීන්එ කතු වීමක් සිදු වෙනවා. මෙය පසු කාලීනව මුත්‍රා ගල් ලෙස වර්දනය වෙනවා. මෙය ඉතාමත් අවදානම් සහගත තත්වයක්. ඔබගේ යටි බඩේ වේදනාවක් දැනෙනවානම් ඔබ අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙකුව මුණ ගැසිය යුතුයි.


4. බඩ වැල්වල තුවාල ඇති වෙන්න පුළුවන්

ඕනවට වඩා ලුණු ආහාරයට ගැනීම ඔබගේ බඩ වැල් වල තුවාල ඇති වීමට හේතුවක්. මෙය පිළිකා තත්වයක් ලෙසද වර්දනය විය හැකියි. අපි කට පිනවන්න හිතාගෙන ලුණු ආහාරයට ගත්තට ඇත්තටම එයින් වන අතුරු ප්‍රතිපල නම් ඉතාමත් භයානකයි. එම නිසා ඔබ සැමවිටම ඉතාමත් අඩුවෙන් ලුණු ආහාරයට ගැනීමට පුරුදු වෙන්න.


5. අධි රුධිර පීඩනය

ඔබ දන්නවද සමාන්‍යයෙන් අපි දිනකට ලුණු ආහාරයට ගත යුත්තේ මිලිග්‍රෑම් 1,500 පමණ ප්‍රමණයක්. නමුත් නිමිත ප්‍රමාණය ඉක්මවා ලුණු ආහාරයට ගැනීමෙන් ඔබ රෝගී තත්වයට පත් විය හැකියි. ඔබ ඕනවට වඩා ලුණු කන කෙනෙක් නම් ඔබට අධි රුධිර පීඩන තත්වයක් වුවද හට ගන්න පුළුවන්. මෙය තත්වය ඉතාමත් භයානකයි. ඔබ මනා පාලනයකින් ලුණු ආහාරයට ගන්නවානම් මෙම තත්වය මඟ හරවා ගන්න පුළුවන්.


6. ලුණු වෙනම සංග්‍රහ කරන්න.

ඔබ ආහාර පිළිගැන්විමේදී ලුණු වෙනම සන්ග්‍රහ කරනවා නම් ඉතාමත් හොදයි. එවිට අවශ්‍ය ප්‍රමාණයට ලුණු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. දිනකට අපට අවශ්‍ය වන්නේ ලුණු මිලිග්‍රෑම් 1,150 පමණයි. ඒ කියන්නේ තේ හැන්ඳකින් එකක් පමණ. ඒ නිසා ප්‍රමාණවත්ව ඔබගේ ශරීරයට හිතකර ආකාරයට ලුණු ආහාරට ගන්න. කිසිම වෙලාවක් කට පිනවන්න ගිහින් ඔබ නිරෝගීත්වය නැති කර ගන්න එපා.

SHARE