පේ සමාජයේ මතයක් තමයි කඳුළු සැලීමේ අයිතිය ඇත්තේ කාන්තාවන්ට පමණක් බව. කඳුළු සැලීම දුර්වල කමේ ලක්ෂණයක් බවත්, පිරිමින් යනු ශක්තිමත් බවේ සංකේතයක් බවත් විශ්වාස කරන සමාජය පිරිමින්ගේ කඳුළු වලට තහංචි දමනවා. කඳුළු සැලීම කියන්නේ ඇත්තටම දුර්වල කමේ ලක්ෂණයක්ද? අද අපි myfamily.lk වෙබ් අඩවිය ඔස්සේ මේ ගැන කතා කරන්නට තීරණය කළා.


මිනිසා තුල කෝපය, දුක සහ බිය ඇතුළු විවිධාකාර හැඟීම් පහල වෙනවා. කාන්තාව පහසුවෙන්ම තමා තුල ඇති වන කෝපය, දුක සහ බියජනක හැඟීම් පිට කර දැමුවත් පිරිමින් එසේ කිරීමෙන් වැලකි සිටිනවා. පිරිමි පක්ෂය පිට කරන්නේ තමන්ගේ කෝපය පමණක් බවත්, අනෙකුත් හැඟීම් තමා තුලම සඟවා ගන්නා බවත් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබෙනවා. ඇත්තෙන්ම මෙවැනි තත්වයක් ගොඩ නඟා ඇත්තේ සමාජය විසින්මයි.

කුඩා පිරිමි දරුවෙකු අඬන විටදී “චිකේ පුතා ගැහැණු ළමයෙක් වගේ අඬන්න ලජ්ජා නැද්ද?” කියා විමසන්නට සමාජය හුරු වී සිටිනවා.

 

නමුත් දුකේදී කඳුළු සැලීම කියන්නේ ප්‍රයෝජන රැසක් අත් කර දෙන, වේදනාවන් පහ කර දීමට උපකාරී වන ස්වභාවික ප්‍රතිකාරයක්. ඔබ ළදරු වයසේදී ඇති වූ දුක් සහගත හැඟීම් පිට කලේ කඳුළු සැලීමෙන්. ඒ කඳුළු සැලීම තුලින් අත් වන ප්‍රතිලාභ මිනිසාට උපතේ සිටම හිමි වී පැවතීම නිසයි. නමුත් ඔබ වැඩිහිටි වියේදී කඳුළු සැලීමෙන් වැලකි සිට ඒ අනර්ඝ ප්‍රතිකාර ක්‍රමය නොසලකා හරිනවා.    

 

  • සිතට සැනසීමක් ලබා දෙනවා

කඳුළු කියන්නේ තමාටම තමාව සනසා ගැනීමට ස්වභාව ධර්මය විසින් ලබා දී ඇති හොඳම දායාදයයි. දුක කඳුළු මඟින් පිට කිරීමේදී ඔබේ ස්නායු පද්ධතිය ක්‍රියාකාරී වීම, සිරුරට සහ මනසට විවේකයක් හිමි වීම, සැනසුම් සහගත හැඟීම් පහල වීම සිදු වෙනවා.

 

  • ඔක්සිටොසින් ඇතුළු සහනදායී හෝමෝනයන් ශ්‍රාවය වීම

කඳුළු සැලීමේදී සිරුරට සහ මනසට ලිහිල් බවක් ගෙන දෙන සහනදායී හෝමෝනයන් නිකුත් වන්නට පටන් ගන්නවා.

 

  • ඔබේ මනස සුවදායි කරවීම

කඳුළු සලිමෙන් පසුව ඔබේ මනසට සුවදායි තත්වයක් ලැබෙනවා. ඔබ කඳුළු සලන විට ඉක්මනින් හුස්ම ඉහල පහල දමනවා. එමෙන්ම ඔබේ මොලයේ උෂ්ණත්වය පහල බසිනවා. මොලයේ උෂ්ණත්වය වැඩි අවස්ථාවකදී ඔබේ මනසට දැනෙන්නේ දැඩි විඩාවක්. නමුත් ඔබේ මොලයේ උෂ්ණත්වය නිසි ලෙස නියාමනය වීමෙන් ඔබේ මානසික පීඩාවන් දුරු වී යනවා.  

 

  • දුක ඇති වීම නිසා මනසට ඇති වූ හානි ඌණපූරණය කර ගත හැකි වීම

දුක ඇති වීම නිසා මනසට හානි සිදු වෙනවා. නමුත් සාර්ථක කඳුළු සැලීමකින් පසුව එය යතා තත්වයට පත් වෙනවා. ඔබට අහිමි වූ දේවල් පිළිගැනීමට ශක්තිය ලැබෙනවා. දුක නිසා එහා මෙහා වූ හැඟීම් යලි සකස් වී සමතුලිත භාවයකට පත් වෙනවා.

 

එසේ නම් කඳුළු සැලීම කාන්තාවන්ට පමණක් හිමි දෙයක් යැයි සමාජය තුල බැසගෙන ඇති මතය බැහැර කිරීමට කාලය එළඹ තිබේ. මන්දයත් වේදනාව පිට නොකර සිර කරගෙන සිටීම බොහෝ ශාරීරික සහ මානසික ගැටළු වලට හේතුවක් විය හැකි නිසයි.


SHARE