පි හැමෝම අපේ ස්වාමි පුරුෂයන්ට ආදරෙයි. ඔවුන් ගොඩක් කැපකිරීම කරනවා, පවුල වෙනුවෙන් වෙහෙසෙනවා, හා ඔවුන් එකිනෙකා වෙනස් වෙනස් ආකාරයෙන් අපිට ආදරය කරනවා.

හැබැයි සමහර ස්වාමිපුරුෂයන් වෙන වෙන දේවලත් පැටලෙනවා. ඒ කෙසේ වෙතත්, ඔබේ සැමියා ඔබට “ඇත්තටම” ආදරෙයිදැයි යන කරුණ සනාථ කරගැනීමට ඔබට උපකරීවෙන ලක්ෂණ 10ක් මේ ලිපියෙන් විස්තර කෙරෙනවා.



1) ඔහුගේ මිතුරන්ට ඔහු පුරසාරම් දොඩවනවා

ඔහුගේ මිතුරන් මුණගැසුනු විට, ඔහු එය හොඳ අවස්තාවක් කරගන්නවා පුරසාරම් දොඩන්න. ඔබ හා ඔබගේ මව වෙනුවෙන් ඔහු කොතරම් වෙහෙසවී වැඩ කරනවාද, ඔහු කොතරම් ඔබ කරන දේවල් අගය කරනවාද, ඔබට කොතරම් ආදරෙයිද, ඔබේ ආදරය ඔහුට කොතරම් වටිනවාද, යන දේවල් ගැන පුරාජේරු කියනවා. මෙය ඔහු ඔබට ඇත්තටම ආදරේයි බව පෙන්වන ලක්ෂණයක්.


2) ඔහු ආරක්ෂකයෙක්

ඔහු ඊර්ෂ්‍යා නෑ, නමුත් ඔහු ඔබව ආරක්ෂා කරනවා. ඔබේ සුවපහසුව හා ආරක්ෂාව ගැන ඔහු ගොඩක් හිතනවා. තම බිරිඳට ඇත්තටම ආදරය කරන ස්වාමි පුරුෂයෙක් එම ආරක්ෂාව ලබාදීම කිසිදා නවතන්නේ නෑ.


3) ප්‍රශංසාව/වර්ණනාව

ඔබේ ලස්සන ඔහු හඳුනා ගන්නවා. ඔබ තරම් ලස්සන බිරිඳක් ලැබීම කොතරම් වාසනාවක් දැයි ඔහු ඔබට ඒත්තු ගන්වනවා. පිරිමින් සරලයි. ඔහුගේ බිරිඳ ලස්සනයි නම්, ඔහු ඒ බව අනිවාර්යෙන්ම පවසනවා.


4) ඔහුගේ වරද පිළිගැනිම

සාමාන්‍යයෙන් පිරිමි “තමා වැරදියි” කියල පිළිගන්න මැලිකමක් දක්වනවා. කාන්තාවනුත් එහෙමයි. නමුත් තම වරද පිළිගන්නා පිරිමියා (ඔහු ඇත්තටම වැරදි නැතත්) ඇත්තටම හා ගැඹුරින් ඔබට ආදරෙයි. ඔබේ සැමියා සතුවත් මේ ලක්ෂණය තියෙනවා නම්, ඔබ ජයග්‍රාහකයෙක්.


5) ඔහු ඉවසිලිමත්

සැම බිරිඳක් හා සැමියෙක් මේ ලක්ෂණය තමයි ප්‍රගුණ කළ යුත්තේ. විවාහ දිවිය යනු හැලහැප්පීම් හා ගැටළු ඇතිවෙන ඉසව්වක්. ඔබේ වැරද්දක් දුටුවත් ඔහු ඉවසනවාද? ඔහු ගැටළුවක් නිරාකරණ‍ය කරන්නේ ඉවසීමෙන්ද? ඉවසීම අතින් ඔහු ඔබටත් ආදර්ශයක්ද? එහෙනම් ඔහු විශිෂඨයි. ඔහුගේ හදවතට පින් දෙන්න.


6) ඔහු ඔබට ඇහුම්කන් දෙනවා

ඔබේ සැමියාත් ඔබ කියන දේවල් ඔබ සමග පුටුවක හිඳ හොඳින් ඇහුම්කන් දෙනවාද? එහෙනම් ඔහු ඔබට ඇත්තටම ආදරෙයි. ඉන් කියවෙන්නේ ඔහු ඔබේ අදහස් හා සිතුවිලි වලට ප්‍රමුඛ ස්ථානය ලබාදෙන බවයි.


7) එක සමානව සැලකීම

ඔහු ඔබට එක සමාන ලෙස ගරු කරන අතර ඔබේ අදහස් හා මතයන්ට වටිනාකමක් දෙනවා. ඔබේ මතයන් ඔහු විමසනවා යනු, ඔහු විවාහ දිවිය තුල ඔබටත් එක සමාන අයිතීන් දී එක සමාන ලෙස සලකනවා කියන එකයි. යම් තීරණයක් ඔහු තනිව ගන්නේ නෑ. ඔබේ අදහසත් ඔහුට ගොඩක් වටිනවා. ඒ සමානාත්මතාවය ඔබට හිමිවිය යුතුයි.


8) ඔබ වෙනුවෙන් කරන කැපකිරීම්

ඔහු ඔබත් සමග වෙළඳසැලට ගොස් ඔබ තෝරාගන්නා දේ වලට ඔහුගේ සහයත් දෙනවාද? ඒ ඇඳුමට ඔබ කොච්චර ලස්සනයිද කියා හදවතින්ම ඔහු මතය පලකරනවාද? කාන්තාවන් වෙළඳ සවාරි යාමේදී වැඩි කාලයක් ගැනීම ප්‍රචලිත කරුණක්. ඔබ කැමැති දේට ඔහු හවුල්කරුවෙක් වෙන්නේ ඔබේ කැමැත්තට ගරුකර නිසා නම්, ඔහු තමයි ඔබේ ලොකුම රසිකයා. ඔහුගේ ඒ කැපකිරීමට ගරුකර ආදරයෙන් ඔහුට ක්‍රතගුණ දක්වන්න.


9) ඔබේ පවුල ගැන දැනගැනීම ඔහුට අවශ්‍යයි

ඔබේ මව හා පියාට කොහොමද? ඔවුන් සනීපෙන් සිටිනවාද? ඔවුන්ගේ අසනීප තත්වයන් දැන් කොහොමද? මේ දේවල් ගැන ඔහු නිතර ඔබෙන් අසනවාද? එහෙනම් ඔබ විවාහ වී සිටින්නේ අන් අය ගැන සොයා බලන හා අන් අයට කරුණාව දක්වන නියම මහත්මයෙක් සමගයි. ඔහුට පෙර ඔබට ආදරය කළ අය ගැනත් ඔහු සාවදානයි. එය විශිෂ්ඨ ගුණයක්.


10) ඔබටයි මූලික තැන

බිරිඳ ප්‍රමුඛත්වයට සමානයි. ඔබට ඇත්තටම ආදරය කරන සැමියාගේ ප්‍රමුඛස්තානය හිමිවෙන්නේ ඔබටයි. සෑම අවස්තාවකම එය එහෙමයි.

මේ ලිපියේ දක්වා ඇති ලක්ෂණ ඔබේ සැමියා සතුවත් තියෙනවාද. ඉන් කීපයක් හරි. වචන වලට වඩා ක්‍රියා බලවත් බව ඔබ දන්නවානේ? ඔබට හමුවී ඇත්තේ නියම මහත්මාගති ඇති ස්වාමිපුරුෂයෙක්.

SHARE

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here