ගොඩක් පිරිමි අයට තියන ගැටළුවක් තමයි තමන්ගේ ආදරය ප්‍රකාශ කරන එක. ඒ නිසාම බොහෝ වෙලාවට පිරිමි අය නිහඬව තමන්ගේ ආදරය ප්‍රකාශ කරනවා. ඒ විධියට පිරිමි පාර්ශ්වය නිහඬව ආදරය පෙන්වීමට කරන දේවල් ගැන තමයි අද කියන්න යන්නේ. ඔබේ පෙම්වතා හෝ සහකරුවාත් මෙවැනි දේවල් කරනවා නම් ඔහුත් ඔබට නිහඬව ආදරය කරනවා වෙන්න පුළුවන්.



01) ඔබට හොරෙන් ඔබ දෙස බලා සිටීම

ඔබේ අවධානය වෙනතක තියෙන වෙලාවක ඔහු ඔබ දිහා බලාගෙන ඉන්නවා ද? එහෙනම් ඔබේ සහකරුවත් ඔබට ගොඩක් ආදරය කරන කෙනෙක්.


02) “අපි” යන්නෙන් කතා කරයි

ඔහුගේ පෞද්ගලික දෙයක් වුවද පවසන විට ඔහු අපි යනුවෙන් ඔබවත් සම්බන්ධ කර කතා කරනවා නම් ඔහු ඔබට බෙහෙවින් ආදරය කරයි. එයින් කියවෙනුයේ ඔබ ඔහුගේ ජීවිතේ වටිනා කොටසක් බවට පත් වී ඇති බවයි.


03) නිතරම ඔබව සිනහ ගන්වයි

තමන් ආදරය කරන කාන්තාව සිනහවෙන් සිටිනවා දැකීමට පිරිමින් ඉතාම කැමතියි. එනිසා ඔහු හැකි සෑමවිටම ඔබව සතුටින් සහ සිනහමුසුව තැබීමට උත්සහා කරයි.


04) ඔහු කෙතරම් කාර්යබහුල වුවත් ඔබගේ කටයුතු වලට උදව් කරයි.

ඔහුට කාර්යාලයේ හෝ වෙනත් කොපමණ වැඩ තිබුනත් ඔබ උදව්වක් ඉල්ලු විට අනෙක් සියල්ල පසෙක දමා ඔබට උදව් කරනවා නම් එයින් කියවෙන්නේ ඔහු ඔබට දැඩි සේ ආදරය කරන බවයි.


05) සෑම අසීරු අවස්ථාවකදීම ඔබ වෙනුවෙන් සිටියි

ඔහුගේ ඇතැම් ක්‍රියා වචනයෙන් ආදරය ප්‍රකාශ කරනවාට වඩා ආදරණීය වේ. ඔබ යම් කරදරයකට, අපහසුතාවයකට ලක් වූ විට ඔහු ඔබ වෙනුවෙන් සිටියි නම් ඔහු ඔබට සැබවින්ම ආදරය කරයි. කවුරුන් ඔබව අතහැර ගියත් ඔහු ඔබ වෙනුවෙන් සිට ඔබේ දුක බෙදා ගන්නේ නම් ඔහු පවසන්නේ ඔහු ඔබට ආදරය බවයි.


06) ඔබට සීතල දැනෙන විට ඔබව පොරවාවී

ඔබ පුටුව උඩම නින්දට වැටී සිටින අවස්තාවක ඔබව උණුසුම් කිරීම සඳහා ඔහු රෙද්දකින් ඔබව ආවරණය කරාවි. ඔහු එතරම්ම ඔබ පිලිබඳ සැලකිලිමත් වේ. ඔබේ සුවපහසුවෙන් සිටීමෙන් ඔහු සතුටු වෙයි.


07) ඔබ ලස්සන බව ඔබට දැනෙයි

ඔහු ඔබ ලස්සන බව ඔබට නිතර නිතර නොපැවසුවද ඔහු සමග සිටින විට ඔබ ලස්සන යයි ඔබට දැනෙයි. ඔහු ඔබ ලස්සන බව විශ්වාස කරයි.


08) ඔහුගේ ජීවිතේ පළමු තැන ඔබයි

අන් කිසිම කෙනෙකුට වඩා ඔහු ඔබට සැලකිල්ලක් දක්වන්නේ නම් ඔහුගේ ජීවිතයේ පළමු තැන හිමි වන්නේ ඔබටයි. එනම් ඔහුට ඔබට වඩා වටිනා කෙනෙක් නැත.


09) ඔබට වැදගත් වන සෑම දෙයක් ම ඔහු මතකයේ තබා ගනියි.

ඔබ හා සම්බන්ධ සුළු දේවල් පවා ඔහු මතකයේ තබා ගනියි. ඔබ කැමති අකමැති දේ, ඔබේ ජීවිතේ සෑම විශේෂ දෙයක්ම ඔහුට ද විශේෂ වේ. ඔහු ඒ කිසිවක් අමතක නොකරයි.


10) ඔබෙන් කිසිවක් නොසඟවයි

ඔහු ඔබ සමග ඔහුගේ ජීවිතයේ සෑම දෙයක්ම බෙදා හදා ගන්නේ නම් ඔහු ඔබට සැබවින්ම ආදරය කරන කෙනෙකි. ඔහු ඔබෙන් කිසිවක් සඟවන්නේ නැති නම් ඉන් අදහස් වන්නේ ඔහු ඔබව සම්පුර්ණයෙන්ම විශ්වාස කරන බවයි.


11) හැම දෙයක්ම පළමුවෙන්ම ඔබට පවසයි

ඔහුගේ ජීවිතයේ සෑම දෙයක්ම ඔහු පළමුවෙන්ම ඔබට පවසයි නම් සැබවින්ම ඔහු ඔබට ආදරය කරයි.


12) ඔහු ඔබට ගරු කරයි

ඔබේ සහකරුවා ඔබට නිසි ගෞරව කරන්නේ නම් ඔහු ඔබට ආදරය කරන කෙනෙකි.


13) ඔබේ සතුට ඔහුගේත් සතුටයි.

ඔබ දුකෙන් සිටින විට ඔහුට සතුටින් සිටිය නොහැකියි. ඔබ සතුටින් නම් ඔහුත් සතුටින් සිටියි. ඔහුට ඔබේ සතුට බලා සතුටු විය හැකි නම් ඔහු ඔබට බෙහෙවින් ආදරය කරයි.


14) ඔබගෙන් සමාව ගනියි

ඔහු ඔබට ආදරෙයි නම් ඔහු ඔහුගේ වැරදි පිළිගැනීමට මැලි නොවෙයි. ඔහු නිසා ඔබට දුකක් දැනුනේ නම් ඔහු එයට ඔබගෙන් සමාව ගනියි.


15) ඔහු ඔබගේ පවුලේ අයට සහ යහළුවන්ට සුහදශීලී වේ.

ඔහු ඔබට සැබවින්ම ආදරය කරන්නේ නම් ඔබට වැදගත් වන පුද්ගලයන් සමග ද සුහදශීලී වීමට උත්සහ කරයි. එනිසා ඔහු ඔබේ පවුලේ අය සහ ඔබේ යහළුවන් සමග සුහදශීලී වේ.


16) සැලසුම් සාදයි.

ඔහු ඔබට ආදරය කරන්නේ නම් ඔහුගේ අනාගතයට ඔබත් අයිති වේ. එනිසා ඔහු ඔබ දෙදෙනාගේ අනාගතය සැලසුම් කරයි. ඔබට ඒ පිළිබඳ පවසයි.

SHARE

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here