ලෝකය තුල, මිනිසුන් තුල තිබෙන සමහර ලක්ෂණ හරිම අත්භූතජනකයි. මේ බව සනාථ කිරීමට සමත් වන කරුණු රැසක් myfamily.lk අපට හමු වුණා. සමහර කරුණු හාස්‍යජනක වන අතර, සමහර කරුණු සත්‍යයදැයි විශ්වාස කිරීමට අපහසු වන තරමට ඔබව පුදුමයට පත් වේවි. ඉතින් මේ කරුණු කියවා දැනුවත් වන්න.




ප්‍රංශයේ මැරුණු මිනිසුන් සමඟ විවාහ වීම නීතිගත කර තිබේ

මළ පුද්ගලයෙකු හා විවාහ වීමට නීතියෙන් අවසර ඇති අතර, ඉන්පසුව මළගිය පුද්ගලයා අදාළ පුද්ගලයාගේ සහකරු ලෙස නීතියෙන් පිලිගන්නවා.  

පැස්බරාගේ මොළයේ ප්‍රමාණය උගේ ඇසක ප්‍රමාණයට වඩා කුඩාය

පැස්බරාගේ ඇසක ප්‍රමාණය බිලියඩ් බෝලයකට සමාන කළ හැක. නමුත් උගේ මොලයේ ප්‍රමාණය වෝල්නට් ගෙඩියක ප්‍රමාණයට සමාන වේ.

පහත දැක්වෙන දම්වැල් කියත නිපදවා ඇත්තේ දරුවන් බිහි කිරීමේ අවස්ථාවේදී ප්‍රයෝජනයට ගැනීමටය

වර්ෂ 1830දී විකලාංග චිකිත්සකවරයෙකු වූ Bernhard Heine විසින් මෙම ශල්‍ය උපකරණය නිපදවා ඇත. මේ උපකරණය ඇට කටු කැපීම සඳහා භාවිතා කර ඇත.

අයිස්ලන්තයේ අවුරුදු 60ක් පුරාවට සුනඛයන් ඇති කිරීම තහනම් කර තිබුණි

මේ තහනම අයිස්ලන්තයේ පනවන ලද්දේ 1924 වර්ෂයේදීයි. මෙයට හේතුව වූයේ සුනඛයන්ගෙන් පණු රෝග බෝ වන බව සනාථ වීමයි. ඒ අවධියේ පැතිර ගිය පණු රෝගය නිසා බඩවැල් ආසාදනය සහ අන්ධභාවය ඇති වුණා.1984 වර්ෂයේ මෙම තහනම ඉවත් කරන තුරුම අයිස්ලන්තයේ ප්‍රියතම සුරතලා වූයේ බළලුන්ය.

“Anatidaephobia” කියන්නේ තාරාවන් දැකීමේදී බිය වීමේ රෝගයයි

මකුළුවන්ට, සර්පයන්ට, කුරුමිනියන්ට බිය වන මිනිසුන් ඕනෑ තරම් සිටින බව ඔබ අහලා ඇති. ඒත් තාරාවන් දැකීමෙන් බියට පත් වන රෝගයක් ඇති බව ඔබ කලින් අහලා තියෙනවාද?


මෙම ලිපියෙ දෙවෙනි කොටස සදහා පිවිසෙන්න –

අප සිතනවාට වඩා ලෝකය අත්භූත බව සනාථ කරන කරුණු 10ක් -2 කොටස

SHARE