A

nam Tanoli කියන්නේ පකිස්තානු නිරූපිකාවක්. වයස අවුරුදු 26ක් වන විට ඇය පකිස්තානු නිරූපණ ක්ෂේත්‍රයේ නැගී එන තාරකාවක් වෙලයි හිටියේ. ඒත් හදිසියේම ලාහෝරයේ පිහිටි ඇගේ නිවසේදී ඇය මෙසේ සිය දිවි නසා ගන්නා ලදී. ඊට පෙර ඇය ඇයගේ සියදිවි නසා ගැනීමට හේතුව ඉඟි කරමින් අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කර තිබුණා.  



 

ඒ වීඩියෝවේ ඇය ඇඳගෙන සිටින ටීෂර්ට් එකේ සටහන්ව ඇත්තේ “back off bullies” යන පාඨයයි. එහි අදහස කරදර හිරිහැර කිරීම් වලට විරෝධය දැක්වීමයි. ඇය ඒ වීඩියෝවේ අදහස් දක්වමින් කියා සිටියේ අන් අයට සමාජ ජාලා හරහා හිරිහැර කිරීම් වහාම නවත්වන ලෙසයි. එසේ අන් අයට සමාජ ජාලා හරහා හිරිහැර කරන්නේ බියගුල්ලන් බව ඇය පවසයි.

ඔවුන් තමන්ගේ දුක්ඛිතභාවය පිට කිරීමේ මාර්ගයක් ලෙස අනුන්ට හිරිහැර කරන බව ඇය පවසන ලදී.

 

ඇයගේ සියදිවි නසා ගැනීම ආරංචි වූ රසිකයන් මහත් කම්පනයට ලක් වුණා. පසුව සොයා බැලීමේදී අනාවරණය වුයේ ඇය සමාජ ජාලා හරහා බොහෝ දෙනෙකුගේ හිරිහැර කිරීම් වලට ලක් වී ඇති බවයි. ඇයව විහිලුවට ලක් කිරීම, බැන වැදීම සහ අපහාස කිරීම සිදු වී තිබුනා.

 

ඇගේ පවුලේ සාමාජිකයන්ගේ අනාවරණය වුයේ මේ හිරිහැර කිරීම් නිසා ඇය මානසික ආතතියට සහ විශාදයට ගොදුරු වී සිටිය බවයි. ඇයගේ මවගේ හෙළි කිරීම අනුව ඇය සිය දිවි නසා ගත් දිනයේ ඇය ඇයගේ මානසික වෛද්‍යවරයා හමු වීමට දින නියම කරගෙන සිට ඇත. නමුත් අවාසනාවකට ඇය එම හමුව පසෙක ලා එදිනම ජීවිතය නැති කරගෙන තිබේ.

 

ඇයගේ මරණයට හේතුව ලෙස ඇයට සමාජය මඟින් ලැබුණු සෘණාත්මක ප්‍රතිචාර හේතු වී ඇති බව ඉන්ස්ටර්ග්රෑම් හරහා බොහෝ මත පල කිරීම් සිදුව තිබේ.

 

පහත දැක්වෙන්නේ එවැනි මත පල කිරීම් වලින් කිහිපයකි.

“යමෙකුගේ සමාජ ජාලා හැසිරීම මත ඔහුගේ/ ඇයගේ මානසික තත්වය මනින්නට නොයන්න.”  

“Tanoliගේ සමාජ ජාලා ගිණුම් නිරීක්ෂණය කල මගේ හදවත බිඳිණි.”

“Anam Tanoli ගේ සිදුවීමෙන් අනතුරුව පකිස්තානය සිය දිවි නසා ගැනීම් කෙරෙහි අවධානය යොමු කල යුතුව තිබේ.”


SHARE