රුණ දරුවන් දෙමව්පියන්ට සාපේක්ෂව සුවිසල් තාක්ෂණික දැනුමකින් යුක්ත වෙනවා. නමුත් ඔවුන්ට අත්දැකීම් අඩුයි. සමාජය කෙතරම් නපුරු තැනක්ද කියලා ඔවුන් දන්නේ නැහැ. පවුලක සමාජීය දැනුම වැඩි අත්දැකීම් බහුල දෙමව්පියන්ටයි. අන්තර්ජාලය නිවැරදිව භාවිතා කිරීමෙන් මහත් වූ ප්‍රයෝජන ලබා ගත හැකි වුවත්, බොහෝ දරුවන් අන්තර්ජාලය වැරදි ලෙස භාවිතා කර තමන්ව අනතුරේ හෙලා ගන්නවා. මේ අනතුරෙන් දරුවාව මුදා ගත හැකි ආකාරය myfamily.lk වෙබ් අඩවිය හරහා කතා කරන්නට අද අපි තීරණය කළා.




හෂාන් කියන්නේ අවුරුදු 21ක තරුණයෙක්. ඔහු පුංචි රැකියාවක් කරන ගමනුයි හිටියේ. ඒ තමයි ලොතරැයි විකිණීම. අධ්‍යාපනය ගැන වැඩි උනන්දුවක් නොදක්වපු නිසා ඔහු උසස් පෙළ විභාගයට මුහුණ දුන්නෙත් නැහැ.

ලොතරැයි විකුණන්න දවසම ඇවිදපුවම හෂාන් හවසට හෙම්බත් වෙනවා. ටයි, කෝට් ඇඳගෙන ඔහුගේ වයසේ පිරිමි ළමයි රැකියාවට යන හැටි බලන් ඉද්දි ඔහුට ඉබේටම සුසුම් හෙලෙනවා. එදා කම්මැලි නොවී උසස් පෙළ යන්තම් හරි ගොඩ දෑ ගත්තා නම් කියලා ඔහුගේ හිත ඔහුට දොස් කියනවා.

ඔහුගේ හිත දන්නවා ඔහු ආයෙත් මහන්සි වෙලා පාඩම් කලොත් යන්තමට හරි විභාගය සමත් වෙලා, මීට වඩා හොඳ රැකියාවක් හොයා ගන්න පුළුවන් බව. ඒත් ඔහු බයයි.

“මගේ අයියත් බස් කොන්දොස්තර කෙනෙක්. අයියාටයි මටයි දෙන්නටම කොහොමත් වැඩිපුර ඉගෙන ගන්නත් බැහැ. මම හරියට කැපවීමෙන් පාඩම් කරන්න පටන් ගත්තොත් මට මේ ලොතරැයි වලින් එන ආදායමත් නැති වෙනවා.”

ලොතරැයි රැකියාව අත් හැරලා විභාගය වෙනුවෙන් මහන්සි වෙනවද, නැත්තම් හැමදාම ලොතරැයි විකිණීමම කරනවද කියලා හරි තීරණයක් ගන්න බැරුව ඔහුගේ හිත ලත වෙනවා.

ඔබත් කවදා හරි මොහොතක මේ විදිහට සිතුවිලි අතරේ හිර වෙලා තියෙනවද? වෙනස් වෙන්න තියෙන බය නිසා ඔබේ දියුණුව වෙනුවෙන් කල හැකි දේවල් නොකර ඉඳලා තියෙනවාද?


 

  • වෙනස් වීම නිසා ඔබට අත් වන වාසි සටහන් කර ගන්න

වෙනස් වෙන්න ඔබව සිතින් සවිමත් කරන්නට මේ ක්‍රමය ඔබට උදව් වේවි. කොලයක් සහ පෑනක් ගෙන ඔබ බලාපොරොත්තු වන වෙනස් වීම තුලින් ඔබට අත් වන ප්‍රයෝජන එකින් එක ලියන්න. එය අනිවාර්යයෙන්ම ඔග්බ තුල උනන්දුවක් ඇති කරනු ඇත.

  • වෙනස් වීම තුලින් ජයග්‍රහණය ලැබූ පුද්ගලයන් පිළිබඳව අධ්‍යනය කරන්න

එක මොහොතකදී වෙනස් වීමට ගත් තීරණය නිසා ජය ලැබූවන් අප අවට පරිසරයේ ඕනෑ තරම් ඉන්නවා. ඒ වගේම අන්තර්ජාලය හරහාත් ඔබට එවැනි උදාහරණ ඕනෑ තරම් හොයා ගන්න පුළුවන්. එදා ඔවුන් වෙනස් වීමට තීරණය නොගත්තේ නම්, ඔවුන් තවමත් එකම තැන බව ඔබට වැටහෙනු ඇත.

  • ඔබේ අනාගතය පිළිබඳව ධනාත්මක බලාපොරොත්තු ඇති කර ගන්න

වෙනස් වීමට ඔබ තුල ඇති බිය හට ගන්නේ ඔබ අනාගතය ගැන සෘණාත්මක බලාපොරොත්තු ඇති කරගෙන සිටින නිසයි. වෙනස් වීමෙන් අනිවාර්යයෙන්ම අත් වන යහපත ගැන නොසිතා, ඔබ සිදු විය හැකි වැරදීම් ගැන බියට පත් වෙනවා. පෙර කතාවේ තරුණයා ඉගෙන ගැනීමට යොමු වීමෙන් වර්තමානයේ ලොතරැයි විකිණීමෙන් අහිමි වන සුළු ආදායම ගැන දුක් වෙනවා වගේ තේරුමක් නැති දෑ සිතීමෙන් වැළකිය යුතුයි. ඒ සඳහා ඔබ ධනාත්මක බලාපොරොත්තු වලින් ඔබේ සිත පුරවා ගත යුතුයි.

  • වෙනස් වීමට ගත් තීරණය ඔබට නව දේවල් රැසක් ඉගෙන ගැනීමට උපකාර වන මාර්ගයක් වනු ඇත

නව දැනුම, නව කුසලතා හඹා යාමට ඔබට ලැබෙන කදිම අවස්තාවක් තමයි වෙනස් වීම කියන්නේ. හැමදාමත් එකම ආකාරයට ජිවත් වෙමින්, එකම දේ සිදු කරමින් සිටීමේදී ඔබට අලුත් යමක් ඉගෙන ගැනීමට ලැබෙන්නේ නැහැ. වෙනස් වී මඳ කාලයක් ගත වන විට ඒ බව ඔබට වැටහී යනු ඇත.

  • ඔබව දිරිමත් කරන මිතුරන් ඇසුරු කරන්න

     ඔබව දිරිමත් කරන මිනිසුන්ට සාපේක්ෂව, ඔබව පසුපසට අදින මිතුරන් වැඩි බව වටහා ගන්න. ඔබ නව දෙයක් කිරීම වෙනුවෙන් වෙනස් වීමට යාමේදී ඔබ වටා සිටින බොහෝ දෙනෙක් ඔබව දුර්මුඛ කරනු ඇත. ඔබේ යහපතට යැයි කියමින් බොහෝ දෙනා ඔබේ තීරණය වෙනස් කරන්නට උත්සාහ කරන්නේ, ඔවුන් වෙතින් සහ පුරුදු පරිසරයෙන් ඔබ මිදී යනවාට ඇති බිය නිසාය. ඔබේ සිත තුලට අන් අය දිගින් දිගටම සෘණාත්මක සිතිවිලි ඇතුළු කළහොත්, ඔබ අනිවාර්යයෙන්ම වෙනස් නොවී සිටීමට තීරණය කරනු ඇත. මේ නිසා නිතරම ඔබව දිරිමත් කරන්නන්වම ඇසුරු කරන්න.

SHARE