රුණියක් විවාහය ගැන කෙතරම් නම් හීන පොදි බඳිනවාද? තමන් විවාහය සඳහා තෝරා ගත් ඒ ආදරණිය පෙම්වතා සමඟ එක් වී නව දිවියක් අරඹන්නට හැම තරුණියක් වගේම ඇයත් සිහින මැව්වා. ඒත් අවාසනාවකට සිදු වුනු අනතුරක් නිසා ඒ සිහින බොඳ වී ගියා. නමුත් මේ ධෛර්යමත් තරුණිය මනසින් ඇද වැටී හඬ හඬා සිටිනු වෙනුවට කදිම පියවරක් තැබුවා. ඒ තමයි ඇගේ සිදු නොවුණු විවාහයේ ජායාරූප පළ කිරීම. ඇය එසේ ජායාරූප පළ කිරීම හරහා ලෝකයට පණිවිඩයක් දෙන්නට උත්සාහ කළා. අපි බලමු ඇගේ කතාව මොකද්ද කියලා.


ඇය Debbie Gerlach. ඇගේ මව් රට ඇරිසෝනාවයි. ඇගේ ආදරණිය පෙම්වතාගේ නම වුයේ Randy Z Zimmerman. ඔවුන් දෙදෙනා විවාහයට dina නියම කරගෙන සිටියත්, හරියටම මාස 8කට පෙර මේ පෙම්වතා මෙලොවින් සමු ගන්නවා.

නමුත් මේ දිරිය යුවතිය ඔවුන්ගේ විවාහය සිදු වීමට නියමිතව තිබු දිනයේ ෆොටෝ ෂොප් ආධාර කරගෙන සකසන ලද මංගල ජායාරූප කිහිපයක් ෆේස් බුක් හරහා පළ කරනවා. ඇය මේ දේ සිදු කරන්නේ උදාර අරමුණක් සහිතවයි.

 

 

“අද මගේ ජීවිතයේ හොඳම දිනය විය යුතුව තිබුණා. අද මම මගේ හොඳම යාළුවා සමග විවාහ වූ දිනය විය යුතුව තිබුණා. මම උදෑසනම අවදි වීමට, මගේ මංගල ඇඳුම ඇඳීමට, මගේ සිහින වල සැරිසැරූ මිනිසා වෙත යාමට අද නියමිතව තිබුණා. අද, Randy සහ මම අපේ පවුලේ සාමාජිකයන් හා මිතුරන් ඉදිරියේ අප දෙදෙනාගේ ආදරය නැවතත් ප්‍රකාශ කිරීමට, පුජනීය ගිවිසුමකට එළඹීමට සහ අපේ හදවත් එකතු වීමට නියමිතව තිබුණා. අද දවස උදා වන තුරු මම පුංචි ගැහැනු ළමයෙක්ව සිටි අවධියේ පටන්   සිහින මැව්වා. අද මම බිරිඳ බවට පත් වීමට නියමිතව තිබුණා. අද මම Mrs. Zimmerman බවට පත් වීමට නියමිතව තිබුණා.”

 

“නමුත් අද දින මම තනිවම අවදි වුණා. අද මම නැවතත් මගේ බිඳී ගිය හදවත සමඟ අවදි වුණා . අද මගේ තාත්තා මගේ අත ගෙන දේව මාලිගාවේ අසුන් අතරින් ඇවිද යන්නේ නැහැ. ඒ අතර, මගේ මංගල ඇඳුම දැක Randyගේ මුහුණේ ඇති වන හැඟීම් දෙස බලන්නට අවස්තාවක් හිමි වන්නේ නැහැ. ඔහු මගේ මංගල ඇඳුම දකින්නට ආශාවෙන් පුල පුලා බලා සිටියත් මම එය සැඟවූයේ, එයට නියමිත දිනය අද නිසයි.

අදට යෙදී ඇති විවාහ උත්සවයට අපේ සියලු මිතුරන් සහ පවුලේ අය සහභාගී වන ආකාරය මට දකින්න ලැබෙන්නේ නැහැ. අද මම මගේ ජීවිතයේ ආදරය සමඟ විවාහ වන්නේ නැහැ. අද මට ස්වාමිපුරුෂයෙක් හිමි වන්නේ නෑ.”

“මේ දේ සිදු වුනේ එක් පුද්ගලයෙක් එක් මොහොතකදී ගත් තීරණයක් නිසයි. ඔහුගේ තීරණය මගේ ජීවිතය සදාකාලිකවම වෙනස් කරනු ලැබුවා. ඒ පුද්ගලයා වාහන නතර කිරීමට ඇති මාර්ග සංඥාව දැක දැකත්, මගේ පෙම්වතා තම මෝටර් සයිකලයේ නැඟී ඔහු දෙසට එනවා පෙනී පෙනීත් තම වාහනය නතර නොකර දිගටම ධාවනය කිරීමට තීරණය කර තිබුණා.”

“මේ පොස්ට් එක කියවන හැමෝගෙන්ම මම ගොඩක් බැගෑපත්ව ඉල්ලනවා, මෝටර් සයිකලයක් දුටු විට පරිස්සමෙන් රිය පදවන්න. නතර කිරීමේ සංඥාව දුටු විට ඔබේ රිය නවත්වන්න. මොකද ඔබ දන්නේ නැහැ, සමහර විට ඒ මෝටර් සයිකලයේ සිටින පුද්ගලයා තව කාගේ හෝ මුළු ජිවිතයම වෙන්න ඇති. ඒ පුද්ගලයා ඒ මොහොතේ තම රිය නැවැත්වුවා නම් අද මම මගේ හොඳම මිතුරාව සිටි, මගේ ජිවිතයේ ආදරය වී සිටි Randy හා විවාහ වන්නට තිබුණා.”   

“මම ඔබට ආදරෙයි Randy Z Zimmerman”

 

මෙය මිනිසුන් තුල වෙනසක් ඇති කිරීමට සමත් වෙන බලවත් ලිපියක් කියලා ඔබට දැනෙනවද? එහෙනම් මේ පණිවිඩය ඔබේ මිතුරන් අතරේ බෙදා හරින්න.

 

Randy ජීවත්ව සිටි කාලයේදී ලබා ගත් ජායාරූපයක් 

 


SHARE