ද කාලයේ මොන තරම් පෞද්ගලික ජායාරූප සහ වීඩියෝ සමාජයට එකතු වෙනවාද කියලා ඔබ හොඳින්ම දන්නවා. වර්තමානයේ අන්තර්ජාල ක්ෂේත්‍රයේ සහ තාක්ෂණයේ ඇති වී තියෙන දියුණුවත් එක්ක පෞද්ගලික දේවල් ප්‍රසිද්ධ වෙන්නේ හිතා ගන්නවත් බැරි විදිහට. නිරුවත් ජායාරූප සහ වීඩියෝ සමාජගත වන තුරු ඔවුන් තමාට එවැනි විපතක් සිදු වන බව දැන සිටියේ නැහැ. ඒ වගේම තමයි, අද තරුණ තරුණියන් තමාට විපතක් සිදු නොවේවි යැයි බලාපොරොත්තු වෙමින් කිසිදු පැකිලීමක් නැතිව නිරුවත් ජායාරූප හුවමාරු කර ගන්නවා. නොසිතු මොහොතක ඔබගේ පෞද්ගලිකත්වය සමාජගත වුවොත් ඔබ කුමක් කරන්නද? අද අපි myfamily.lk වෙබ් අඩවිය ඔස්සේ කතා කරන්නේ මේ පිළිබඳවයි.


නිරුවත් ජායාරූප හෝ වීඩියෝ පිට වීමෙන් වැඩිම හානිය සිදු වන්නේ කාන්තා පාර්ශවයටයි. පුරුෂ පාර්ශවයටත් හානි සිදු වන අවස්ථා තිබෙනවා. දැන් අපි බලමු මොනවද මේ අවදානම් සහගත අවස්ථා කියලා.

1 ඔබේ හෝ ඔබේ සහකරුවාගේ දුරකථනය නැති විය හැකියි

පික්පොකට්කාරයන් හැමතැනම සිටින බව ඔබ දන්නවා. බෑගයේ තිබෙන පර්ස්, දුරකථන ඉතා සුක්ෂම ලෙස සොරකම් කරන්නට ඔවුන් සමත් වෙනවා. ඔබට ඔබේ දුරකථනය අස්ථානගත වීමෙන් සිදු වන්නේ මුල්‍යමය හානියක් පමණක් නොවේ. ඔබේ දුරකතනයේ ඇති සියලු ජායාරූප ඔවුන්ට පහසුවෙන් ලබා ගත හැකියි. ඒවා අතර ඔබේ නිරුවත් ජායාරූප සහ වීඩියෝ තිබෙනවානම් ඒවා විකුණා දමා මුදල් හොයන්නට ඔවුන් දෙවරක් සිතන්නේ නැහැ.

 

2 ඔබේ දුරකථනය කැඩුණු විට හදන්නට දෙන ස්ථානයේ පුද්ගලයන්ට ඔබේ ජායාරූප ලබා ගත හැකියි

බොහෝ නිරුවත් ජායාරූප සහ වීඩියෝ පිට වන්නේ මෙම ක්‍රමයෙනුයි. දුරකථනය හෝ පරිඝනකය කැඩුණු පසු ඔබ ඒවා නැවත සකසන්නට බාර දෙනවා. එවැනි ස්ථානයකින් ඔබේ ජායාරූප ලබා ගැනීමේ වැඩි අවදානමක් තිබෙනවා. මාස කිහිපයකට පසු ඒවා අන්තර්ජාලයේ පළ වන විට, ඒවා පිට වුයේ කෙසේදැයි සිතා ගැනීමටවත් ඔබට නොහැකි වනු ඇත. ඒවා ලබා ගත්තේ කවුරුන්ද යන්න ඔබට අනුමාන කල හැකි නමුත්, කෙදිනකවත් එය ඔප්පු කිරීමට නොහැකි වනු ඇත.

 

3 හැකර්ස්ලා

විවිධ ක්‍රම උපයෝගී කරමින් සමාජ ජාලා ගිණුම් හැක් කිරීමට සමත් වන පුද්ගලයන් සිටිනවා. ඔබ සමාජ ජාලා හරහා ඔබේ නිරුවත් ජායාරූප සහ වීඩියෝ ඔබේ සහකරුට යවන්නෙක් නම් පැරණි මෙසේජ් අදම මකා දමන්න. හැකර්ස්ලා නිසා ඔබේ සමාජ ජාලා ගිණුම අහිමි වීමේ පාඩුවට අමතරව, ඔබේ නිරුවත් ජායාරූප හා වීඩියෝ අන්තර්ජාලය පුරා පැතිරීමේ පාඩුවටත් ඔබට මුහුණ දීමට සිදු වනු ඇත.

  

4 ඔබේ සහකරු අවංක පුද්ගලයෙකු නොවිය හැකියි

වර්තමානයේ බොහෝ ප්‍රේමයන් ඇරඹෙන්නේ සමාජ ජාලා හරහායි. කෙදිනකවත් දැක නැති අයෙකුට වුවත් තමාගේ ජායාරූප යවන්නට තරම් සමහරුන් මෝඩ වෙනවා. හඳුනනා සහකරුට පවා ජායාරූප යැවීම, වීඩියෝ ලබා ගැනීමට අවසර දීම භයානකයි. අවංක නොවන සහකරුවන් ඒවා මිතුරන්ට පෙන්වමින් විනෝද වෙනවා. ඔබේ පෞද්ගලිකත්වය ඔබ නොදැනම සමාජගත වෙනවා.

 

5 ප්‍රේමය බිඳුණු පසු පලිගැනීම සඳහා භාවිතා කල හැකියි

කලක් ගත වන විට බිඳෙන ප්‍රේම සම්බන්ධතා ඕනෑ තරම් තිබෙනවා. අදහස් නොගැලපීම ඇතුළු විවිධ ගැටළු එයට හේතු විය හැකියි. එවැනි අවස්ථාවකදී පලිගැනීම සඳහා ඔබේ ජායාරූප භාවිතා කරන්නට ඉඩ තිබෙනවා. ඔබේ නිරුවත් ජායාරූප සහ වීඩියෝ ඔබේ දෙමව්පියන්ට, නව සහකරුට එවීම හෝ ඒවා අන්තර්ජාලයට එක් කිරීම මඟින් ඔබෙන් පලිගැනීමට උත්සාහ කල හැකියි.

 

ඔබේ නිරුවත් ජායාරූප පිටස්තර පුද්ගලයෙකුට යැවීමට පෙර දෙවරක් සිතන්න
පිටස්තර පුද්ගලයෙකු විශ්වාස කර ඔබේ පෞද්ගලික ජායාරූප ලබා දීම ගොඩක් අවදානම් වැඩක්. එවැනි ජායාරූප සමාජගත වීමෙන් දෙමව්පියන්ට සහ සමාජයට මුහුණ දීමට බැරි වෙනවා. ඇතැම් කාන්තාවන් සියදිවි නසා ගන්නට පවා පෙළඹෙනවා. නැවත සහකරුවෙකු ලබා ගැනීමටත් මෙය බාධාවක් වෙන අවස්ථා තිබෙනවා. මේ නිසා එවැනි අවදානම් සහගත ජායාරූප සහ වීඩියෝ තවත් අයෙකුට නොයවා සිටීම ඉතා වැදගත්. යමක් යැවීමට පෙර “එය තවකෙකු දුටුවොත් ගැටළුවක් වේවිද?” යන්න ඔබ ඔබෙන්ම අසා ගන්න.

SHARE