පේ මිනිස්සු අනිත් අයගෙන් අහන්න සුදුසු දේවල් මොනාද, අහන්න නුසුදුසු දේවල් මොනවද කියලා කිසිම සැලකිල්ලක් නැහැ. තව කෙනෙක්ගේ ජීවිතයකට අනවශ්‍ය ලෙස ඇඟිලි ගහන්නට යාම හොඳ මිතුරෙකුගේ ලක්ෂණය නෙවේ. බොහෝ විට මිනිසුන් අනෙක් අයගේ අතිශය පෞද්ගලික කාරනා ගැන විමසන්නේ තමන් ඔවුන් ගැන සැලකිලිමත් වෙන බව පෙන්වීමටයි. නමුත් එයින් සිදු වන්නේ අනෙකා අපහසුතාවයට පත් වීමයි. මේ නිසා තවත් අයෙකුගෙන් නොවිමසිය යුතු දේවල් මොනවාද කියලා තමයි අද අපි myfamily.lk වෙබ් අඩවිය ඔස්සේ කතා කරන්නට උත්සාහ කරන්නේ.



1 ශරීරයේ ගුණ දොස් විමසීමට යාම

මිනිසුන් හැමෝම කැමති ලස්සනට ඉන්නයි. නමුත් කෙනෙක්ගේ යම් ශරීර ලක්ෂණයක් අවලස්සන ස්වභාවයක් ගන්නවා නම් ඔබ ඒ ගැන ඔවුන්ගෙන් අහන්න ගිහින් තේරුමක් නැහැ. මොකද ඒ වෙනකොටත් ඔවුන් දන්නවා ඔවුන්ගේ යම් ශරීර ලක්ෂණයක් අවලස්සන බව. තව කෙනෙක්ගේ මහත ගැන, කෙට්ටුව ගැන, කොණ්ඩය සුදු වීම ගැන, මුහුණේ කුරුලෑ අධික වීම ගැන, සමේ වර්ණය ගැන විමසන්නට යෑමෙන් ඔබ ඔබේ මිතුරාව අපහසුතාවයට ලක් කරනවා. ඔබ ඒ ගැන විමසුවා කියලා ඔබේ මිතුරාට කිසිම ප්‍රයෝජනයක් අත් වන්නේ නැහැ. සිදු වන්නේ ඔහුගේ හෝ ඇයගේ සිත වේදනාවට පත් වීම පමණයි.

2 විවාහය පිළිබඳව

යමෙකු විවාහ වනවාද, නැද්ද, විවාහ විය යුත්තේ කොයි කාල සීමාවේද යන්න තීරණය කිරීමේ අයිතිය තියෙන්නේ ඔවුන්ටමයි. සමහරු අඩු වයසින් විවාහ වෙන්න තීරණය කරද්දී, තවත් සමහරු උසස් අධ්‍යාපනය ලබලා, රැකියාවක් සොයා ගෙන, යම් තත්වයකට ඇවිත් විවාහ වන්නට සිහින දකිනවා ඇති. ඔබ විවාහ වන්නේ කවදාද අහමින් ඔවුන්ට කරදර කිරීමට යාම ඔවුන්ට සහ ඔවුන්ගේ පවුලේ වැඩිහිටියන්ට ඇති කරන්නේ විශාල මානසික පීඩාවක්.

3 බිඳුණු සම්බන්ධතා පිළිබඳව

ප්‍රේම සම්බන්ධයක් බිඳී ඇති විට හෝ යමෙකු දික්කසාද වූ බව ආරංචි වූ විට ඕපාදුප සොයන්නට යන්න එපා. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් ඔබට ඒ ගැන කියන්නට ආවොත්, ඔහුගේ/ ඇයගේ වේදනාව සමනය කර ගැනීමට උපකාර කිරීමේ අරමුණින් සවන් දෙන්න. එහෙම නැතුව ඔබ ගිහින් බලෙන් ඔවුන්ගෙන් සිදු වූ දෙය ගැන විමසීම නම් කොහෙත්ම සුදුසු නැහැ. වෙන් වීමකට මුහුණ දුන් අයෙකුට හිත හදා ගන්න කාලයක් අවශ්‍ය වෙනවා. ඔබට ඔවුන්ගේ බිඳුණු සබඳතාවයේ කතාව තවත් රසවත් කතාවක් විතරක් වුනාට, අදාළ පුද්ගලයන්ට ඒවා නැවත නැවත සිහි කරමින් ඔබ සමඟ පවසන්නට සිදු වීම ඉතා අසීරු කරුණක් විය හැකියි. ඒ වගේම ඔවුන්ගේ වෙන් වීම පසුපස අතිශය සංවේදී සහ අතිශය පෞද්ගලික කාරනා තිබිය හැකියි. ඔබ ඒවා පිළිබඳව බලෙන් හාරා අවුස්සන්නට ගියොත් ඔබ ඔවුන්ට කරන්නේ හානියක්.

4 දරුවෝ ගැන

විවාහක යුවලකගේ ඊළඟ අරමුණ දරුවන් ලැබීම බව බොහෝ දෙනෙකුගේ විශ්වාසයයි. විවාහ වූ දින පටන් වටා පිටාවේ පුද්ගලයන් ඔවුන්ගෙන් දරුවන් ගැන විමසන්නට යන්නේ ඒ නිසයි. නමුත් වර්තමානයේ බොහෝ දෙනා හදන්නන් වාලේ දරුවන් හදන්නට කැමති නැහැ. දරුවන්ට යහපත් ජිවන තත්වයක් උදා කර දීම වෙනුවෙන් බොහෝ දෙනෙක් දරුවන් සෑදීමට පෙර තමාටම නිවසක් සාදා ගැනීමට, වාහනයක් මිලදී ගැනීමට උත්සාහ කරනවා. ඒවා ඔවුන්ගේ පෞද්ගලික තීරණයි. මේ නිසා ඔවුන්ට දරුවන් ගැන විමසමින් කරදර කිරීමට යෑමෙන් වලකින්න. විශේෂයෙන්ම යුවලකගේ දරුවන් ප්‍රමාද වන විට බිරිඳ වෙත එල්ල වෙන පීඩනය වැඩි වනු දැකිය හැකියි.

අනෙක් කරුණ නම්, යම් යුවලකට දරුවන් නැත්තේ යම් සෞඛ්‍ය ගැටළුවක් නිසා විය හැකියි. ඔවුන් ඒ ගැන මේ වන විටත් සිටින්නේ පසුතැවිල්ලෙන් විය හැකියි. ඉතින් ඔබ නැවත නැවත ඒ ගැන විමසමින් ඔවුන්ගේ සිත් පාරවන්නට යෑමෙන් වැළකිය යුතුයි.

5 රැකියාව සහ වැටුප පිළිබඳව

යම් දරුවෙකුට අධ්‍යාපන වියදම් දරන්නෙත්, ඔවුන්ව උස් මහත් කරන්නෙත් ඔවුන්ගේ දෙමාපියන් විසිනුයි. ඒ නිසා යම් පුද්ගලයෙකුගේ රැකියාව සහ වැටුප පිළිබඳව පවුලේ සාමාජිකයන් දැන සිටීම ප්‍රමාණවත්. රැකියාවක් ලැබීමට ප්‍රමාද වන ඕනෑම අයෙක් සිටින්නේ මානසික පීඩනයකින්. ඔබ ඒ ගැන විමසීමෙන් ඔවුන්ගේ පීඩනය තවත් වැඩි කරනවා. ඒ වගේම රැකියාවක් කරන පුද්ගලයෙක්ගෙන් වැටුප ගැන විමසීමත් සුදුසු නැහැ.  

 

 

  

SHARE