ජි
විත කාලය තුලදී බොරුවක් නොකියන කෙනෙකු නැතිව ඇති. අපිට එදිනෙදා ජීවිතයේදී ඕනෑ තරම් බොරුකාරයන්ව මුණ ගැසෙනවා. ඒත් ඔබේ දරුවන් ඔබට බොරු කියන විටදී ඔබට ටිකක් දරා ගන්න අමාරුයි නේද? ඇත්තටම සමහර වෙලාවල් වලදී ඔබේ දරුවන් ඔබට බොරු කියන්නේ ඔබේම අත්වැරදීමක් නිසා විය හැකි බව ඔබ දන්නවද? එහෙම නැත්තම් එය ඔවුන් විනෝදයට වැඩි දුර නොහිතා කරන දෙයක් වෙන්නත් පුළුවන්. ඉතින් අද අපි තීරණය කළා myfamily.lk වෙබ් අඩවිය හරහා මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.

 




අමතක නොකිරීම සහ සමාව නොදීම

දෙදෙනෙක් එකට ජිවත් වෙනකොට විවිධ සිත් රිදවීම් සහ ගැටළු ඇති වීම සාමාන්‍යයි. ඒවා මහා ලොකු ප්‍රශ්න වන තෙක් ඇදගෙන යන්න එපා. සිත් රිදවීමක් වුවත් එය ඉක්මනින්ම අමතක කර දමන්නට හුරු වන්න. සියලු දෙයටම වඩා ඔබේ බැඳීම් වලට මුල් තැන ලබා දෙන්න. ඉක්මනින් සමාව දීමට හුරු වීමෙන් ඔබේ සබඳතාවය තව තවත් ශක්තිමත් කර ගන්න ඔබට පුළුවන්. අනෙකාගේ වැරදි අඩුපාඩු හිතේ හිර කරගෙන, තරහින් සිටීමෙන් ඔබ මානසික ආතතියට පත් වීමේ අවදානමකුත් තිබෙනවා.

සාකච්චා කිරීමට වැරදි වේලාවන් තෝරා ගැනීම

දෙදෙනා අතර ඇති ගැටළු සාකච්චා කිරීමේ වැදගත්කම ගැන අපි කලින් පැහැදිලි කළා. නමුත් මෙය කළ යුත්තේ නිවැරදි වෙලාවෙයි. බිරිඳගේ වැඩ අධික වෙලාවක, සැමියා වැඩ ඇරී නිවසට පැමිණි විගස හෝ කෙනෙකු අසනිපෙකින් සිටින විටදී මේ වගේ සාකච්චා වලට එළඹීම සුදුසු වන්නේ නැහැ. එයින් සිදු වන්නේ සාකච්චාවට එළඹෙන්නා ගැන නොරිස්සුමක් ඇති වීමත්, තරහක් ඇති වීමත්ය.

ගණන් තබාගෙන සිටීම

ආදරය කියන්නෙත් ගණුදෙනුවක්. දෙදෙනා දෙදෙනා වෙනුවෙන්ම කැපවීම් කළ යුතුයි. නමුත් අනෙකා කළ කැපකිරීම් හා තමා කරන කැප කිරීම් අසාමාන්‍ය ලෙස සංසන්දනය කිරීමට පෙළඹීම සිත් රිදවන සුලුයි.

උදා: “මේ මාසෙට මම හය වතාවක් ඔයාට කෑම අරන් දුන්නා. ඒත් ඔයා මට කෑම අරගෙන දුන්නේ පස් වතාවයි”

මේ වගේ දේවල් මතක තබාගෙන, සංසන්දනය කිරීම් කරන්න එපා.

කුඩා ප්‍රශ්න විශාල කර ගැනීමට නාට්‍ය නිර්මාණය කර නොගන්න

කිසිම සබඳතාවයක් පරිපුර්ණ නැහැ. කාගෙ අතිනුත් වැරදි සිදු වෙනවා. එක් අයෙකුගේ අතින් අඩුපාඩුවක් වූ විට එම සිදුවීම විශාල කර ගැනීමෙන් වළකින්න. ඔබේ සහකරුට පිඟාන හෝදන්න අමතක වෙලා නම්, කුණු එක අස් කරලා දාන්න අමතක වෙලා නම් අනවශ්‍ය ලෙස තරහා අරගෙන එයට ප්‍රතිචාර දක්වන්න එපා. යමෙකුට අවවාදයක් දීමේදී වුවත් ඉවසීමෙන් එය සිදු කරන්න.

ඔත්තු බැලීමෙන් වළකින්න

ආදරයක පදනම විශ්වාසයයි. තමන්ගේ සහකරු තමන්ව විශ්වාස කරනා බව දන්නා විට එය විශාල සතුටක්. දෙදෙනා අතර ඇති ආදරය තර කර ගැනීමට නම් අනෙකාව විශ්වාස කරන්න. ඔබ ආදරය කරන පුද්ගලයෙකු ඔබව අවිශ්වාස කරන බව දැන ගැනීමට ලැබීම විශාල වේදනාවක් විය හැකියි. මේ නිසා ඔබේ සහකරු යන තැන් වල හොරෙන් පස්සෙන් යාම, සහකරුගේ පාස්වර්ඩ් ඉල්ලා දබර කිරීම, දුරකතනයේ මෙසේජ් හොරෙන් බැලීම වැනි ක්‍රියා වල නිරත වන්න එපා. ඔබේ සහකරුගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න. ඔබට ඔබේ සහකරු ගැන අනවශ්‍ය ලෙස සැක පහල වෙනවා නම් එය මානසික ගැටළුවක් විය හැක. ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන එය සුව කර ගැනීම ඔබේ සබඳතාවය රැක ගැනීමට පිටුවහලක් වේවි.

සංසන්දනය කිරීමට පෙළඹීම

ලද දෙයින් තෘප්තිමත් නොවීම ගොඩක් අයගේ පුරුද්දක්. තමාගේ සැමියාව සහ තමාගේ මිතුරන්ගේ සැමියාව සංසන්දනය කිරීමට ඇතැම් බිරින්දෑවරුන් පෙළඹෙනවා.

“රෝසිගේ හස්බන්ඩ් නම් එයා එක්ක පිටරටකට නිවාඩුවක් ගිහින්. ඔයාට තමයි මාව එක්කගෙන යන්න බැරි.”

තමාගේ පැරණි පෙම්වතියන් සහ තමාගේ වර්තමාන පෙම්වතියව සැසඳීමට ඇතැම් පෙම්වතුන් පෙළඹෙනවා.

“මගේ කලින් ගර්ල් නම්, මාත් එක්ක පැය විසි හතරම මෙසේජ් කරනවා. ඔයාට තමයි බැරි”

අතේ ඇඟිලි පහත් එකිනෙකට වෙනස්. එකම පවුලේ සාමාජිකයන් පවා එකිනෙකාගෙන් වෙනස්. ඉතින් ඔබේ සහකරු වෙනත් අයෙකු වගේ විය යුතු යැයි ඔබ ප්‍රර්ථනා කරන්නේ කෙසේද?


මෙම ලිපියේ පළමු කොටස සඳහා පිවිසෙන්න –

ඔබේ සබඳතාවයට හානි කළ හැකි වැරදි පුරුදු – 1 කොටස

මෙම ලිපියේ තෙවැන කොටස සඳහා පිවිසෙන්න –

ඔබේ සබඳතාවයට හානි කළ හැකි වැරදි පුරුදු – 3 කොටස

 

SHARE