බ කියාවි ඔබට සතුරන් නැහැ කියලා. ඔබ කියාවි ඔබව මරා දැමීමට කාටවත් අවශ්‍යතාවයක් නැහැ කියලා. ඒත් ඔබව මරා දැමීමට ආශාවෙන් ක්‍රියා කරන යම් පුද්ගලයෙක්ව අද ඔබට හඳුන්වා දෙන්නටයි අපි මේ උත්සාහ කරන්නේ. මේ පුද්ගලයා හොඳින්ම දන්නවා ඔබේ ජීවිතය නැසීමට සමත් වෙන විෂ සහිත දේවල් මොනවද කියලා. ඒත් ඒ පුද්ගලයා ඒ දේවල් ඔබට ඉතා ආදරයෙන් ලබා දෙනවා. ඒ දරුණු පුද්ගලයා වෙන කවුරුවත්ම නෙවෙයි. ඒ ඔබමයි. ඉතින් අද අපි myfamily.lk වෙබ් අඩවිය හරහා ඔබට ඉදිරිපත් කරන්නට උත්සාහ කරන්නේ ඔබ ඔබවම මරා දැමීමට කටයුතු කරන්නේ කොහොමද කියලයි.




ඔබ ඔබවම මරා දැමීම සඳහා අනුගමනය කරන පියවර කීපයක්

දුම්වැටි භාවිතය

පිළිකා රෝගියෙක් වී මිය යන්න ඔබ කැමතිද? එසේ නම් ඒ සඳහා ඇති හොඳම ක්‍රමය දුම්වැටි භාවිතයයි. දුම්වැටිය දහනය වීමේදී එහි ඇති විෂ ද්‍රව්‍ය කුඩා අංශු ලෙස ඔබේ සිරුර තුලට ඇතුල් වෙනවා. මේ විෂ දුම ශරීරගත වන්නට පෙර පෙරා ඉවත් කිරීමට තරම් ප්‍රභල හැකියාවක් පෙනහලු වලට නැහැ. දුම්වැටියේ විෂ දුම නිසා පෙනහලු පිළිකා, ගැබ්ගෙල පිළිකා, මුඛ පිළිකා, උගුර ආශ්‍රිත පිළිකා, වකුගඩු ආශ්‍රිත පිළිකා, මොලයේ ලේ කැටි සිරවීම සහ හදවත් රෝග වැනි දරුණු රෝග වැළඳී වසරකට මිනිසුන් මිලියන ගණනක් මරණයට පත් වෙනවා. දුම්වැටි තුල නිකොටින් ඇතුළු තවත් විෂ වර්ග රැසක් අඩංගු වෙනවා

මේදය අධික ආහාර ගැනීම

මේදය අධික ආහාර පරිභෝජනය සිරුරට අහිතකර බව ඔබ හොඳින්ම දන්නවා. ඒ බව දැන දැනම ඔබ රසයට ලොල් වී, මේද බහුල ආහාර ලබා ගන්නවා. මේදය සංතෘප්ත මේදය සහ අසංතෘප්ත මේදය වශයෙන් මේදය යනුවෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඔබ පරිභෝජනය අඩු කළ යුත්තේ සංතෘප්ත මේදය අඩංගු ආහාරයි. ක්ෂණික ආහාර, බර්ගර්, බැදුම් වර්ග ආහාරයට ගත යුත්තේ සීමාවක් සහිතවයි. සිරුරට මේදය ලැබෙන ප්‍රමාණය ඉහල යෑමෙන් රුධිර නාල වල කොලොස්ටරෝල් තැම්පත් වීම, රුධිර ගමනාගමනයට බාධා ඇති වීම, හෘදයාබාධ හට ගැනීම, අංශභාග රෝගයට ගොදුරු වීම වැනි අනතුරුදායක තත්වයන්ට මුහුණ දීමට සුදුසු වීම.

මත්ද්‍රව්‍ය භාවිතය

මත්පැන් සහ නීති විරෝධී කසිප්පු භාවිතය නිසා වකුගඩු රෝග වැළඳෙනවා. බොහෝ විට මේ නීති විරෝධී මත්පැන් නිසි ප්‍රමිතියකින් තොරව නිපදවන නිසා ඒවා විෂ වී මිනිසුන් මිය යන අවස්ථා බොහොමයක් ගැන හෙළි වී තිබෙනවා.

ගංජා, අබිං, හෙරෝයින් වගේ මත්ද්‍රව්‍ය ඉතා ප්‍රබල හා භයානක මත් ද්‍රව්‍යය ලෙස රජය විසින් හඳුන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ හෙරොයින් වලට ඇබ්බැහි වූ ප්‍රමාණය 50,000ක් පමණ වන බව සිටින බව පර්යේෂණ මඟින් හෙළි වී තිබෙනවා. මත්ද්‍රව්‍ය භාවිතය නිසා මානසික විකෘතිතා ඇති වීම, සියදිවි නසා ගැනීමට පෙළඹීම, තමාගේ සිරුර කපා ගනිමින් රුධිරය දැකීමට කැමැත්තක් පහල වීම වැනි දරුණු ප්‍රතිඵල අත් විය හැකියි.

මාර්ග නීති නොතැකීම

ඔබ දන්නවා මාර්ගයේ අනතුරු බහුල බව. දිනපතා නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීම නිසා සිදුවන අනතුරු සහ මරණ ගැන ඔබ දැනුවත් වෙනවා. නමුත් ඔබ ඔබේ වාහනයට ගොඩ වුණාට පස්සේ ඔබ මේ හැමදේම අමතක කරලා දානවා. පරිස්සමින් රිය පැදවීමට වඩා, යන ගමන ඉක්මනින් යාම ඔබට වැදගත් වෙනවා.රියදුරන් පමණක් නොවේ, මගියනුත් මාර්ග නීති උල්ලංඝනය කරන්නේ ඉතා කැමැත්තෙන්.

රතු එලිය වැටී තිබියදී ඔබ උත්සාහ කරන්නේ කෙසේ හෝ එතනින් රිංගා පැන ගැනීමටයි. රේල් පාරක් ළඟ ආරක්ෂක වැට දමා තිබියදී එයින් රිංගා යන්නට ඔබ උත්සාහ කරනවා.රියේ වේගය වැඩි කරමින් අනෙකාව පසු කර යන්නට රියදුරන් හරිම උනන්දුයි. නමුත් එය අනවශ්‍ය අනතුරකට අත වැනීමක් බව ඔවුන් තේරුම් ගන්නේ නැහැ.
බයික් පැදීමේදී හිසේ ආරක්ෂාව පිණිස හෙල්මට් පැළඳිය යුතුයි. නමුත් අද බොහෝ දෙනෙක් ඒ සඳහා උනන්දු වන්නේ නැහැ.

SHARE