මාජ ආචාර ධර්ම නම් ඕනෑ තරම් තිබෙනවා. ඒත් ඒවායින් අපි දන්නේ ඉතාම ස්වල්ප ප්‍රමාණයක් විතරයි. ඒ හැම ආචාර ධර්මයක්ම දැන ගන්න ඕනේ නැති වුණත්, සමහර ආචාර ධර්ම නම් ඔබ දැනගෙන ඉන්න එක ගොඩක් වටිනවා. ඔබ නොදැනුවත්කමට සමහර ආචාර ධර්ම බිඳිනවා ඇති. ඉතින් අද අපි myfamily.lk වෙබ් අඩවිය හරහා ඔබට ඉදිරිපත් කරන්නේ ඔබ දැනගෙන සිටිය යුතු ආචාර ධර්ම කීපයක් ගැනයි.

 




විදුලි සෝපානය භාවිතා කිරීමේදී මුලින් ඇතුළු විය යුත්තේ පිරිමියායි

Image Source – brightside.me

ඔබ දන්නවා සාමාන්‍යයෙන් ගොඩනැගිල්ලක් තුලට ඇතුළු වෙනකොට පිරිමියා ගැහැණියට මුලින් ඇතුළු වීමට ඉඩ දීම හොඳ සමාජ ආචාර ධර්මයක්. ඒ පුරුද්දට ඔබ විදුලි සෝපානය තුලට ඇතුළු වීමටත් කාන්තාවට මුලින් ඉඩ දෙනවා නම්, එය වැරදියි. විදුලි සෝපානය අනතුරුදායක අඩවියක් ලෙස සලකන බැවින් එයට මුලින් ඇතුළු විය යුත්තේ පිරිමියායි. මුලින්ම විදුලි සෝපානයෙන් පිට වීමට නම් ඕනෑම අයෙකුට හැකියි.


කෙනෙකුට කිවිසුම් යන විට “Bless you” ලෙස නොපැවසීම

Image Source – brightside.me

අපේ සමහරු පුරුදු වෙලා ඉන්නවා කෙනෙකුට කිවිසුම් යන විට “Bless you” කියලා කියන්න. මේ දේ කරන්නේ ඔබේ පවුලේ සාමාජිකයන් අතරේ විතරක් නම් කමක් නැහැ. ඒත් පිට මිනිස්සු එක්ක මේ පුරුද්ද තියා ගන්න එපා.


කහින විටදී මුව වසා ගැනීමට වම් අත භාවිතා කරන්න

Image Source – brightside.me

ඔබේ දකුණු අත සාමාන්‍යයෙන් භාවිතා කෙරෙන්නේ සමාජ කටයුතු සඳහායි. කෙනෙක් හමු වූ විට අතට අත දෙන්නත්, සුභ පතන්නත් ඔබ භාවිතා කරන්නේ දකුණු අතයි. ඉතින් ඔබ කහින විටදී හෝ කිවිසුම් යැවීමේදී දකුණු අත භාවිතා කිරීම එතරම් සුදුසු නැහැ. එයින් ඔබේ මුවෙන් පිට වන බැක්ටීරියාවන් ඔබේ දකුණු අතේ තැවරිමත්, වෙනත් පුද්ගලයෙකුට අතට අත දෙන විට ඔහුගේ අතේ තැවරිමත් සිදු වෙනවා.


කෑම මේසයේදී ඔබ යමෙකුට ලුණු හා ගම්මිරිස් එකට ලබා දිය යුතුයි

Image Source – brightside.me

ඔබත් සමඟ කෑම මේසයේ සිටින තැනැත්තා ඔබෙන් ඉල්ලන්නේ ලුණු විතරක් වෙන්න පුළුවන්. ඒත් නියමිත සිරිත වන්නේ ලුණු ඉසිනය සමඟම, ගම්මිරිස් ඉසිනයත් ලබා දීමයි.


විවාහයකදී සුභ පැතිය යුත්තේ මනාලයාටයි

Image Source – brightside.me

අප විවාහ මංගල උත්සවයකට සහභාගී වූ විට මනාලියටත් සුභ පැතීමට පුරුදු වෙලා ඉන්නවා. නමුත් ඔබ මනාලිය වෙනුවෙන් සතුට ප්‍රර්ථනා කිරීම පමණයි කළ යුත්තේ. ඔබ සුභ පැතිය යුත්තේ මනාලයාටයි. එහි සැඟවුණු හේතුව වන්නේ “මිනිසෙක් කාන්තාවකගේ සිත දිනා ගැනීමේ සටනින් ජයගනිමින් ඇයව විවාහ කර ගැනීම” යන්නයි. ඔබ මනාලයාට සුභ පැතිය යුත්තේ ඒ නිසායි.


තේ කෝප්පයට සීනි දිය කළ යුතු දිශාව

Image Source – brightside.me

සාමන්‍යයෙන් ප්‍රසිද්ධ ස්ථානයකදී ඔබ සීනි හඬක් නොනැගෙන සේ දිය කිරීමට උත්සාහ ගන්නවා ඇති. ඒ නිසා ඔබ හැන්ද රවුමට කරකවනවා නම් එය වැරදියි. ඔබ සීනි දිය කළ යුත්තේ ඉදිරියටත් පසුපසටත්ය.

 

SHARE