තුටින් ඉන්න අපි කවුරුත් ගොඩක් කැමතියි. අපිට සතුටින් ඉන්න බැරි වෙනකොට අපි ඒ වැරැද්ද පටවන්නෙත් බාහිර පුද්ගලයෙක්ට. එහෙම නැත්තම් බාහිර සිදුවීමකට. ඒත්, අපේ සතුට තියෙන්නේ අපි තුලමයි. තමන්ගේ පුරුදු වෙනස් කර ගැනීමෙන් තමන්ට අවශ්‍ය සතුට සහ සැනසීම පහසුවෙන්ම ලඟා කර ගන්න පුළුවන්. ඉතින් අද අපි myfamily.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ මේ ගැන ලිපියකුයි.



 

පළමු කොටස සඳහා පිවිසෙන්න

 

9 අනිත් අයත් එක්ක ඔබව සංසන්දනය කරන්න එපා

ඔබට සාමාන්‍යයෙන් පෙනෙන්නේ ඔබට නැති, අනිත් අයට තියෙන දේවල් විතරයි. නමුත් ඔබට තියෙන අනිත් අයට නැති දේවල් ඔබට පෙනෙන්නේ නැහැ. ඒ මිනිස් සිතේ ස්වභාවයයි. මේ නිසා ඔබව අනිත් අය එක්ක සංසන්දනය කරන එක වහාම නවත්වන්න. සංසන්දනය කිරීමට පෙළඹීමෙන් ඉබේටම ඔබේ සිතට ඊර්ෂ්‍යාව, ශෝකය වැනි සෘණාත්මක සිතිවිලි ඇතුළු වෙනවා.

 

10 ඔබට ලැබෙන අවස්තාවන් වලින් ප්‍රයෝජන ගන්න

ජීවිතය ගත කිරීමේදී ඔබට විවිධ අවස්තාවන් හිමි වෙනවා. ඒවා පිළිබඳව අවධානයෙන් ඉඳලා ඒවායෙන් ප්‍රයෝජන ගන්න. ඒවා ඔබව සතුටට පත් කරනු නොඅනුමානයි.

 

11 ඔබව පිළිගන්න

තමා සිටින තත්වය තමාට පිළිගත හැකිව තිබිය යුතුයි. තමාව පිළිගන්න බැරි පුද්ගලයට හැමදාම ජිවත් වෙන්න වෙන්නේ දුකෙන්. මේ නිසා තමාව පිළිගැනිම තමාගේ වගකීමක්. ඔබව ඔබ පිළිගන්නේ නැත්නම්, අනිත් අය කොහොම පිලිගන්නද? ඔබ ඔබව පිලිගන්නවා නම්, අනිත් අය ඔබව පිලි නොගත්තත් ඔබට දුකක් ඇති වන්නේ නැහැ.

 

12 ඔබ ඔබටම නපුරුකම් කරන්න එපා

අපි හැමෝටම ජිවිතයේ සමහර අවස්ථා වරදිනවා. අපි බොහොම විශ්වාසයෙන් ලබා ගන්න තීරණ වරදින අවස්ථා තියෙනවා. ඒ වගේ නොසිතු ඇබැද්දි වලට මුහුණ දෙන්න සිදු වුනාම ගොඩක් අය තමන්ටම සාප කර ගන්නවා. ඒත් ඒ දේ කවදාවත් කරන්න එපා. හැම මනුස්සයටම වරදින බව සිහියේ තබාගෙන ඊලනග වතාවේ නිවැරදිම තීරණය ගන්න උත්සාහ කරන්න. ඔබට ජය ගත හැකි බව විශ්වාස කරන්න.

 

13 අනිත් අයව සතුටු කරන්නට ජිවත් වෙන්න එපා

අනිත් අයව සතුටට පත් කිරීම හොඳ දෙයක්. නමුත් ඔබව අසතුටට පත් කරගෙන අනිත් අයව සතුටට පත් කරන එක නම් හොඳ දෙයක් නෙවෙයි. අනිත් අයගේ සතුට වෙනුවෙන් ඔබේ ජිවිතයේ ගත යුතුම තීරණ වෙනස් කරන්න එපා. ඇත්තෙන්ම අනිත් අයව සතුටු කරන්නට ඔබට බැහැ. ඔවුන්ගේ සතුට ඇත්තේ ඔබ ළඟ නොව, ඔවුන් තුලමයි. ඔවුන් සතුටට පත් නොවන්නේ ඔවුන් තුල ඇති සතුට හඳුනා නොගැනීම නිසා මිස, ඔබේ වරදක් නිසා නෙවෙයි.

 

14 ඔබට රිදවන්නට අනිත් අයට ඉඩ දෙන්න එපා

ඔබට නරක විදිහට සලකන්නට උත්සාහ කරන අයව ඔබේ ජිවිතයෙන් ඉක්මනින්ම බැහැර කරන්න. ඔවුන්ව දිගින් දිගටම ඔබේ ජිවිතයේ රඳවා ගැනීමෙන් ඔබ ඔබටම කර ගන්නේ හානියක්. තව තවත් රිදවන්නට ඔබ ඔවුන්ට අවස්තාව ලබා දීමකුයි එයින් සිදු වන්නේ. මේ නිසා ඔබට පීඩා ඇති කරන බැඳීම්, ස්ථාන වහාම ඔබේ ජිවිතයෙන් ඈත කර දමන්න.   

 

15 අනිත් අයට ආදරය කරන්න

ඔබ වටා ඉන්න අයට ආදරය ලබා දෙන්න දෙවරක් හිතන්න එපා. ඔවුන්ට කරුණාවන්තව සලකන්න. ඔබ කරුණාවන්ත චරිතයක් නම් අනිත් පුද්ගලයන් ඔබට ඉබේටම ආදරය කරන්නට පෙළඹෙනවා. ඔබ ලෝකයට ආදරය කරන විට, ලෝකය ඔබට ආදරය කරාවි. මෙයින් අදහස් කරන්නේ ඔබට නපුරුකම් කරද්දී ඔබ ඉවසිය යුතුයි කියන එක නෙවෙයි. ඔබ ආදරය කරද්දී ඔබට රිදවන පුද්ගලයන්ව ඔබ ඔබේ ජිවිතයෙන් ඉක්මනින්ම බැහැර කරන නිසා ඔබට ජිවත් වීම අපහසු වෙන්නේ නැහැ. එයට හේතුව තමයි ඔබ වටේ ඉතුරු වෙලා ඉන්නේ ඔබ ආදරය කරන සහ ඔබට ආදරය කරන පුද්ගලයන් පමණක් වීම.

 

16 මිනිසුන්ට උදව් කරන්න. නමුත් ආපසු කිසිවක් බලාපොරොත්තු වෙන්න එපා

ඔබ උපකාර කරන මිනිස්සු ඔබට අනිත් පැත්තට උදව් කරන්නේ හරි අඩුවෙන් වෙන්න පුළුවන්. නමුත් ඔබ තව කෙනෙක්ට උදව් කිරීමෙන් ඔබේ සිතේ ප්‍රීතිමත් හැඟීම් ඇති වෙනවා. ඔබ ආපසු යමක් ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙද්දී, ඔවුන් ඔබට ආපසු කෘතගුණ සැලකුවේ නැති නම් ඔබ දුකට පත් වෙනවා. ඔබ ඔවුන්ට කල උදව් ගැන පසුතැවෙන්නට පටන් ගන්නවා. මේ නිසා ඔබ අනිත් අයට කරන උදව් ඔබේ සිතේ තෘප්තිය උදෙසා පමණක්ම කරන්න.

   


SHARE