ද හැම දෙනාගේම ප්‍රධාන අවශ්‍යතාවය මුදල් බවට පත් වී හමාරයි. මිනිසුන්ට මුදල් නොමැතිව ජිවත් වීම ඉතා අපහසුයි. ඔබට යමක් මිලදී ගැනීමට අත්‍යවශ්‍ය වූ විට, ඔබ සතුව මුදල් නොමැති වීම ඔබේ සිතේ ඇති කරන්නේ කෝපයක්. නමුත් ඔබට අත්‍යවශ්‍ය මොහොතවල් වලදී මුදල් හිඟ වන්නේ ඔබේම වරදින් විය හැක. ඇතැම්විට එයට හේතුව ඔබ අනවශ්‍ය දේ සඳහා වැඩිපුර වියදම් කර තිබීම විය හැක.




ප්‍රචාරණ උපක්‍රම වලට රැවටෙන්න එපා

ඔබේ මුදල් වියදම් කිරීමේ තීරණයට තදින්ම බලපාන හේතුවක් තමයි බාහිර සාධක කියන්නේ. ඔබව ඔබ නොසිතූ නිෂ්පාදනයක් මිලදී ගැනීමකට ඇද ගන්නා සියලු හේතු පිළිබඳව දැනුවත් වන්න.

  • දැන්වීමක් දැක, ඒ පදනම මත යමක් මිලට ගන්න එපා. රූපවාහිනියේ හෝ වෙනත් දැන්වීමක අරමුණ ඔබව අළුත් යමක් මිලදී ගැනීමට උනන්දු කරවීමයි.
  • මිල අඩු කිරීම් දුටු පමණින් මිලදී ගැනීම් නොකරන්න.  ඔබගේ මිලදී ගැනීම් කල්තියා සැලසුම් කරගෙන පැමිණ, මිල අඩු කිරීම් දුටු විගස යම් දෙයක් මිලට ගැනීම ඔබේ මුදල් නාස්ති වීමට බලපෑ හැක. ඔබට මිලදී ගැනීමට අවශ්‍ය නොවන යමක් 50%ට වඩා අඩු මිලකට මිලදී ගැනීම මුදල් ඉතිරි කිරීමක් නොවේ.
  • මිල උපක්‍රම ගැන දැනුවත් වන්න. සපත්තුවක මිල රු. 499ක් බව දුටු විට, ඒ රු. 500 බව වහා අවබෝධ කර ගන්න. ඔවුන්ගේ අරමුණ වන්නේ සපත්තුව රු. 500ට වඩා අඩු බවට හැඟීමක් ඔබේ සිතේ ඇති කර, ඔබව එය මිලදී ගැනීමට සැලැස්වීමයි.

වට්ටම් සඳහා රැඳී සිටින්න

ඔබ යම් අයිතමයක් අවශ්‍ය වුවද, අද දිනම එය අවශ්‍ය නොවේ නම් මඳක් බලා සිටින්න. ඇතැම් විට උත්සව කාල සීමාවන් පැමිණි විට ඒවායේ මිල ඉබේම අඩු වෙනවා. තාක්ෂණික උපකරණ වෙළඳපොළට පැමිණි විගස මිල වැඩි වුවත්, කල් ගත වන විට මිල අඩු වෙනවා. වසරේ තොග අවසන් කිරීම සඳහා ආයතන විසින් වට්ටම් ලබා දෙනවා. මෙවැනි වට්ටම් සහිත කාලයක් ලැබෙන තුරු මඳක් ඉවසා සිටින්න.

අන්තර්ජාලයෙන් භාණ්ඩ මිලදී ගැනීමේදී සැසඳීම් සිදු කරන්න

දුටු පමණින් මිල අධික භාණ්ඩ මිලදී ගැනීමට පෙර අන්තර්ජාලයේ සොයා බලන්න. එකම භාණ්ඩය මිල ගණන් කිහිපයකට විකිණීමට තිබෙනු දැකිය හැක.

මාසික ගෙවීම් ගැන නැවත සිතන්න

බොහෝ දෙනෙක් මාසික ගෙවීම් කිරීම සඳහා භාණ්ඩ මිලදී ගන්නවා. එක් වර භාණ්ඩය මිලදී ගැනීමට ඇත්තටම ඔබට හැකියාවක් නැති නම් එය ඔබ සඳහා ඇති හොඳම විසඳුමයි. නමුත් සමහරුන් එක් වරම ගෙවීම් කිරීමේ හැකියාව තිබුණත්, මාසික ගෙවීම් සඳහා පෙළඹෙනවා. ඊට පෙර ඔබට ගෙවීමට සිදු වෙන මුළු මුදල ගණනය කර බලන්න. එක් වර ගෙවීමේදී වැය කිරීමට සිදු වන මුදලට වඩා, කොටස් වශයෙන් ගෙවීමේදී ගෙවීමට සිදු වන මුදල් ප්‍රමාණය වැඩි වීමට ඉඩ තිබෙනවා. ව්‍යාපාර විසින් එය පොලියක් ලෙස අය කර ගන්නවා.

වියදම් පාලනය කිරීමට ක්‍රම සොයා ගන්න

එකම දෙය ඔබට වෙනස් විදිහට කළ හැකියි. ඒ සඳහා මිල අඩු ක්‍රමයක් තෝරා ගැනීමට උත්සාහ කරන්න.

  • චිත්‍රපට නැරඹීම සඳහා චිත්‍රපට ශාලාවකට නොයා නිවසේ සිට අන්තර්ජාලයෙන් හෝ DVD පටයකින් නරඹන්න.

වරින් වර කරන මිලදී ගැනීම් වෙනුවට එකවර මිලදී ගැනීම් කිරීම මඟින් මිල අඩු වෙන්න පුළුවන්

ඇතැම් භාණ්ඩ වල සුළු ප්‍රමාණයක් මිලදී ගත් විට ඒකකයකට අය වෙන මිල වැඩියි. එම භාණ්ඩයම වැඩි ප්‍රමාණයකින් මිලදී ගත් විට ඒකකයකට අය වෙන මිල අඩුයි. එවැනි අවස්ථාවකදී වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීම මඟින් ඔබෙන් ඒකකයකට වැය වෙන ප්‍රමාණය අඩු කර ගන්න පුළුවන්.
උදා : කිරි පිටි

ආපනශාලා වලින් කෑම මිලදී ගැනීම අවම කිරීම.

ඔබේ ආහාර පිළියෙල කිරීමට වඩා, ආහාර මිලදී ගැනීම ඉතා මිල අධික වන අතර, මුදල් ඉතිරි කිරීමට උත්සාහ කරන කෙනෙකු විසින් ආපනාශාලා වලින් ආහාර මිලදී ගැනීමට පුරුදු නොවිය යුතුය. ඔබ වැඩ කරන ආයතනයට හෝ පන්තියට ඔබේ දිවා ආහාරය ගෙදරින් ගෙනියන්න. මඟින් වතුර බෝතල් මිලදී ගැනීම වෙනුවට ඔබ නිවසින් වතුර බෝතලයක් ගෙන යන්න


මෙම ලිපියෙ පළමු කොටස සදහා පිවිසෙන්න –

නැණවත්ව මුදල් භාවිතා කරන්නේ කොහොමද ? – 1 කොටස

SHARE