ද හැම දෙනාගේම ප්‍රධාන අවශ්‍යතාවය මුදල් බවට පත් වී හමාරයි. මිනිසුන්ට මුදල් නොමැතිව ජිවත් වීම ඉතා අපහසුයි. ඔබට යමක් මිලදී ගැනීමට අත්‍යවශ්‍ය වූ විට, ඔබ සතුව මුදල් නොමැති වීම ඔබේ සිතේ ඇති කරන්නේ කෝපයක්. නමුත් ඔබට අත්‍යවශ්‍ය මොහොතවල් වලදී මුදල් හිඟ වන්නේ ඔබේම වරදින් විය හැක. ඇතැම්විට එයට හේතුව ඔබ අනවශ්‍ය දේ සඳහා වැඩිපුර වියදම් කර තිබීම විය හැක.




ඔබේ ආදායම් සහ වියදම් ගිණුම් තබන්න

ඔබගේ මුල්‍යමය තත්වය පිළිබඳ නිවැරදි චිත්‍රයක් ලබා ගැනීමට ඔබේ වියදම් සහ ආදායම නිරීක්ෂණය කරන්න. ඔබ රිසිට්පත් සුරක්ෂිත කිරීම හෝ ඔබේ මිලදී ගැනීම් ලියා තැබීම මඟින් සහ සෑම මාසයකම අවසානයේ ඔබේ බිල්පත් සමාලෝචනය කර බැලීමෙන් ඔබේ වියදම් ගැන අවබෝධයක් ලබා ගන්න.

  • ඔබේ අවශ්‍යතා කාණ්ඩ කර (ආහාර, ඇඳුම්, විනෝදාස්වාදය ආදිය) ඔබේ මිලදී ගැනීම් සංවිධානය කරන්න.
  • එක් එක් කාණ්ඩය සඳහා වියදම් කරන ප්‍රමාණය මාසය මුලදීම තීරණය කරන්න. මෙය මුදල් ඉතුරුම් සඳහා හොඳ ඉලක්කයක් වේවි.

ඔබගේ මිලදී ගැනීම් කල්තියා සැලසුම් කරන්න.

භාණ්ඩ මිලදී ගැනීමට හදිසියේ ගන්නා තීරණ නිසා ඔබේ වියදම් ඉහල නගී. සන්සුන්ව නිවසේදී ඔබ මිලදී ගැනීමට අවශ්‍ය දේ සැලසුම් කරන්න.

  • සාප්පු කිහිපයක ඇවිද බලන්න. එකම වර්ගයේ භාණ්ඩ වුවත් විවිධ සාප්පු වල, විවිධ සන්නාමයන් යටතේ වෙනස් මිල ගණන් වලට විකිණීමට තිබිය හැක. මිල ගණන් සටහන් කරගෙන අවසානයේ මිලදී ගන්නේ කුමන සාප්පුවෙන්ද, කුමන සන්නාම වර්ගයද යන්න තීරණය කරන්න.
  • සෑම මිලදී ගැනීමක්ම වැදගත් තීරනයක් ලෙස සැලකීමට ඔබ පෙලඹෙන්නේ නම්, ඔබට වඩා හොඳ මිලදී ගැනීමේ තීරණ වලට එළඹීමට හැකි වනු ඇත.
  • නොමිලේ ලබා දෙන සාම්පල මිලදී ගැනීමට හෝ අලුතින් යමක් උත්සාහ කිරීමට වෙළඳ සේවකයන් ඔබව පොළඹවන්නට තැත් කළත් ඔබ ඔබට අවශ්‍ය දේ පමණක් මිලදී ගන්න. ඔබ එය මිලදී ගැනීමට කලින් සැලසුම් නොකළද, හදිසි තීරණ ගැනීමට ඔබව පෙළඹීමට අනුන්ට ඉඩ නොදෙන්න.

විනෝදය සඳහා සාප්පු සවාරි යන්න එපා.

විනෝදය සඳහා සාප්පු සවාරි යෑමේ ප්‍රතිඵලයක් ලෙස ඔබට අවශ්‍ය නොවන දේවල් මත වියදම් අධික ලෙස වැය වනු ඇත.

හිතේ සැනසිල්ලේ මිලදී ගැනීම් සිදු කරන්න

බීමත්ව, නිදි බරව, සිත් වේදනාවෙන් සහ කුසගින්නේ සිටීමේදී මිනිසා ගන්නා තීරණ වැරදී යාමට වැඩි ඉඩක් තිබෙනවා. මේ නිසා ඔබ සාප්පු සවාරි යාමේදී හිත නිදහස් වෙලාවක් ඒ සඳහා තෝරා ගන්න.

සේවකයින්ගෙන් උපදෙස් ලබා ගැනීම අඩු කරන්න.

ඔබේ යම් ගැටලුවකට ඔවුන්ගෙන් උපදෙසක් අවශ්‍ය නම් විමසන්න. ඔවුන්ගේ ප්‍රතිචාරයට අවංකව සවන් දෙන්න, නමුත් මිලදී ගැනීමේ අවසන් තීරණය ඔබම ගන්න. ඔවුන් මිලදී ගැනීම සඳහා ඔබට යෝජනා කරන දෙයම ඔබ මිලදී ගැනීමට අවශ්‍ය නැහැ. ඇතැම් විට එය මවාපෑමක් විය හැක.

සාප්පු සවාරි යෑම තනියම සිදු කරන තරමට හොඳය

ඔබ සාප්පු සවාරි යන විට කුඩා දරුවන්, මිතුරෙන් සමඟ යෑමෙන් ඔබ කලින් තීරණය කළ ප්‍රමාණයට වඩා වියදම් කිරීමට ඔබට සිදු විය හැක. අමතර මුදලක් වැය කිරීමට ඔවුන් ඔබට බලපෑම් කළ හැකිය.

උදා : ඔබ මිලදී ගැනීමට කෙසේවත් අදහසක් නොතිබුණු භාණ්ඩ ඔබට හඳුන්වා දීම වැනි ක්‍රියාවකින්

ණයට මිලදී ගැනීම් නොකිරීමට උත්සාහ කරන්න

ණයට බදු මිලදී ගැනීමේදී, ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාර්ඩ් භාවිතා කිරීමේදී වියදම් වන ප්‍රමාණය ගැන ඔබට එතරම් දැනෙන්නේ නැහැ. ඔබේ අතේ තිබෙන මුදල් වියදම් කිරීමේදී, වියදම් වන ප්‍රමාණය ඔබට දැනෙන අතර, ණයට මිලදී ගැනීමේදී එය සැබෑ මිලදී ගැනීමක් ලෙස නොහැඟේ.

ඔබට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි මුදලක් ළඟ තබා ගන්න එපා

ඔබ ළඟ අතිරේක මුදල් නොමැති නම්, ඔබට වැඩිපුර වැය කළ නොහැක. මේ නිසා ඔබ සතියකට වියදම් කිරීමට අදහස් කරන මුදල පමණක් සතියේ මුල් දින බැංකුවෙන් ලබා ගෙන අතේ තබා ගන්න.


මෙම ලිපියෙ දෙවන කොටස සදහා පිවිසෙන්න –

නැණවත්ව මුදල් භාවිතා කරන්නේ කොහොමද ? – 2 කොටස

SHARE