දරය කියන්නේ හරි සුන්දර හැඟීමක්. සැබෑ ආදරය ඇතුලෙදි කවදාවත් පෙම්වතා හෝ සැමියා රජ වෙලා, පෙම්වතිය හෝ බිරිඳ දාසියක් වෙන්නේ නැහැ. ඒත් හොඳ පිරිමියෙක් කවදාවත් එහෙම කරන්නේ නැහැ. ඔවුන් තමන්ගේ බිරිඳටත් රැජිනක් වෙන්න උදව් කරනවා. ඇත්තටම ඒ තමයි හොඳ පිරිමියෙකු ඔහුගේ සැබෑ ආදරය පෙන්වන ස්වරූපය. ඒත් අද කාලෙ විවාහ ජීවිත තුලට එබිලා බැලුවොත්, අපිට දකින්න වෙන්නේ දෙදෙනාගෙන් එක් අයෙක් විඳවන හැටියි. ගැහැණුන්ට සිහින තිබුණත්, ගොඩක් පිරිමි ඔවුන්ව ඒ සිහින වලින් ඈත් කරවනවා. ඉතින් ඒ වගේ ආදරණිය යුවලකගේ ආදරණිය කථාවක්. අද එහි දෙවැනි කොටසයි අපගේ myfamily.lk වෙබ් අඩවිය හරහා ඔබට ඉදිරිපත් කරන්නේ.




වෙලාව ඉවර වුනාම සර් පොත් ටික මාරු කරගෙන බලන්න කියල උත්තර කිව්වා.

අපි 3 දෙනාගේ ඔක්කොම ගණන් ටික හරි. 10/10. අච්චු පොතේ ගාණක් හදන්න දීල සර් අපි 3 දෙනා ගාවට ආවා.

“කොහොමද 3 දෙනාගේ ලකුණු?” සර් කරුණාවන්ත හඬකින් ඇහුව. අපි ලකුණු කියද්දී සර්ගේ මුහුනේ හරිම ලස්සන හිනාවක් ඇඳුන. මම හිතුවේ සර් හිනා වෙන්නේ අපි ගැන ආඩම්බර හිතිල කියල.

“ගොඩක් හොඳයි. එහෙනම් කොලයක් අරන් ඒ ගණන් ටිකම ආයේ හදමුකෝ බලන්න, මම මෙතන ඉද්දීම” සර් සන්සුන් හඬකින් කිව්වේ මගේ හිත නොසන්සුන් කරමින්.

අපේ දෙන්න දිහා මම හැරිල බලද්දී උන් දෙන්න බය වෙලා යකෙක් දැකල වගේ. ආයෙත් හැරිල සර් දිහා හැරිල බලද්දී සර් අර හිනාවම මුහුණේ තියාගෙන අපි 3 දෙනා දිහා බලාගෙන ඉන්නවා.

“කරපු වැරැද්ද පිලි ගන්නවද? නැත්තම් දැන් ආයෙත් මගේ ඉස්සරහ ගණන් 10ම හදල පෙන්නනවද?” සර් අහද්දී මට නම් හිතුනේ ගණන් ටික හදල පෙන්නුවා නම් වැඩේ ගොඩ කියල. එක සැරයක් මගෙන් බලාගෙන හදපු නිසා මගේ යාලුවෝ 2ටත් උත්තර, හදන විදිහ මතක ඇති කියලයි මම හිතුවේ.

එත් මම කට අරින්නත් කලින්ම උන් දෙන්නා වැරැද්ද පිලිගත්තා.

“හරි. මේ assessment එකට 3 දෙනාටම ලකුණු නෑ. මම මුලින්ම කිව්වා කොපි කරන්න තහනම් කියලා. ආයෙත් මේ වගේ දෙයක් කරන්න කලින් දහ සැරයක් හිතන්න.” සර් ගැඹුරු කට හඬකින් එහෙම කියල යනවා මට ඇහුනේ හීනෙන් වගේ. හැමදාම ලකුණු 85 පන්නන මට ඒක දැනුනේ මරු පහරක් වගේ.

“අයියෝ, ඇයි ඔයාලා ඕක පිලිගත්තේ? එක සැරයක් හදපු එකේ උත්තර මතක නැද්ද? ආයේ උත්තර ටික ලියල දෙන්න තිබුණනේ” මම වේදනාවෙන් කෑ ගැහුවේ ඉන්නේ කොහෙද කියලවත් මතක නැතුව.

අපේ දෙන්නගේ භීතියෙන් පිරුණු ඇස් දකිනකොටයි මට මතක් වුනේ මම ඉන්නෙ පන්තියේ කියල.

“අනේ දෙවියනේ සර්ට ඇහිලා තියෙන්න එපා” කියල ප්‍රාර්ථනා කරගෙන මම හැරිල බැලුවත් වැඩක් වුනේ නෑ. මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙල නෑ. සර් ඉණටත් අත දෙක ගහගෙන මම දිහා බලාගෙන ඉන්නවා. සර් විතරක් නෙවේ මුලු පන්තියමත් මම දිහා බලාගෙන ඉන්නවා.

“ෂා නියම ideasනේ නෙත්මිට තියෙන්නේ” සර් කියද්දී මට බිම බැලුනේ ඉබේටමයි.”

“නෙත්මි ඇවිත් ඉස්සරහින් හිට ගන්න.” අයෙත් සර් කියද්දී මගේ ඇස් කඳුලින් බර වුණා. හැමදාම ගුරුවරුන්ගේ ආදරේ විතරක්ම දිනා ගත්තු මට, අලුතින් ආපු සර් කෙනෙක් දඬුවම් දෙන්න හදනකොට දරා ගන්නේ කොහොමද? මම බිම බලාගෙනම හිටියේ එතකොට සර්ටම සර් දීපු අණ අමතක වෙයිදෝ කියල වගේ මෝඩ බලාපොරොත්තුවක් හිතේ තියාගෙන.

“මම කියපු එක ඇහුන කියල මම හිතනවා. ඇවිත් black board ඒක ගාව හිට ගන්න.” ආයෙත් සර් කිව්වා, ඒ පාර මම ඔලුව ඉස්සුවා.

“අනේ සර්” මම ඒ මුහුණ දිහා බලාගෙන ආයාචනා කලා.

“මාව තරහ අවුස්සා ගන්නේ නැතුව කියපු දේ කරනවා.” සර්ගේ තරහින් පිරුණු කට හඬ ඇහෙද්දී මාව උඩ විසි වුණා. කඳුලු වැටෙද්දී මම board එක ලඟට ගියා නෙවේ, ඉගිල්ලුනා.

“Period එක ඉවර වෙන්නෙත් නැනේ, අද වෙලාව යන්නේ හෙමින්ද?” වගේ විකාර දේවල් හිත හිත bell එක ගහනකම් ඔහේ බලාගෙන හිටිය.

ඔන්න අන්තීමේදී bell එක ගැහුවා. bell එක ගැහුවට වැඩක් නෑනේ. සර් තාමත් යන්නේ නැතුව home work කරන්න ඕනේ පිටු ටික කියනවා. මට දැනුනේ තරහක්. period එක ඉවර නිසා ගිහින් වාඩි වෙන්නම හිතුනත්, බැනුම් අහන්න වෙයි කියන බය මාව නවත්තල තිබ්බ. මට ඕනේ වුනේ සමාජ අධ්‍යනය මිස් එන්න කලින් ගිහින් වාඩි වෙන්න. ලමයි ඉස්සරහ ලැජ්ජ වුණා මදිවට මිස්ලා ඉස්සරහත් ලැජ්ජ වෙන්න පුලුවන්ද?

සර් යන්න පොත් ටිකත් අරගෙන මම දිහා බැලුව. මම දන්නවා, දැන් කියන්න ඕනේ “sorry සර්” කියල. ඒ වුනාට මම මෙයාට කීයටවත් sorry කියන්නේ නෑ කියල මම හිතා ගත්තේ board එක ලඟට යද්දීමයි. මමත් සර් දිහා යන්තමින් බලල අහක බලා ගත්තා. ඊට පස්සේ සර් ගියා. මම දුවගෙන ඇවිත් පුටුවේ වාඩි වුණා.

“අනේ sorry නෙත්මි. අපි නිසයි ඔයාට..” දිස්නා, මගේ ඒක යෙහෙලියක් අඬන්න ඔන්න මෙන්න.

“හරි හරි. දැන් ඒක ඉවරයි” මම සිනහවක් මුවට නංවාගෙන කිව්වා.

“අය්යෝ ඇයි ඔයා සර්ට sorry කිව්වේ නැත්තේ?” ඉස්සරහ පේලියෙ නදීෂා හැරිල ඇහුවේ පුදුමයෙන් වගේ.

මෙයාලගේ දඟ වැඩ ගැන බලන්න කැමති නම් ලබන සිකුරාදාත් කතාව බලන්න.

SHARE