සැබෑ ආදරය ඇතුලෙදි කවදාවත් පෙම්වතා හෝ සැමියා රජ වෙලා, පෙම්වතිය හෝ බිරිඳ දාසියක් වෙන්නේ නැහැ. හොඳ පිරිමියෙක් තමන්ගේ බිරිඳටත් රැජිනක් වෙන්න උදව් කරනවා. ඇත්තටම ඒ තමයි හොඳ පිරිමියෙකු ඔහුගේ සැබෑ ආදරය පෙන්වන ස්වරූපය. නෙත්මි කියන දඟ කෙල්ලගෙයි, අකලංක කියන ආදරණීය තරුණයාගෙයි ආදර අන්දරයත් ඒ වගෙයි.




විභාග දවස් වලට කලින් හැම උදේකම සර් මට සුභ පතලා fb එකට මෙසේජ් එව්වා. ඇත්තටම දවස උද්යෝගයෙන් පටන් අරන්, විශ්වාසය ඇතුව විභාගයට මුහුණ දෙන්නත් මට ඒ මෙසේජ් උදව් වුණා. කොහොම හරි විභාගෙත් ඉවර වුනේ හිතට ලොකු නිදහසක් එකතු කරමින්.

මම විභාගය ඉවර වුනු දවසේ දිස්නව මුණ ගැහිලා, ඇයත් එක්කම ගෙදර යන්න හිතාගෙන බස් හෝල්ට් එකට වෙල හිටියා. එත් නොහිතපු විදිහට එතනට ආවේ මෙතුන්.

“ඇයි නෙත්මි ඔයා ඔහොම කරන්නේ? ඔයාට දුක නැද්ද?” මෙතුන් ඇහුවා.

“අනේ මට ඔයා ගැන කැමැත්තක් නැත්තම් මම මොනවා කරන්නද මෙතුන්? තේරුම් ගන්නකො.” මම කිව්වේ ඔහු දෙස බලමින්.

වචනයක් දෙකක් මාත් එක්ක කතා කරපු මෙතුන් මගේ අත තදින් අල්ලල ඇද්දේ මාව රිදවමින්.

“ඔයාට පිස්සුද? අත අරින්න මාව.”

“මම තමුසෙව බලෙන් හරි මගේ කර ගන්නවා. මම ඒ දේ ලගදීම කරනවා” කියපු ඔහු එතනින් ගියා.

මම හැරිල බලද්දී දිස්නා ටිකක් දුර ඉඳන් බය වෙලා වගේ මම දිහා බලන් හිටියා.

“කවුද ඒ හැන්ඩියා?” ටිකකින් මගේ ගාවට ආපු දිස්නා ඇහුව.

“පිස්සෙක්” මම බිම බලගෙන උත්තර දුන්නේ ඇගේ ඇස් වලින් මගේ දෑසට නැගුනු කඳුලු හංග ගන්න.

“එහෙනම් අතින් අල්ලන් හිටියේ??” ඇය අහද්දී මම තරහින් ඔලුව උස්සල බැලුව.

“ඔයාට පෙනුනේ මම අතින් අල්ලන් ඉන්නවා වගේද? ඌ මගේ අත බලෙන් ඇද්දා.” එතකොට තමයි දිස්නා මගේ කඳුලු දැක්කේ.

ඇත්තටම ඇය කලබල වුණා.

“අය්යෝ නෙත්මි ඇයි මේ? ඒ කොල්ලා මොකද්ද කලේ?”

“මගෙන් යාලු වෙන්න අහනවා. මම බෑ කිව්වම අතින් ඇදල කිව්වා බලෙන් අයිති කර ගන්නවා කියල”

“අනේ sorry නෙත්මි. ඇත්තටම මට පෙනුනේ නෑ ඒ කොල්ලගෙන් ඔයාට ප්‍රශ්නයක් කියල. නැත්තම් මම එවෙලේම ඔයාලා ගාවට එනවා. ශික්.. මම දුරට වෙල බලන් හිටියේ එහෙම දෙයක් නොතේරුන නිසා.” දිස්නා කිව්වේ ඇත්තටම හිතේ දුකෙන්.

ඊට පස්සේ අපි දිස්නගේ ගෙදර ආවා. දිස්නගේ අම්මා හදල දුන්නු රස බීම එකත් බිබී අපි කතාවට වැටුනා.

“හැබැයි නැත්මි මොනවා වුනත් ඒ කොල්ල හැන්ඩ්සම්. කැමති වෙන්න හිතුනෙම නැද්ද කවදාවත්?” ඇය ඇහුවේ ඇහැක් පුංචි කරමින්.

“කවදාවත් නෑ දිස්නා. මම කැමති, එත් මට කවදාවත් කැමති නොවන කෙනෙක් ඉන්නවා. ඒ නිසා වෙන්න ඇති මට කාටවත්ම හිත යන්නේ නැත්තේ.”

“ඒ කවුද?” දිස්නා ඇහුවේ පුදුමයෙන්.

“අකලංක සර්.” මම හෙමීට කියද්දී ඇයගේ ඇස් පුදුමයෙන් මහත් වුණා.

“Are you serious?? උඹ කලින් දවසකත් මට ඔය කතාවම කිව්වා. මම හීනෙකින්වත් විශ්වාස කලේ නෑ.” ඇය කිව්වේ මගේ උරහිස් වලින් අල්ලගෙන.

මම හෙමීට හිස වැනුවා. ඊට පස්සේ මම හෙමීන් සැරේ මගේ හිතේ තිබුණු හැම දේම දිස්නට කිව්වා.

“සර්ගේ හිතේ උඹ ගැන නැති වුනත්, උඹේ හිතේ තියෙනවා කියල සර්ට දැනෙන්න දෙන්න ඕනේ. අවශ්‍ය තැනදී අවශ්‍ය දේ ඉල්ලල නොලැබෙනවට වඩා, ඒක ඉල්ලන්නේ නැතුව ඉඳල නොලැබුනොත් දුක වැඩි නැද්ද? මොකද සර් වෙන පිරිමි වගේ නෙවෙයි. වෙන පිරිමියෙක් කෙල්ලෙක් ඉස්සර වුනොත් එයාට හිනා වෙලා, අනිත් අයටත් කියයි. එත් සර් එක්කෝ කැමති වෙයි, අකමැති වුනත් ඒක අමතක කරල දායි.” දිස්නා කිව්වේ ටිකක් කල්පනා කර කර ඉඳලා.

“අම්මෝ කීයටවත් බෑ දිස්නා. සර් එක්ක මේ තියෙන හිතවත් කමත් නැති වුනොත් මට ඒක දරා ගන්න බැරි වෙයි. කාලයත් එක්ක මට මේ දේවල් අමතක කරන්න පුලුවන් වෙයි.” මම කිව්වේ ගොඩාක් දුකින්.

“මට සර්ට කියන්නත් හිතෙනවා උඹ ගැන.” දිස්නා දුකෙන් වගේ කියද්දී මට හොඳටම බය හිතුණා.

“අනේ වඳින්නම්. එහෙම කරන්න එපා. මේ හිටපු විදිහටම මම ඉස්සරහටත් ඉන්නම්. මට මොනවා නැතත් සර්ගේ මේ හිතවත්කමත් මහමෙරක් තරමට වටිනවා.” මම කිව්වේ ඇස් දෙකෙන් කඳුළු ගලාගෙන යද්දී.

අන්තිමේදී දිස්නා මට පොරොන්දු වුණා එයා මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්නේ නෑ කියලා.

රෑ වෙන්න ඔන්න මෙන්න තියල තමයි මම දිස්නගේ ගෙදරින් පිටත් වුනේ. පරිස්සමින් යන්න කියල දිස්නා සැරින් සැරේ කිව්වා.

“මම ගෙදර ඇවිත් මගේ කාමරේට යද්දීම මගේ පිටිපස්සෙන් නැන්දා ආවා.

“පුතේ, ඔයාට පන්තියේදී කවුරු හරි පිරිමි ලමයෙක් හම්බුනාද? .”

නැන්ද ඇහුවේ ටිකක් බැරෑරුම් විදිහට. මම පුදුම වෙල නැන්දා දිහා බැලුවා.

“ඔයාට කැමැත්තෙන් හිටපු පිරිමි ලමයෙක් කෙනෙක් ටිකකට කලින් ඇවිත් ඔයාගේ තාත්තව හම්බෙල ගියා. තාත්තා ඒ කොල්ලට කිව්වා හෙට ගෙදර අයත් එක්ක එන්න කියල.

නැන්දා කියද්දී මට දැනුනේ ඇගම පණ නැති වෙනවා වගේ.

“කවුද නැන්දේ? මොකද්ද නම කිව්වේ?” මම ඇහුවේ ඇඳෙන් වාඩි වෙන ගමන්.

“ඉස්සෙල්ල කියන්නකෝ ඔයාගේ කාත් එක්ක හරි සම්බන්ධයක් තියෙනවද කියල..”

“පිස්සුද නැන්දේ? මොකද්ද එයාගේ නම කිව්වේ? මෙතුන්ද?”

“ආ ඔය නෑ කිව්වට නමත් දන්නේ,” නැන්දා හිනා වෙමින් කිව්වා.

මට එක මොහොතින් වැටහුනා සද්ද නැතුව හිටියොත් මගේ අනාගතයම මට අහිමි වෙන්න ඉඩ තියෙන බව. සාමාන්‍යයෙන් මම කවදාවත් තාත්තා කාමරේට වෙල වැඩක් කර කර ඉද්දී disturb කරන්නේ නෑ. එත් මම තාත්තාව හොයාගෙන දිව්වේ නැන්දා පුදුමෙන් බලන් ඉද්දීමයි.

“අනේ තාත්තේ ප්ලීස්. හෙට අර කොල්ලට එන්න එපා කියන්න. මම එයාට පොඩ්ඩක්වත් කැමති නෑ.” මම කියද්දී තාත්තා මම දිහා බැලුවෙ බය වෙලා වගේ.

SHARE