පි කාටත් ඊරිසියාව කියන හැඟීම ඇති වෙනවා. එත් කෙල්ලෙක්ට ඉරිසියාව ඇති වුනාම ඇය හරි පුදුම ප්‍රතික්‍රියා දක්වනවා. සමහරවිට ඔබට හිතා ගන්න බැරිව ඇති ඇයි ඔබේ පෙම්වතිය මේ විදිහේ අමුතු දේවල් කරන්නේ කියලා. එත් ඇය ඒ විදිහට හැසිරෙන්නේ ඇයට ඔබ ගැන යම් ඉරිසියාවක් හෝ සැකයක් ඇති වුණාමයි. වෙනත් වචන වලින් කියනවා නම්, පෙම්වතාව අහිමි කර ගැනීමේ බියක් දැනුනම තමයි ඇය අමුතු විදිහට හැසිරෙන්නට පටන් ගන්නේ. ඉතින් අද අපි තීරණය කළා myfamily.lk වෙබ් අඩවිය හරහා පෙම්වතියකට ඊරිසියාවක් ඇති වුනාම හැසිරෙන ආකාරය ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.




9 කිසිම දෙයක් තනිවම කර ගත නොහැකි අයෙකු සේ සියලුම දෙයට ඔබේ උපකාර පැතීම

ඔබේ පෙම්වතිය වටා වෙනත් පිරිමින් කැරකෙනවාට ඔබ කැමති නැහැ නේද? ඒ වගේම ඇයත් කැමති නැහැ ඔබ වටා තවත් ගැහැනුන් කැරකෙනවාට. ඉතින් ඒ නිසයි ඇය මෙවැනි උපක්‍රමයක් අනුගමනය කරන්නේ. ඇගේ පුංචි පුංචි දේවලට ඔබේ කාලය වැය වෙද්දී, වෙනත් තරුණියක වෙනුවෙන් වැය කිරීමට ඔබේ කාලය ඉතිරි නොකිරීමයි ඇගේ අරමුණ වන්නේ.

10 සමාජ ජාලා හරහා බොරු ගිණුම් විවෘත කිරීම

සමාජ ජාලා හරහා ඇය බොරු ගිණුම් විවෘත කරන්නේ ඔත්තු බැලීමේ පහසුව පිණිසයි. ඇතැම් විට ඇය ඒ ගිණුම් භාවිතා කර ඇයට සැක ගැහැණුන්ට මිතුරු ඇරයුම් යවනවා. ඔවුන් සමඟ කතා කර ඔබ හා ඔවුන් අතර ඇති සම්බන්ධය අවබෝධ කර ගැනීමට වෙහෙසෙනවා. තවත් විටෙක ඇය විවෘත කරන්නේ බොරු කාන්තා ගිණුම්. ඒවායින් ඔබට මිතුරු ඇරයුම් ඒවා ඔබ ඒවා පිලිගන්නවා දැයි බලා සිටිනවා. ඔබ නොදන්නා මිතුරු ඇරයුම පිලිගත්තෝතින් ඇය ඔබ සමඟ කතා බහට එළඹෙනවා. ඔබ කතා කරන ආකාරය සහ දක්වන අදහස් ගැන ඇය හොඳ අවබෝධයකින් සිටිනවා.

11 සමාජ ජාලා වලට ජායාරූප එකතු කිරීම

පෙම්වතා වෙනත් තරුණියන් සමඟ ඇසුරු කරනවා වැඩි බව හැඟෙන විට, පෙම්වතියන් තමාගේ ජායාරූප වැඩි වැඩියෙන් සමාජ ජාලා වලට මුදා හරින්නට පෙළඹෙනවා. තමාගේ සිරුරේ හැඩය කැපී පෙනෙන ඇඳුම් ඇඳ, තමාගේ සුරූපී බව ඉස්මතු වන ආකාරයෙනුයි මේ ජායාරූප ඇය ලබා ගන්නේ. ඇය මෙයින් උත්සාහ කරන්නේ පෙම්වතාගේ අවධානය දිනා ගැනීමටයි. එමෙන්ම මෙම ජායාරූප වලට වෙනත් තරුණයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර නිසා ඔබ කලබල වන ආකාරය දැක ගන්නටත් ඇය බලාපොරොත්තු වෙනවා.

12 ඇය සැක කරන තරුණියන්ගේ නුගුණ ඔබ හා පැවසීම

ඔබ යම් තරුණියක් හා වැඩියෙන් හාද කමක් පවතින විට ඇය බිය වන්නට පටන් ගන්නවා. ඔබ දෙදෙනා අතර සම්බන්ධයක් නැති බව ඇය දන්නා මුත්, මෙම හාද කම අනාගතයේදී යම් තර්ජනයක් විය හැකි බවට ඇගේ සිත ඇයට අනතුරු අඟවනවා. මේ නිසා ඇය ඔබ දෙදෙනා අතර සිත් බිඳවීමට පුංචි උත්සාහයක් දරනවා. අනෙක් තරුණියගේ නුගුණක් ආරංචි වූ විගස ඇය ඔබට එය පවසනවා.

13 ඔබේ දුරකථනය පරික්ෂා කිරීම

ඔබ ගැන යන සැකයක් ඇති වූ විට ඇය ඔබේ දුරකථනය පරික්ෂා කිරීමට උත්සාහ ගන්නවා. ඔබ යැවූ එස්. එම්. එස් පණිවිඩ සහ ඔබ ලබා ගත් දුරකථන ඇමතුම් ගැන ඇය සොයනවා. මේ පරික්ෂා කිරීම ඔබ ඉදිරියේ මෙන්ම, ඔබට රහසේ වුවද සිදු කරනවා.

14 බොරු අසනීප ගැනීම

ඇයට ඇත්තටම ශාරීරික රෝගයක් නැති වෙන්න පුළුවන්. ඇයට තිබෙන්නේ සිත් වේදනාවයි. සිත් වේදනාව නිසා ශාරීරික අසනීප වලට ලක් වෙන අවස්ථාත් තිබෙනවා. එමෙන්ම සමහර වෙලාවට ඇය තමන් අසනීප වී ඇති බව ඔබට බොරුවට හඟවනවා. එහි අරමුණ වන්නේ ඔබේ අවධානය වෙනත් කාන්තාවන් වෙතින් දුරස් කර, ඇගේ පැත්තට ලබා ගැනීමයි.

15 ඇනුම් පද පැවසීම

ඇය ඔබව සැක කරන බව ඇය කෙලින් කියන්නේ නැහැ. නමුත් ඇයගෙන් ඔබ වෙත ඇනුම් පද කියවෙනවා. සමහරවිට ඔබට ඇගේ ඇනුම් පද කීමේ හේතුව වටහා ගන්නට නොහැකි ඇති. නමුත් එසේ ඇය ඔබට වචන වලින්  දමා ගසන්නේ ඇය තුල සැකයක් සහ ඊර්ෂ්‍යාවක් හට ගෙන ඇති නිසයි.


මෙම ලිපියේ පළමු කොටස සදහා පිවිසෙන්න –

පෙම්වතියකට ඉරිසියාවක් හිතුනම කරන අමුතු දේවල් 15ක් – 1 කොටස

SHARE