ජීවිතයේදී විවාහය කියන්නේ බොහොම වැදගත් අවස්ථාවක්. අපි අද ආදර විවාහයෙන් ඔබ්බට ගිහින් යෝජීත විවාහය ගැනයි කථා කරන්න යන්නේ. වර්තමානයේ විවාහය කියන්නේ බොහොම තාවකාලික කරුණක්. විවාහ වි දික්කසාද වීමට පෙර විවාහ වීමට පෙර මේ ගැනත් සිතීම ඉතා වැදගත්.



1) අනාගත සහකරුව හොදින් හදුන ගැනීම වැදගත්

යෝජිත විවාහයකදී ලංකාව වගේ රටක ගොඩක් දුරට දෙදෙනාට තනිව ඇසුරු කිරීම සදහා ලැබෙන ඉඩ ඉතාමත් සීමිතයි. නමුත් අන් සියල්ලකටම වැඩා වැදගත් වන්නේ දෙදෙනා එකිනෙක හොඳින් තේරුම් ගැනීමයි. මෙය විවාහයට පෙර සිදු විය යුත්තක්. විවාහයෙන් පසුව දෙදෙනා තේරුම් ගැනීමට යාමේදී ඔවුන් අතර ඇතිවන ගැටලු වැඩි. එම නිසා විවාහයට පෙර ඔහු සමඟ ඇසුරු කිරීම තුළින් ඔබ ඔහුව තේරුම් ගන්න.


2) ඔබත් කේන්දර බලනවද?

සමහර විට ඔබ ඔබට ගැලපෙන සහකරුවෙකු සොයනවට වඩා ඔබගේ කේන්දරයට ගැලපෙන සහකරුවෙකු සොයනවා වෙන්න පුළුවන්. නමුත් හදහනේ තිබෙන ග්‍රහයන් මතම ඔබගේ සියල්ල තීරණය කරන්න යන්න එපා. සමහර විට ඔබට වඩාත් සුදුසු ඔබව වඩාත් ආදරෙන් රැක බලා ගන්නෙකු ඔබට කේන්ද්‍රය නිසා මඟහැරෙන්න පුලුවන්. කේන්දරය ගැලපුන තරමටම ජීවිතය ගැලප ගැනීම පහසු වෙන්නේ නෑ.


3) රැකියාව ඉතා වැදගත්.

විවාහයක් සදහා මනා ස්ථිර බාවයක් ලබා ගැනීමට නම්, රැකියාව ඉතාම වැදගත් වනවා. මෙයින් අදහස් කරන්නේ ඉතා ඉහල රැකියාවක් කිරීම නොව, එදිනෙදා ජීවිතය සරලව හා සුන්දරව ගත කිරීම සඳහා ඔබ දෙපලම රැකියාවක් නිරත වෙනවනම් එය වඩාත් සාර්ථකයි. රැකියාව ස්ථිර නොවුන හොත් යම් දිනක ඔබගේ දරුවන්ද එයින් දුක් විඳීවි.


4) කුලය පිලිබඳ ඔබ සැලකිලිමත්ද

කුලය කියන්නේ අපේ රටේ අතීතයේ මිනිසුන්සේ රැකියා මත ගොඩ නැගුනු දෙයක්. ඉතිං 21 වෙනි සියවසේ ඉන්න ඔබත් කුලය ගැන වද වෙමින් විවාහය තවත් ප්‍රමාද කරනවද? මෙයනම් ඉතාමත් අනුවන ක්‍රියාවක්. මෙය කිසිවිටකත් ආදරණිය පවුල් ජිවිතයක් ගත කිරීමට කුලය ඕනට බාදාවක් නෙවේ.


5) ටිකක් කාලය ගැනීම වැදගත්.

මංගල යෝජනා වලදී එකම කාලයකදී යෝජනා කිහිපයක්ම යම්තමින් ගැලපීගෙන එන අවස්ථා තියෙනවා. ඒ වගේ වෙලාවට සුදුස්සා තොරාගන්නට යම් කාලයක් ගැනීම කල යුතුයි. විවාහයකදී නෑයින් සහ ඔබ එකතුව කරන තෝරාගැනීම ඇතැම් විටක වැරදි වීමටද ඉඩ කඩ තියෙනවා. කෙසේ හෝ අවසානයේ ඔබ සහකරුවාව තොරා ගත යුතුයි. එම අවසාන අවස්ථාව අවට අයට වඩා තමුන්ටම තීරණය කල හැකිනම් එය වඩාත් වටිනා මංගල යෝගයක් විය හැක.


6) ඔහු ගැන සොයා බැලීම වැදගත්

ඔබ සහකරුවා පිළිබද දැනුවත් වුයේ පුවත්පතින් එහෙමත් නැත්නම් අන්තර්ජාලයෙන් විය හැකියි. සමහර වෙලාවට යාලුවන්ගේ නෑදෑයන්ගේ මාර්ගයෙන්, කපු මහත්තයෙක්ගේ මාර්ගයෙන් ඔබ ඔහුව හදුනා ගත්තා විය හැකියි. මෙ නිසා ඔබම එසේත් නැතහොත් ඔබගේ පවුලේ සාමාජිකයෙක් ඔහු පිලිබඳ තොරතුරු සොයා බැලීම ඉතා වැදගත්.

SHARE

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here