බ දෙපල අතර ඇති සම්බන්ධතාවයත් “අංගසම්පූර්ණ” නම්, එම සම්බන්ධතාවය විශිෂ්ඨ එකක් බව කිව හැකියි. “අංගසම්පූර්ණ” සම්බන්ධතාවයට විවිධ අර්ථකතනයන් තියෙන්න පුළුවන්. යුවලකගෙන් යුවලකට එම අර්ථකතනය වෙනස්වෙන්නත් පුළුවන්. සිතුම් පැතුම් හා මතයන් එකිනෙකාට වෙනස් වෙන බව ඔබ දන්නවානෙ. “අංගසම්පූර්ණ යුවලක්” එක් රැයකින් ඇතිවෙන්නේ නෑ. වසර ගණනාවක් පුරාවටම කළ කැපකිරීම් හා අඛණ්ඩ වෙහෙසවීම් වල ප්‍රථිඵලයක් තමයි “අංගසම්පූර්ණ යුවල”. ඔබේ යහළු-යෙහෙළියන්ගෙන් හා ඔබ දන්නා වෙනත් විවාහ වුණු අයගෙන් ඔබට අදහස් හා උපදෙස් ගන්න පුළුවන්. “අංගසම්පූර්ණ යුවලක්” හැමදාම එකිනෙකා කෙරෙහි කොතරම් සැලකිළිමත්ද කියා මතක් කරනවා. ඔබේ සම්බන්ධතාවයත් “අංගසම්පූර්ණ” කරගන්නේ කෙසේදැයි මේ ලිපියෙන් විස්තර කෙරෙනවා.



∗ කෙටි පණිවිඩ (SMS) ගොඩක් යවන්න එපා

එංගලන්තයේ බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ පරියේෂකයන් සොයාගෙන ඇත්තේ, නිතරම කෙටි පණිවිඩ යවා ගන්නා ජෝඩු තම සම්බන්ධතාවය ගැන එතරම් සෑහීමකට පත්නොවන බවයි. තවද, සබඳතා ගැටළු නිරාකරණයට හා තීරණගැනීමට කෙටි පණිවිඩ භාවිතාකරන ජෝඩුත් අසතුටින් බව අනාවරණය වී ඇත. අද කාලය වනවිට තාක්ෂණය සම්බන්දතා වලටත් බලපෑම් ඇතිකරනවා.


∗ උදාසීන ගති, කරදරකාරී ස්වභාවය, ඒකාකාරීබව හා එපාවීම්

2009ය වසරේ සිදුකර ඇති අධ්‍යයනයකින් තහවූරු වී ඇත්තේ, සහකාරිය හා සහකරු උදාසීන වනවිට සම්බන්ධතාවය පලුදු වන බවයි. මේ පරීක්ෂණය සඳහා ජෝඩු 7ක් යොදා ගැණුනා. සෑම ජෝඩුවකටම එක් තෝරාගැනීමක් කිරීමට ඉඩ හැරියා. ඒ තෝරා ගැනීමෙන් නියෝජනය වූයේ අදාළ ජෝඩු තම සම්බන්ධතාවය ගැන ඇති අදහසයි. ඉන් උදාසීන ජෝඩු කළ තෝරාගැනීමෙන් තහවරු වූයේ, ඔවුන් අසතුටින් සිටින බවයි. මේ නිසා, ඔබ දෙපල උදාසීන ගති හා ඒකාකාරීබව නැතිකරගන්න.


∗ සමාජ ජාල වල කරන පළකිරීම්

සිදුකර ඇති අධ්‍යයනයයකින් තහවූරු වී ඇත්තේ, සමාජ ජාල වෙබ් අඩවි වල තම සම්බන්ධතාවය ගැන පළ කිරීම් වැඩියෙන් සිදුකරන ජෝඩු ඔවුන්ගේ සම්බන්ධතාව ගැන වඩා සතුටින් සිටින බවයි. එසේ නොකරන ජෝඩු එසේ කරන පිරිස තරම් සතුටු නැති බවයි. මේ අධ්‍යයනය සඳහා ජෝඩු දහසකට වඩා යොදාගැණුනා. ඒ සෑම යුවලකගෙන්ම ඔවුන්ගේ සබඳතාවය ගැන කරුණු විමසා තිබුණා. ඉන් තහවූරු වූයේ, නිතරම මුහුණු පොත වැනි සමාජ ජාල වෙබ් අඩවි වල තම සබඳතාවය ගැන පළකිරීම් කරන ජෝඩු එම සබඳතාවය ගැන ඉහල මට්ටමින් සෑහීමකට පත්වෙන බවයි.


∗ ඔබේ සහකරු හෝ සහකාරියට ඔබේ යහළුවන් කැමති විය යුතුයි

2015ව වසරේ සිදුකර ඇති අධ්‍යයනයකින් තහවරු වුණේ, ජෝඩුවක් අතර ඇති සබඳතාවයට/යහපත් පැවැත්මට පවුලේ අය හා මිතුරන් සාධණීය ලෙස සහයෝගය දැක්විය යුතු බවයි. සහකරු හෝ සහකාරිය, එකිනෙකාගේ මිතුරන් හා මිහ්‍රශීලී නම්, එම යුවල අතර ඇති විශ්වාසය හා ආදරණීය බව වැඩි බවයි. එකිනෙකාගේ මිතුරන් හා මිත්‍රශීලී නොවන ජෝඩු අතර බැඳීම තරමක් හෝ දුරට අඩු බවයි.


∗ “ප්‍රේමණීය මොහොතක්”

ඔබ දෙපල මාස හෝ වසර ගණනාවක් පුරාවට එකට සිටියා වෙන්නේ පුළුවන්, නමුත් ඔබ දෙපලට ප්‍රේමණීය රාත්‍රී ආහාර වේලක් ගැනීම සඳහා අවන්හලකට යන්න බැරිකමක් නෑනේ. මෙසේ කිරීමෙන් සබඳතාවය නිතරම නැවුම්වෙනවා. මේ සඳහා ඔබේ වයස කුමක්ද කියන එක බලපාන්නේ නෑ. ඔබ දෙපල කැමති ඕනෑම දෙයක් කරන්න පුළුවන්.


∗ ඔබේ සහකරු හෝ සහකාරිය ඔබේ හොඳම මිතුරා විය යුතුයි

2015ව වසරේ සිදුකර ඇති අධ්‍යයනයකින් තහවරු වුණේ, ලොව සිටින විවාහක පිරිස තනි පුද්ගලයන්ට වඩා සතුටින් සිටින බවයි. ඔබ “අංගසම්පූර්ණ” සබඳතාවයක් ගැන සිතනවා නම්, ඔබේ සහකාරිය හෝ සහකරු ඔබේ හොඳම මිතුරා කරගන්න. එසේ තම සහකාරිය හෝ සහකරු තම හොඳම මිතුරා ලෙස සලකන ජෝඩු ඉතා සතුටින් සිටින බව පැවසෙනවා.

මේ ලිපියේ දැක්වෙන සමහර කරුණු වලට ඔබ එකඟ නොවෙන්න පුළුවන්. ඒ, “අංගසම්පූර්ණ යුවලක්” කියන කරුණ ගැන ඔබට විවිධ මත තියෙන නිසායි. මේ මොන දේ සඳහන්ව තිබුණත්, සබඳතාවයක් රඳා පවතින්නේ විශ්වාසය, ආදරය, කැපවීම, ගරුකිරීම, සෙනෙහස, කරුණාව, හා අන්‍යෝන්ය අවබෝධය මත බව මතකයේ තියාගන්න.

SHARE

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here