නෑම පිරිමියෙකු කැමතියි තමන්ට කාන්තාවන් ආකර්ෂණය වෙනවා නම්. ඒත් ආකර්ෂණය දිනා ගන්න එක හැමෝටම කරන්න බැරි වැඩක්. ආකර්ෂණිය චරිතයක් වීමට නම් ඔබේ හැසිරීම් රටාව, ගතිගුණ ආදි සියල්ලම කැපී පෙනිය යුතුයි. මේ අතර, පර්යේෂණ කණ්ඩායමක් මඟින් සොයාගෙන තියෙනවා කාන්තාවක් ආකර්ෂණය වන පිරිමින්ගේ ගති ලක්ෂණ 10ක් පිළිබඳව. ඉතින් අද අපි තීරණය කළා අපේ myfamily.lk වෙබ් අඩවිය හරහා ඔබට ඒ කරුණු 10 ඉදිරිපත් කරන්න.




01. ආත්ම විශ්වාසය

ගැහැනුන් හොඳ ආත්ම ශක්තියක් ඇති පිරිමියෙකුට ඉක්මනින් ආකර්ෂණය වෙනවා. හැමදේටම පස්ස ගගහා ඉන්න පිරිමියෙකුට වඩා, ආත්ම විශ්වාසයකින් යුතුව යම් දෙයක් කිරීමට උත්සාහ කරන පිරිමියෙකුට ඔවුන් කැමතියි. හොඳ ඉරියව්වකින් සිටින අතරේ, පුංචි හිනාවක් මුවේ රඳවාගෙන ඉන්න පිරිමියෙකුට හොඳ ආත්ම විශ්වාසයක් ඇති බව කාන්තාවන්ට ඉබේටම දැනෙනවා.


02. විනෝදජනක බව

මෙයින් කියවෙන්නේ අනවශ්‍ය ලෙස විහිලුකාරයෙකු වීම ගැන නොවේ. තැනට ගැලපෙන ලෙස, සුදුසු විහිළුවක් කර කාන්තාවන්ව විනෝදයට පත් කළ හැකි නම් ඔවුන් ඔබට ආකර්ෂණය වෙනවා. තමන් දුකින් සිටින මොහොතකදී වුවද, තමන්ව හිනැස්සවීමට සමත් පිරිමින්ට කාන්තාවන් කැමතියි.


03. ගැලපෙන්නට විලාසිතා කිරීම

විලාසිතා කිරීමට ලොකු මුදලක් අවශ්‍ය වන්නේ නැහැ. ඔබ අඳින ඇඳුම් පිරිසින්දුව, ඔබේ ශරීරයේ ස්වභාවයට ගැලපෙන ලෙස, ඔබේ වයසට හා රැකියාවට ගැලපෙන ලෙස අඳින්නට පුරුදු වන්න. නිවැරදි විලාසිතාවන් කාන්තාවන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වෙනවා.


04. පෙනුම සහ පෞරුෂත්වය

ප්‍රථම දැක්මේදී ඔබේ පෙනුම කාන්තාවගේ සිත පැහැර ගත යුතුයි. ප්‍රථම දැක්මේදී ඇගේ සිතට ඔබ ගැන ඇතුළු වන හැඟීම මත තමයි එය දිගු කාලීන සබඳතාවයක් බවට හැරෙනවාද, නැද්ද යන්න තීරණය වන්නේ.


05. පැහැදිලි අරමුණක් සහිත වීම

කාන්තාවන් හරිම කැමතියි තමන්ගේ ජීවිතය ගැන හරි අරමුණක් තියෙන පිරිමි අයට. ඔබ ඒ අරමුණු තවමත් ඉෂ්ඨ කරගෙන නොමැති වුණාට ගැටළුවක් නැහැ. ඒත් ඔබට ඉදිරි කාලය ඇතුලත ඔබ සිටිය යුතු තත්වය ගැන හරි අරමුණක් තිබෙනවා නම්, ඔබ ඔබේ අරමුණ ඉෂ්ඨ කර ගැනීම පිණිස මහන්සි වන බව පෙනෙනවා නම්, කාන්තාවන් ඔබට අනිවාර්යයෙන්ම ආකර්ෂණය වෙනවා.
උදා : තව අවුරුදු 2ක් ඇතුලත කාර් එකක් ගන්නවා.


06. ඇසේ වර්ණය

කෙනෙකු දුටු පමණින් ඔහුගේ දෑස් වෙත අනෙකාගේ බැල්ම යොමු වීම සාමාන්‍ය දෙයක්. පරීක්ෂණ ප්‍රතිඵල වලට අනුව, ගැහැණුන්ගේ වැඩිම ආකර්ෂණය දිනා ගන්නේ කොළ පැහැති ඇස් ඇති පිරිමින්ය. ඉන්පසු පිලිවෙලින් ලා නිල් පැහැති ඇස් හිමියන්ටත්, ලා දුඹුරු පැහැති ඇස් හිමියන්ටත් කාන්තා ආකර්ෂණය හිමි වන බව හෙළි වී තිබෙනවා.


07. බුද්ධිමත් බව

කාන්තාවන් පිරිමියාගේ පෙනුමට වගේම, බුද්ධිමත් බවටත් ආකර්ෂණය වෙනවා. ඇත්තම ඔහු මහා බුද්ධිමතෙකු වීම අවශ්‍ය නැහැ. අවශ්‍ය වන්නේ ගැටළුවක් ඇති වූ විට එය දක්ෂ ලෙස විසඳීමේ හැකියාවත්, කතාබහේදී බුද්ධිමත් ලෙස වචන හැසිරවීමේ හැකියාවත්ය. පිරිමින් කාන්තාවගේ ගැටළු වලින් ඇයව ආරක්ෂා කර දෙමින්, ඒවා විසඳා දෙනවා නම් කාන්තාවන් හරිම කැමතියි.


08. රැවුල

කාන්තාවන් වැඩි දෙනෙක් පුරුෂයන්ගේ රැවුලට කැමතියි. රැවුල වවා සිටීමෙන් බොහෝ පිරිමින්ට පෞරුෂත්ව පෙනුමක් ලැබෙනවා. මේ නිසා මුහුණේ මඳ වශයෙන් රැවුල වවා සිටීම මඟින් ඔබට කාන්තා ආකර්ෂණය දිනා ගත හැකියි. නමුත් පිළිවෙලක් නොමැතිව, මුහුණ පුරා රවුල් කොට වවාගෙන සිටින පිරිමින්ට කාන්තාවන් ප්‍රිය නැහැ.


09. තත්වය

තත්වය යනුවෙන් අදහස් කරන්නේ ඔබේ රැකියාව හෝ මුදල් මට්ටම නොවේ. කාන්තාවන් ආකර්ෂණය වන්නේ සමාජය ඔබට දක්වන ගරුත්වයටයි. ඔබට සමාජයේ ගෞරවය ලැබෙන සේ හැසිරීමේ හැකියාවක් තිබෙනවා නම්, සමාජය හා සාර්ථකව ගැටීමේ හැකියාවක් තිබෙනවා නම් කාන්තා ආකර්ෂණය ඔබට දිනා ගත හැකියි.


10. උස

කාන්තාවන් ආකර්ෂණය වන්නේ තමාට වඩා උසැති පිරිමින්ටයි. උසැති පිරිමින්ට අනෙක් අයට වඩා හැකියාවන් සහ අධිපතිබවක් ඇති බවක් කාන්තාවන්ට හැඟෙනවා. සමාජයේ පිළිගැනීම අනුවත් පුරුෂයා කාන්තාවට වඩා උසින් වැඩි විය යුතු යැයි සම්මතයක් පවතින නිසා, මේ අදහස කාන්තාවන්ගේ සිත තුලට ඇතුළු වී තිබෙන්නට පුළුවනි.

SHARE