තාක්ෂණය වේගයෙන් දියුණු වෙන යුගයක තාක්ෂණය නිසාම අපි අපේ ළගින්ම ඉන්න අය සමග ප්‍රශ්න ඇතිකරගන්නවා නේද ? මේ ගැටළුව ඔබට විතරක් නෙවේ . වර්තමාන සමාජයේ ගොඩක් දෙනෙකුට තියන ගැටළුවක්. ඔබගේ ආදරවන්තයා දවසම වගේ ඔන්ලයින් හිටියත් ඔබත් එක්ක කථා කරන්නේ නැද්ද? මේ නිසාම ඔබේ සිතේ ඔහු ගැන සැකයක් ඇති වෙලාද ? ඔබගේ හිතේ තියන හැම ප්‍රශ්නයකටම මෙම ලිපියෙන් පිළිතුරු ලැබේවි.




01. වර්තමාන සමාජය තේරුම් ගැනීම ඉතාම වැදගත්.

ඔබ දන්නවද අපි මේ ඉන්නේ 21 වෙනි සියවස තුළයි. ලෝකය දියුණු වෙමින් පවතින යුගයක අපත් සෑම දෙයක් දිහාම විවෘර්ත මනසකින් බැලිය යුතුමයි. ඔහු මෙන්න අප සියලු දෙනාම විවෘර්තව ලෝකයත් සමඟ ගනුදෙනු කිරීම වැදගත්. ඒ නිසා ඔහු දෙස විවෘර්ත මනසින් බැලීම ඉතා වැදගත්. මේ තුලින් ඔබගේ ගැටළු නිරාකරණය වේවි.


02. සැකය ඔබව විනාස කරයි.

සැක කිරීම කියන්නේ ඉතාම භයානක දෙයක්. පුංචි සැකකිරීමක් විශාල ප්‍රශ්නයට මුල පුරනවා. ඔබ ඔහුගේ පුංචි දේවල් සැක කිරීමෙන් සිදුවන්නේ ඔබ ඔහුගේ සෑම දෙයක්ම සැක කිරීමට පුරුදු වෙන එකයි. ඒ නිසා සැකයෙන් තොරව ඔහු දෙස බැලීමට හුරු වෙන්න. මේ නිසා ඔබගේ සම්බන්දය තව තවත් ලස්සන වේවි.


03. වැරදිවලට වඩා හොඳ දකින්න.

ඔබ ඔහු ඔන්ලයින් සිටින වේලාව පිළිබඳවත්, ඔබ සමග චැට් කරන්නේ නැති කමත් නිසා ඔබ නිතර දුක වනවාද. නමුත් ඔබ ඇයි සිතන්නේ නැත්තේ ඔහු ඔබ වෙනුවෙන් කරන දේවල් පිලිබඳ. ඔබ ඔහුගේ වැරදි වෙනුවට හොඳ අගයන්න පුරුන්දු වෙන්න. මෙය ඔබගේ සම්බන්දයේ ස්තිරත්වයට මනා හේතුවක් වනු ඇත.


04. ඔන්ලයින් කියන්නේ කා එකක්වත් චැට් කරනවා කියන එක නෙවේ.

ඔබ ඔබගෙ පෙම්වතා ඔන්ලයින් ඉන්නවට අකමැති ඔහු වෙනත් ගැහැණු ළමයින් සමඟ චැට් කරයි කියන බය නිසා නේද? ඔන්ලයින් ඉන්නවා කියන්නේ කා එක්කවත් චැට් කරනවම නෙවේ. අනික තවත් ගැහුණු ළමයි එක්ක චැට් කළත් එය ඔබ ඔබගේ ආදයට බාදාවක් කර ගන්න එපා. මොකද අන් සැමෝටම වඩා ඔබ ඔහුට සුවිසේෂයි.


05. ඔහුට බලකිරීම් කරන්න එපා.

ඔබ නිරන්තරයෙන් ඔහු සමඟ ඔන්ලයින් සිටිනවාට රණ්ඩු ඇතිකර ගන්නවද? එසේ නොකරන මෙන් ඔහුට බලකරනවද ? මේකෙන් වෙන්නේ ඔහුට ඔබව හිසරදයක් වෙන එකයි. ඔබ ඔහුට නිදහස දෙන්න. ඔහු පිලිබඳ තබන විශ්වාසය ඔහුව ඔබ ලගම තබා ගැනීමට හේතුවක්.


06. ඔහු වැඩක ඉන්නවා වෙන්න පුළුවන්.

ඔබ ඔහු නිරන්තරයෙන් ඔහුගෙන් මෙසේජ් එකක් එනකන් බලන් ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් ඔහු වෙනත් වැඩක් සමඟ කාර්ය බහුල වී සිටින්නට පුළුවන්. එමනිසා ඔහු සමඟ රන්ඩු කිරීමට හෝ ඔහුව සැක කිරීම සිදුකරන්නට පෙර මේ ගැනත් සිතන්න.


07. ඔබ ආදරේ හොයනවා වැඩිනේද

ඔබ දන්නවද සාමාන්යෙන් කාන්තාවන් පුර්ශයන්ට වඩා ආදරය සොයන්නට උත්සහ කරනවා. ඔබගේ ආදරවන්තයා නිරන්තරයෙන් ඔබ ගැන සොයා බලනවට, ඔබ සමඟ කථා කරනවට ඔබ ගොඩක් ප්‍රිය තාවයක් දක්වනවා නේද? නමුත් මනොවිද්යනුකුලව පිරිමි ළමුන් එතරම් ආදරය පෙන්නුම් කරන්නේ නෑ. මේ නිසා ඔහු ඔබ සමග නිරන්තරයෙන් චැට් කළේ නැතත් ඔහු ඔබට ගොඩක් ආදරය බව මතක තබාගන්න.


08. ඔබත් වැඩක යෙදෙන්න.

ඔබ නිකරුනේ ඔහේ කාලය ගත කරන විටයි, සිත තුල විවිද අදහස් සක සංකා ඇතිකර ගන්නේ. ඔබ කිසියම් වැඩක යෙදෙන්න එවිට ඔබගේ සිතෙහි මෙවැනි සැකයක් ඇතිවීමට ඉඩක් නැත. කාර්යබහුල බව ඔබගේ සියලු ගැටළු මහැරවනු ඇත.

SHARE

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here