ජීවිතයට ආදරෙන් – 2 කොටස

ඇය සැමියා වෙන ගැහැනියක් සමග අනියම් සම්බන්ධයක් පටන් ගැනීම නිසා අධික වේදනාවට පත් වුන තරුණ යුවතියක්. ඇයගේ කතාව ඇගේ වචනයෙන්ම කීවොත් මෙහෙමයි.

ඇගේ කතාව

මම ඉගෙන ගත්තේ ලංකාවේ ප්‍රසිද්ධ කොන්වන්ට් එකක. මම විශ්ව විද්‍යාලයට තේරුනේ නැති නිසා තාත්තා මාව පුද්ගලික විශ්ව විද්යාලෙකට දැම්මා. මට තව අක්කිලා දෙන්නෙක් ඉන්නවා. අපේ දෙමාපියෝ නාගරික මධ්‍යම පාන්තිකයෝ. අපේ අම්ම ගෘහනියක්. තාත්තා ව්‍යාපාරික වැඩ කළා. අපි කාටවත් කුඩා කාලේ අපහසුකම් තිබිල නැහැ.

ඉතින් උපාධිය ඉවර වෙන්නත් කලින්ම මම හිතවත් මිතුරෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් ගත්තා. එයා තමා මගේ පලවෙනි ආදරේ. ඇත්තටම එයා මගේ ජීවිතේ වුනා. ඉන් පස්සේ අපි ඉක්මනින් විවාහ වුනා. මම රැකියාවකට යනවට සැමියා අකැමැත්තක් දැක්කුවේ නැහැ. ඒත් මම කැමැත්තෙන්ම නැවතුනේ අපි දෙන්නගේ පවුල ගැන හිතලයි. අපි දෙන්නා ගොඩක් සතුටින් අවුරුදු 2 ක් ගත කළා. ඉන් පස්සේ ගොඩක් සතුටුයි බබා ලැබෙන්න ආවා. සැමියාටත් සතුටුයි.

දුවට අවුරුදු එක හමාරක් වෙද්දී මට ඔහුගේ හැසිරීමේ වෙනසක් දැනුණා. මම ඒ ගැන ඔහු එක්ක නිතරම රන්ඩු කළා. ඒත් ඔහු වෙනස් වුනේ නැහැ. ඔහු අපට නිසි ලෙස සැලකුවා. නමුත් වෙනදා වගේ මා ගැන උනන්දුවක් නැති බව පෙනුණා. මෙයින් මම ලොකු මානසික අවුලකට වැටුනා. ඔහොම ඉද්දි මට දැනගන්න ලැබුනා ඔහු වෙනත් කාන්තාවක් සමග සම්බන්ධ වෙලා සිටින බව. මේක දැනගත්තු ගමන් මගේ ලෝකය කඩා වැටුනා. ඔහු කොයිතරම් නරක මිනිහෙක්ද? මට දැන් ඔහු ගැන ලොකු වෛරයක් ඇති වී තිබෙනවා. ඒ වුනත් දික්කසාද වෙන්න දෙන්න බැහැ.

ඔහුගේ කතාව

මම මාගේ බිරිඳ එක්ක විවහා වුනේ ප්‍රේම සම්බන්ධයකින්. ඇය මා සමග ගොඩක් ආදරෙන් හිටියා. මාගේ වුර්තිය එක්ක මට ගොඩක් කාර්ය බහුල වෙන්න සිදු වුනා මොකද අපේ පවුලේ එකම උපයන්නා මම නිසා. අපි සතුටින් ඉද්දි එයාට දුව ලැබුණා. එය මගේ ජීවිතේ වෙච්ච සතුටුදායකම සිදු වීමක්.
නමුත් ඉන් පසු මගේ බිරිඳ ගොඩක් වෙනස් වුණා. මම හිතන්නේ ඒ වෙනසට නැන්දම්මා ගොඩක් දායක වුනා. ගර්භනී වුන දවසෙම “ දැන් ඔයා අම්ම කෙනෙක්. ඒ විදිහට වැඩ කරන්න “ කියා ලොකුවට උපදෙස් දෙනවා මට ඇහුණා.

දුව ඉපදුනාට පස්සේ ඇය පෙර තිබුන පිරිසිඳුකම අතහැර දැම්මා, පිළිවෙලට අඳින එක නැවැත්තුවා. ඒ වගේම ගර්භනී කාලේ වගේ කිරි දෙද්දීත් දෙන්නකෙට කියමින් අධිකව ආහාර ගත්තා. ඇත්තටම මෙය අගේ සෞක්යට හොඳ නැති බව මම නොයෙක් වර කියනවා. අධික තරබාරුව එක්ක ඇය තව තව මහත් වුනා. ශරීර බරත් එක්ක වැඩ පල කර ගැනීම අසීරු වුනා. ඇය බොහෝ විට කළේ දුව තුරුල් කරගෙන දවසම නිදන එකයි.

ගේ දොර අපායක් වගේ. මට ගෙදර එද්දී කන්න දෙයක් නැහැ. හැමදාම මම අපි දෙන්නට කන්න රාත්‍රී ආහාර ගෙනාවා. පුංචි දරුවෙක් එක්ක ගෙදරක කළ නොහැකි තරම් බර වැඩ නැති බව මම දන්නවා. සෙනසුරාදට මම අපි ඔක්කොගෙම රෙදි හෝදනවා. වේලනවා. නමුත් ඇයගෙන් මට ලැබුනේ බැනුම් විතරයි.

දුව නිදි වෙලාවක ඇය ලඟට ගියත් වෙනදා වගේ ආදර සැලකිලි නැහැ. අගේ ශරීරය අධිකව මහත් වුන නිසා මගේ හිතේ ඇය කෙරෙහි ඇති ආදරය අඩු වුනේ නැහැ. නමුත් බිරිඳක් ලෙස ඇති ආකර්ශනය නම් අඩු වුනා. මේ ගැන වටින් ගොඩින් කියල ඇයට ජිම් එකකට යන්න , ආහාර පාලනය කරන්න, මාසෙකට සැරයක් වත් ඉස්සර වගේ සැලුන් යන්න කියල කීවහම ලැබුනේ එකම උත්තරයයි.

“ මම දැන් කාට පේන්න ලස්සනට ඉන්නද ? අම්ම කෙනෙක් උනාම ඒ විදිහට ඉන්න ඕනේ “

කියන වාක්යයි. පස්සේ මම ඒ ගැන කතා කරන එක නවතා දැම්මා. නමුත් මගේ හිතේ ලොකු පීඩනයක් ඇති වුනා. මම මේ වගේ දෙකට යොමු වුනේ අන්න ඒ නිසා. ඒ දේ හරි කියල මම කියන්නේ නැහැ. නමුත් මම මේක නවත්වන්න කැමතියි. ඇයට පෙර වගේම ආදරය කරන්නත් කැමතියි. එකම දේ ඇය තමන්ගේ වරද පිළිගෙන වෙනස් වෙන්න ඕනේ.

හැමෝගෙම කතාවක්ද මේ ?

ඔබට හුරු පුරුදු බවක් දැනෙනවාද ? ඔවු සමාජයේ ගොඩක් කාන්තාවෝ මෙන්න මේ වගේ. දරුවෝ ලැබුනහම තමන් සම්පූර්ණයෙන් තමන් අතහරිනවා. නමුත් ඔබ සිතිය යුතුයි සැමියා කියන්නේ ඔබේ පෙම්වතා. මැරෙන තුරුම ඔහු ඔබේ ලස්සන ගැන කරදර වෙන, ඒ ලස්සන විඳින පෙම්වතා. විවාහ වුනා කියල දරුවෝ ලැබුනා කියල ඔහු ඉදිරියේ ප්‍රිය මනාප ලෙස හැසිරීම මගහරින්න එපා

දරු උපතින් පසු ඔබේ සිරුර වෙනස් වෙනවා. එය ස්වාභාවිකයි. නමුත් ඉන් පසු ක්‍රමයෙන් ව්‍යායාම කිරීම ඔබේ ලස්සනට විතරක් නෙවේ සෞක්යට වඩා හොඳයි. ලස්සනට අඳින්න පළඳින්න. ප්‍රිය වචන කියන්න. අම්ම කෙනෙක් වුනා කියල ජීවිතේ විඳින්න ඔබට තහනමක් නැහැ.

දරුවෝ උපන්නේ ඔහු නිසයි

හිතන්න ඔබ විවාහ වුනේ ඔහුට ආදරේ නිසා මිස දරුවෝ හදන චේතනාවෙන් නෙවේ නේද ? දරුවෝ ලැබුනත් ඔබ දෙදෙනාගේ ජීවිත වල අංක එක වෙන්න ඕනේ ඔබ දෙදෙනා තමයි. මේ සරල සත්‍යය අමතක කරලා ජීවත් වෙන්න හදද්දී ඔබේ ජීවිතේ බලාපොරොත්තු නොවෙන ගැටළු වලට මුහුණ දෙනවා.