ජිවිතය කියන්නෙම සොඳුරු ඉසව්වක්. මේ ගමනේදී විවිධාකාර සම්බන්දතා ගොඩ නාග ගන්න අවස්ථාව අපට ලැබෙනවා. ඒත් අපි ඒ සම්බන්දකම්වලට නියමිත වටිනාකමක් ලබා දෙන්න උත්සහ කරනවද. මෙන්න මේ ගැන අපි දෙවරක් සිත බලන්න ඕනේ. විවාහය කියන්නේ ජිවිතේ අළුත් නිවසක අළුත් සම්බන්දතා එක්ක අපි අයෙත් ජීවිතය පටන් ගන්නවා කියන එකයි. අම්මා කියන චරිතයට මෙතැනදී තමයි අපට නැන්දම්මා කියන චරිතය හම්බ වෙන්නේ. අම්මා එක්ක ජිවත් වෙනවා වගේ නෙවේ තමයි. පුංචි පුංචි ප්‍රශ්න නිතරම වගේ ඇති වෙනවා. ඉතින් මේ නැන්දම්මා ලේලි ප්‍රශ්නයට විසදුම් ගෙනෙන්න තමයි අපි අද උත්සහ කරන්නේ.



1. නැන්දම්මා නෙවේ අම්මා

ඇය නැන්දම්මා ලෙස දකිනතාක් ඇය තුලින් ඔබට ලෙංගතු කමක් සොයාගන්න ඇත්තටම අපහසුයි. මේ නිසා අපි කරන්න ඕනේ ඇය නැන්දම්මා ලෙසට නොව ඇය මවක ලෙස දකින්නට උත්සහ කිරීමයි. ඇයට කට පුරා අම්මා කියලා කථා කරන්න. එතකොට ඇය ඔබවත් දුවක් ලෙස පිළිගනීවි.


2. කරන දේ පිළිවලට කරන්න.

ඔබ දෙයක් කරන විට එය ඔබට හැකි උපරිමයෙන් කරන්නට පුරුදු වන්න. එහි කිසිදු අඩු පාඩුවක් කරන්න එපා. උදේම නැකිටලා ඔබගේ වැඩ නිසි ආකාරයෙන් අවසන් කරන්න. වැඩ සඳහා පෙර දිනයේ සූදානම් වන්න. විශේෂයෙන් ඇය කැමති විදිහටම වැඩ අවසන් කරන්න, මෙය ඇයගේ ප්‍රසාදය දිනා ගැනීමට හොද අවසථාවක් වේවි.


3. කිසි විටකවත් අම්මගේ තැන ගන්න එපා.

ඔබට ඔහුගේ ලෝකයේ තුල මවගේ තැන කිසි විටකවත් ගන්න උත්සහැ කරන්න එපා මොකද පුංචි කාළේ ඉදන් ඔහු වෙනුවෙන් ඔබට වඩා ඔහුගේ අම්මා, කරලා තියෙන කැප කිරීම් ඇති විශාලයි. ඔබ මව ඉදිරියේ එම තැන ගන්න ගියාම ඇත්තටම මවගේ සිතේ ඇති වන්නේ දුකක්. මේ දුක තමයි පසු කාළෙක තරහක් බවට පෙරලෙන්නේ. ඒ නිසා ඔබ ඔවුන් දෙදෙනාගේ සම්බන්දය තව තවත් රකින්නට උත්සහ දරන්න.


4. එවලේම අමතක කරන්න.

නැන්දම්මා ඔබ තුලින් වන පුංචි පුංචි අතපසු වීම්වලට ඔබට බනින්න පුළුවන්. මේ වෙලාවට, ඒ ඔබගේ අම්මා යැයි සිතමින් එය සිතින් අමතක කරන්න. එමෙන්ම සැමියා මහන්සි වි නිවසට පැමිණෙන විට ඔබ හා ඇය අතර සිදුවන පුංචි පුංචි ප්‍රශ්න ඔහුට කිසි විට කියන්න යන්න එපා. එයින් සිදු වෙන්නේ ඔබ හා සැමියා අතර ප්‍රශ්න ඇති වෙන එකයි.


5. ඔහුට උප්පත්තිය දුන්නේ ඇයයි.

ඔබගේ ස්වාමි පුර්ශයා කියන්නේ, ඔබට මේ ලෝකයේ සිටින වටිනාම තැනැත්තා නේද ඉතින් එම වටිනම තැනැත්තා ඔබට ලබා දුන් තැනත්තිය ඇය බව හොදින් මතක තබා ගන්න. ඔබට ලබා දුන් එම වටිනාම වස්තුව ඇයගෙ මුළු ලෝකය බව මතකයේ තබා ගන්න. ඒ තුලින් ඔබ ඇගේ සිත තුල ඇය ගැන ආදරයක් ඇති වේවි.

SHARE

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here