විවාහ වෙලා ඕනෙම ගැහැණු ළමයෙක් අළුත් ජීවිතයකට පිය නගන්නේ හිතේ චකිතයෙන්. ඒකට හේතුව අලුතින් හමුවෙන දෙමව්පියන්, ඥාතීන් කොහොම වෙයිද, එයාලා මට මොන විදිහට සලකයිද, මාව කොයි විදිහට භාර ගනියිද කියලා බයක් අනිවාර්යෙන්ම ඇති වෙන නිසයි. ඒ නිසා අපි Myfamily.lk වෙබ් අඩවියෙන් අද ඔබට ගෙන එන්න තීරණය කළා කොහොමද මේ සම්බන්දකම් සුදුසු විදිහට පවත්වන්නේ කියල.

ඔවුන් ඔබට විධාන පමුණුවමින්, බාධා කිරීමට සැරසුනත්, ඔබ ඔබේ ගමන යා යුතුයි.




01. සිමා මායිම් ගොඩ නගා ගන්න.

ඔබේ මාමණ්ඩිය ඔහු අතීතයේ ජීවිතය ගොඩ නගා ගැනීමට ගත් පියවර ගැන ඔබව දැනුවත් කරමින් ඔබට උපදෙස් දීමට පැමිණෙනවා ඇති. නැන්දම්මා බිරිඳක් සැමියාට සැලකිය යුතු ආකාරය ගැන ඔබට උපදෙස් දෙනවා ඇති. ඔබ අකමැති මේ තත්වයට ඔබ මුහුණ දිය යුත්තේ කෙසේද ?

ඔබේ සහකරුත් ඔබේ පැත්තේ නම් පසුබට නොවන්න.
ඔබට සැබවින්ම වැදගත් වන්නේ ඔවුන්ගේ කුමන උපදෙස්ද, වැදගත් නොවන්නේ කුමන උපදෙස්ද යන්න පිළිබඳව ඔවුන්ව දැනුවත් කරන්න.

කෙටියෙන්, පැහැදිලිව, කරුණාවන්තව පවසන්න.


02. ඔබේ සැමියා ලවා ප්‍රතිචාර දක්වන්න.

සහකරුගේ ඥාතීන් ඔබව ඔවුන්ගේ ක්‍රමවේදයන් තුල සිර කර ගැනීමට උත්සාහ කරන අවස්ථා වලදී, ඔබේ සහකරු නිහඬව බලා සිටියොත්, ඔවුන්ව වක්‍රාකාරයෙන් දිරිමත් වීමක් සිදු වන බව ඔබ දන්නවාද?

එම නිසා සහකරු ලවා ඔවුන්ට මඳ තල්ලුවක් ලබා දෙන්න.


03. ඔබ ඔබේ සහකරුවාව නරක් කරන බව පැවසීමට ඔවුන්ට ඉඩ නොදෙන්න.

සහකරු ලවා ඔවුන්ව දැනුවත් කරන විට එහි වරද ඔබ මත නොපැමිණීමට වග බලා ගත යුතුයි. ඔබ උත්සහ කළ යුත්තේ ඔවුන් සමග ඇති සබඳතාවය වැඩි දියුණු කර ගැනීමටයි.

ඔබ ඔබේ දෙමව්පියන්ව විවේචනය කළත්, අනෙකාගේ දෙමව්පියන්ව විවේචනය නොකළ යුතුය. එවිට ඔබ දෙදෙනාගේ සබඳතාවයද වැඩි දියුණු වේ.


04. “ස්තුතියි. නමුත් එය භාරගත නොහැකියි” යන ප්‍රතිචාරය දක්වන්න.

ඔබේ නැන්දම්මා සිතන්නේ ඇයගේ ගෘහපාලන උපදෙස් ඔබට මහත් උපකාරයක් සලසන බවයි.

ඔවුන් ඔබට උපදෙස් දෙන්නේ අවංක හිතවත්කමින් බව ඔබ දන්නා බවත්, නමුත් ඔබේ වැරදි ඔබටම නිවැරදි කර ගැනීම ඔබට වටිනා බවත් පවසන්න. ගැටලුවකට ඔවුන් යම් උපදෙසක් දෙන විට, ඔබේ කෝණයෙන් ඔබ දකින ආකාරය සහ ඔබේ විසදුම පවසන්න.


05. මාතෘකාව වෙනස් කරන්න.

ඔබේ සහකරුගේ ඥාතීන් ඔබව සම්පුර්ණයෙන් යටත් කර ගැනීමට උත්සහ දරණ විට එතනින් පිට වෙන්න. එසේත් නැති නම් මාතෘකාව මාරු කරන්න.

ඔවුන් ඔබේ පිටට කුණු ගොඩක් පෙරලා දැමීමට උත්සාහ කරන බව දැනුනු විගසම එතනින් පිටව යන්න. වතුර වීදුරුවක් පානය කර, යොදාගත් විනෝද චාරිකාව ගැන හෝ වෙනත් යමක් ගැන විමසමින් නැවත පැමිණෙන්න.


06. කිසිවක් පෞද්ගලිකව නොගන්න.

ඥාතීන්, විශේෂයෙන්ම දෙමව්පියන් ඔබට උපදෙස් දීමට පැමිණෙන්නේ ඔවුන්ගේ දරුවන් යම් කරදරෙක වැටේ යැයි ඇති බිය නිසා ඔවුන්ව ආරක්ෂා කර ගැනීමටයි. දෙමාපිය සෙවනේ වැදුණු දරුවා හදිසියේම විවාහයත් සමග වැඩිහිටියෙකු වීමේ සංක්‍රාන්තිය ඔවුන්ට එක වර හඳුනා ගත නොහැකියි.

ඔබ ඇති කර ගත් ස්ථිර වූ සීමා මායිම් හරහා, ඔවුන් තම දරුවන්ට ස්වාධින ජිවිතයක් ගත කිරීමට අවශ්‍ය බව කෙමෙන් වටහා ගැනු ඇත.


07. අවශ්‍ය විටදී ඥාතීන්ගේ උපදෙස් සොයන්න.

මෙමගින් ප්‍රශ්නය වැඩි දියුණු වනු ඇතැයි ඔබට හැඟුණත්, එසේ නොවේ. මෙමගින් ඉතාමත් යහපත් ප්‍රතිඵල අත්වනු ඇත.

ඔබේ ඥාතීන්ගෙන් උපදෙස් පැතිය හැකි ප්‍රශ්නයක් සොයා ගන්න. (ඉවීම හෝ ආයෝජන ගැටළු) ඔවුන් දුන් උපදෙස් ක්‍රියාත්මක කර, ඒමඟින් ලබා ගත් සාර්ථකත්වය පිළිබඳව ඔවුන්ව දැනුවත් කරමින් ස්තුති කරන්න.

ඔවුන් ඔබට වඩ වඩාත් කැමති වීමට පටන් ගනීවි.
ඔබ ඔවුන්ට ගරු කරන බව හැඟෙන විට ඔවුන් ඔබට බාධා කිරීම නවත්වාවී.


08. යහපතක් දුටු විගස අගය කරන්න.

ඔබේ නැන්දම්මා හෝ සෙසු ඥාතීන් රකුසන් නොවේ. කිසිම මිනිසෙකු 100%ක් නරක වන්නේ නැත. ඔවුන් මේ සියල්ලම කරන්නේ එකවර වැඩිහිටියෙකු බවට පත් වූ ඔවුන්ගේ දරුවා සහ ලේලිය/බෑණනුවන් සමග බැඳීමක් ඇති කර ගැනීමටයි.

මොහොතක් ඒවි, ඔවුන් ඔබේ පුංචි හෝ දෙයක් වර්ණනා කරන්න. ඒ මොහොත ඉක්මනින්ම හඳුනාගෙන එයට යහපත් ප්‍රතිචාරයක් ලබා දෙන්න. එමගින් ඔවුන්ගේ සිදු වන යහපත් වෙනස අත් දකින ඔබ පුදුමයට පත් වන බව නියතය.


09. ගැටලුවට සහකරුවා මැදිහත් නොවන්නේ නම්, ඥාතීන්ට ඔබ ආචාරශීලි ලෙස තත්වය පැහැදිලි කරන්න.

ඔබේ සහකරු ගැටළුව හමුවේ නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ නම්, ඔබ උපායශීලි ලෙස හඬ අවදි කළ යුතුය.

ඔවුන්ගේ මැදිහත් වීම ඔබ අගය කරන නමුත්, ඔබේ ගැටළු ඔබ හා සහකරු එකතු වි විසඳා ගැනීමට කැමති බවත්, උදව්වක් අවශ්‍ය වුවොත් අනිවාර්යෙන්ම ඔවුන්ව දැනුවත් කරන බවත් පවසන්න.

  • TAGS
  • 1
SHARE