රැමිනිසුන්ගේ චරිත ස්වභාවයන් එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වෙනවා. අපි අපේක්ෂා කරන චරිත ලක්ෂණ වලට හාත්පසින්ම වෙනස් පුද්ගලයන්ව තමයි අපිට එදිනෙදා ජීවිතයේදී මුණ ගැහෙන්නේ. ඉතින් විවිධ චරිත ලක්ෂණ සහිත පෙම්වතියන් වර්ග කීපයක් ගැන තමයි අද අපි myfamily.lk වෙබ් අඩවිය ඔස්සේ ඉදිරිපත් කරන්නට උත්සාහ කරන්නේ.



1 තාත්තගේ කෙල්ල

පෙම්වතුන් හරිම කැමතියි පෙම්වතියගේ ජිවිතයේ සුපිරිම වීරයා වෙන්න. අනේ ඒත් මේ වර්ගයේ ගැහැණු ළමයින්ගේ එකම වීරයා එයාගේ තාත්තා. පෙම්වතා හරිම ආසාවෙන් ඉන්නවා තමන්ගේ පෙම්වතියගේ සහයට එන්න, ඇයට අවශ්‍ය ඕනෙම වෙලාවක උදව් කරලා ඇයව සතුටට පත් කරන්න. ඒත්, මේ වර්ගයේ පෙම්වතියන් එයාලට පුංචි කරදරයක්, අපහසුවක් දැනුනොත් උදව් ඉල්ලන්න ඉක්මනටම කතා කරන්නේ තමන්ගේ තාත්තට. ඔවුන්ට ඒ වෙලාවට තමන්ට පෙම්වතෙක් ඉන්නවද කියලවත් මතක් වෙන්නේ නැහැ.

2 පාර්ටි කෙල්ල

පෙම්වතුන් හරිම කැමතියි තමන්ගේ පෙම්වතිය එක්ක නිදහසේ ඉන්න. ඔහු තමන්ගේ පෙම්වතිය එක්ක ඇවිදින්න යන්න, තනි වෙන්න, ජීවිතය විඳින්න කොච්චර ප්ලෑන් කලත් ඔහුට ඒ සඳහා අවස්තාවක් ලැබෙන්නේ හරිම අඩුවෙන්. මොකද කියනවා නම්, මේ ජාතියේ පෙම්වතියන්ට හැමදාම වගේ සහභාගී වෙන්න වෙඩින්, පාර්ටි තියෙනවා.

3 හොඳ සිසුවිය

පෙම්වතා තමන්ගේ පෙම්වතියව මුණ ගැහෙන්න, ඇයට කෝල් කරන්න මොන තරම් උනන්දුවෙන් බලාගෙන හිටියත් මේ වර්ගයේ පෙම්වතියන්ගේ ජිවිතයේ මුල් තැන වෙන්නේ පාඩම් කිරීමයි. තමන්ගේ සියලුම පාඩම් වැඩ නිම කරලා තමයි ඔවුන් තමාගේ පෙම්වතාට තමන් වෙත ලඟා වෙන්න අවසර දෙන්නේ. සමහර පෙම්වතුන්ට මේක ලොකු කරදරයක් විදිහට දැනෙනවා. තවත් සමහර පෙම්වතුන් තමන්ගේ පෙම්වතියව ආදර්ශයට ගෙන ඔහුත් පාඩම් වැඩ කටයුතු වලට යොමු වෙනවා.

4 ඊරිසියාකාර කෙල්ල

මේ පෙම්වතිය හැම තිස්සෙම ඉන්නේ සැකෙනුයි, බයෙනුයි. ඒ තමන්ගේ පෙම්වතා වෙන කෙල්ලෙක් තෝරා ගනියි කියලා. තමන්ගේ පෙම්වතා වෙන කෙල්ලෙක් එක්ක හිනා වුනත්, කතා කලත් ඇයට තරහ යනවා.

5 ගොසිප් කෙල්ල

මේ පෙම්වතිය කතා කර කර ඉන්න හරිම ආසයි. ඇයට ඕනේ ඇය දන්න, ඇයට ආරංචි වෙන හැම දෙයක්ම ඇගේ පෙම්වතාට කියන්නයි. එය ඇගේ අහිංසක ආශාවක් වුනත් බොහෝ පෙම්වතුන් මෙය වරදවා වටහා ගන්නවා. ඒ ඇය ඕපාදුප කියවන කෙල්ලෙක් ලෙසයි. සමහර විට ඇය එවැනි විස්තර කියන්නේ ඇගේ පෙම්වතා එක්ක විතරක් වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුනත් හින්දි නළු නිළියන්ගේ විස්තර, එහා ගෙදර කට්ටියගේ විස්තර දැන ගන්න පිරිමි පක්ෂය එතරම් උනන්දු නොවන නිසා ඔවුන් මේ හැසිරීමට වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ.

6 නැන්දම්මාගේ කෙල්ල

ඕනෙම පෙම්වතෙක් බලාපොරොත්තු වෙන්නේ නැන්දම්මා ලේලි සටන් නොමැති විවාහ දිවියක්. මොකද තමන්ගේ බිරිඳයි, තමන්ගේ අම්මයි අතර ප්‍රශ්න ඇති වෙනකොට ඕනෙම කොල්ලෙක් අසරණ වෙනවනේ. ඉතින් ඔවුන් බලාපොරොත්තු වන්නේ තමාට ආදරේ කරන ගමන්ම, තමන්ගේ අම්මා එක්ක සමඟින් ඉන්න පුළුවන් කෙල්ලෙක්. ඒත් මේ ජාතියේ ගෑනු ළමයි තමන්ගේ පෙම්වතාට වඩා ආදරේ කරන්නේ පෙම්වතාගේ අම්මට. කොච්චරද කියනවා නම්, පෙම්වතාට දැනෙන්නේ හරියට නිකන් තමාව කොන් වෙලා වගෙයි.

7 හැම තිස්සෙම දුක් වෙන කෙල්ල

මේ ජාතියේ පෙම්වතියන් තමන්ගේ පෙම්වතා ගැන ඉන්නේ හරිම බයෙන්. ඔහුගෙන් කෝල් එකක්, මෙසේජ් එකක් පරක්කු වුනාම ඇයට දැනෙන්නේ ලෝක විනාශය වෙන්න කිට්ටු වෙලා වගෙයි. මේ වගේ පෙම්වතියන් සිටින පෙම්වතුන්ගේ ෆෝන් එකේ හැම තිස්සෙම මිස් කෝල් 40ක්, මෙසේජ් 40ක් වගේ ප්‍රමාණයක් පෙන්නුම් කරනවා.  

8 සිද්ධි මවනා කෙල්ල

පුංචි සිදුවීමක් මහා දෙයක් කරගෙන, ලෝකේ පෙරලුනා වගේ කෑ ගහන පෙම්වතියන් වර්ගය ගැන තමයි ඒ කියන්නේ. පෙම්වතාගේ අතින් සර්වියට් එක බිම වැටුනම සාමාන්‍ය කෙල්ලෙක් නම් කියන්නේ “ආ, ඉන්න මම අහුලන්නම්.” වගේ සුළු වචන කීපයක්. ඒත් මේ වර්ගයේ පෙම්වතියන් කියන්නේ මෙහෙමයි. “මොකද්ද ඔයා ඒ කලේ? ඔයාට හරියට සර්වියට් එකවත් මේසේ උඩ තියාගෙන ඉන්න තේරෙන්නේ නැද්ද? ඔහොම නොසැලකිල්ලෙන් වැඩ කරලා හරි යන්නේ කාටද?”

9 ෆැෂන් කෙල්ල

මේ පෙම්වතියන් පෙම්වතා කෙරෙහි දක්වන උනන්දුවට වඩා වැඩි උනන්දුවක් දක්වන්නේ ෆැෂන් වලටයි. ලස්සනට ගලපලා අඳින්න, පළඳින්න ඔවුන් දක්ෂයි. අලුතින් එන විලාසිතා බොහොම ඉක්මනින් වැළඳ ගන්නවා.

10 සෙල්ෆි කෙල්ල

පෙම්වතා තමන්ගේ පෙම්වතියව එලියට එක්කගෙන යන්නේ, කෑමකට එක්කගෙන යන්නේ ඇය එක්ක නිදහසේ කාලය ගත කිරීමේ අරමුණින්. ඒත් මේ වර්ගයේ පෙම්වතියන්ට ඕනේ මේ හමුවේ රසබර මතක හැමදාම තියා ගන්නයි. ඉතින් ඒ වෙනුවෙන් ඇය මොහොතින් මොහොත දෙන්නගේ සෙල්ෆි ලබා ගන්නවා. පස්සේ ගෙදරට ගියාට පස්සේ නැවත ඒවා බලමින් මතකය ආවර්ජනය කිරීමේ අරමුණින් තමයි ඇය මේ විදිහට සෙල්ෆි ලබා ගන්නේ.

   

  

SHARE