විවාහ වූ යුවලක් තමන්ගේ ජීවිතය තුල පවත්වා ගත යුතු රහස් මොනවද ඒ වගේම පැවසිය යුතු රහස් මොනවද ? අපි අද කථා කරන්න යන්නේ මේ ගැනයි. ජිවිතේ කෙනෙකු සමග ගත කිරීම ආරම්බ කරනවා කියන්නේ ඔහුගේ හෝ ඇයගේ ජිවිතයේ සැම දෙයක්ම පැවසීමම නෙවේ. ඒ වගේම සමහර රහස් තියනවා ජීවිතේදී අනිවාර්යෙන් පැවසිය යුතු රහස්. ඔබත් මේ රහස් ගැන සැලකිලිමත් උනොත් ඔබටත් පුළුවන් සාර්ථක ජිවිතයක් ගත කිරීමට. මෙම රහස් ඔබගේ පැවසීම වගේම රැකීමට ඔබත් කරන්න




01. ඔබගේ අතීතයේ සෑම දෙයක්ම හෙළි කිරීම.

ඔබ අනිවාර්යෙන් දෑන සිටිය යුතුයි ඔබගේ සහ කරුවාට ඔබගේ අතීත ජිවිතය පැවසීම. එය හොඳ හෝ නරක දෙයක් වුවත් ඒ සම්බන්දයෙන් මනා අවබෝදයක් දෙදෙනාටම තිබීම ඉතා වැදගත්. ඔබ දෙදෙනා එකතු වි ගත කරන්න හදන අළුත් ජීවිතයට සාර්ථකව ගත කිරිමට මෙය ඉතාමත්ම වැදගත් වේවි. ඔබ අතීතය දැන සිටීමෙන්, ඔබගේ ජිවිතයට අතීත තොරතුරු වලින් සිදු විය හැකි අමිහිරි සිඳුවීම් වලින් අත් මිදෙන්න පුළුවන්. මොකද ඔබ හෝ සහකරුවා එම තොරතුරු සම්බන්දයෙන් ඉතාමත් හොඳ අවබෝදයකින් සිටින්නෙක් නම් අතීත තොරතුරු ඔබට ප්‍රශ්නයක් වෙන්නේ නැ. දෙයක් සගවා සිටීම කියන්නේ කවදාවත්ම හොඳ දෙයක් නෙවේ. ඔබ සගවන්නට උත්සහ දරන දෙය කවද හෝ මොනයම් ආකාරයකින් ජිවිතයට පැමිනෙනවා. එවිට ඔබට ජිවිතේ ගොඩක් දේවල් එම බොරුව විසින් අහිමි කරනු ලබයි. ඔබගේ සහකරුවා ඇත්තටම ඔබට ආදරයනම් ඔහුට ඔබගේ අතීතය ඇත්තටම ප්‍රශ්නයක් නෙවේ.


02. කිසිවක් සඟවන්න එපා.

ඔබ කිසි විටකවත් ඔහු වෙත ඔබගේ දේවල් පැවසීමට බය වන්න එපා. ඒවගේම සෑම දෙයක්ම කතාබහ කරන්න. මෙයින් අදහස් කරන්නේ නම් නෑ, ඔබ ඔබගේ සිමාව බිදින්න කියලා. ඔබ විවෘත වෙන්න. ඔබ සමඟ කථා කරන අනෙක් පුද්ගලයන් ගැනත් පවසන්න. ඔබ ඇසුරු කරන පුද්ගලයන් ගැන පවසන්න. එසේ නොවුනහොත් ඔහුට සැම දෙයක්ම ප්‍රශ්නයක් වේවි. ඔහු ඕනවට වඩා ඔබගේ දේවල් සොයන්න ගත්තම එය ඔබටත් කරදරයක් වේවි. මේ නිසාම ඔබ තුල ප්‍රශ්න ඇති වෙන්න ඉඩ තිබෙනවා. සැම දෙයක් ගැනම සැක කරමින් ඔහු ඔබගේ සෑම දෙයක්ම ඕනවට වැඩ හොයනවනම් මෙය ඔබටත් වදයක් වේවි. ඒ නිසා ඔබ අවංකව ඔහුට ඔබගේ දේවල් පවසන්න. අවංක බවය තුළින් මනා යහපත් සම්බන්දයක් ගොඩ නගා ගත හැකිය.


03. ඉදල හිටලා රහස් තියා ගන්නත් අමතක කරන්න එපා.

විවාහයේදී රහස් තියාගන්න ඕනි තැනක් ගැන තමයි මේ කියන්නේ. ඔහුට හෝ ඇයට රහසින් උත්සවක් සූදානම් කිරීම. ඇයව පුදුම කිරීමට සැලසුම් කිරීම. මේ වගේ රහස්නම් සම්බන්දකමක් අළුත් වෙන්න ඉතාමත් වැදගත්. ඉතින් මේ වගේ රහස් තියා ගැනීම නම් විවාහ ජීවිතය තවත් සුන්දර කරනු නොඅනුමානයි. ඒ නිසා ඔබට පුළුවන් මේ රහස තුලින් ඔබගේ ජිවිතයට ලස්සනක් අරගෙන එන්න. ඒ නිසා මේ වගේ දේවල් ඔහුර හොර රහසේ කලාටනම් කමක් නෑ

  • TAGS
  • 1
SHARE

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here