බ මෙන්ම ඔබගේ සැමියාත් ඔබට ආදරෙයි නේද? නමුත් ඔයාල දෙන්නගේ සම්බන්දේ දැන් ඔයාලත් එක්කම වයසට ගිහින් වගේද? එහෙමත් නැත්නම් ආදරේ අඩු වෙලා වගේද? ඔෆිස් එකේ වැඩියි දරුවොන්ගේ වැඩි නිසා කොහොමත් කාලයක් යද්දී දෙන්නට දෙන්න ආදරේ උනත් ඔබට ඔහුව හෝ ඇයව මඟ හැරෙනවා. මේ ක්‍රම 5න් ඔබගේ පැරණි ආදරය අළුත් වේවි.




01. පරණ මතක සැමරුම් යලිත් මතක් කරන්න

කාර්ය බහුල ඔබේ සැමියා ඔබට හවසට ගෙදර ආවම, රූපවාහිනිය ළගට වෙලා ඉන්නේ නැතිව පරණ දේවල් කථා කරන්න. මුලින්ම බලන්න ගිය ෆෝල්ම් එක, එහෙමත් නැත්නම් ඔබට ඔබ දුන්න පුංචි තෑගි ගැන මතක් කරන්න. ඔබලාගේ ආදරය පටන්ගන්න කළේ වුණා ලස්සන සිදුවීම් නැවතක් ඔබගේ ජිවිතයට ලස්සන අරන් ඒවි. ඒ වගේම වැඩ වලින් තෙහෙට්ටු වෙලා ඉන්න ඔබගේ සැමියාගේ මනසටත් එය ගොඩක් හොදයි.


02. ඔහුටම තීරණය කරන්න දෙන්න.

ඔහුට ඉස්සර ආදරය දෙන්නේ නොමැති බව පවසමින් දොස් කියන්න එපා. එයින් වෙන්නේ තවත් ඔබව පිළිකුල් වෙන එක. ඔබ ඔහුට කාලය දෙන්න. ඔබගේ නිහඩ බව ඔහුව කාර්යබහුල බවින් මුදවාවී. ඔහු ඔබට අවදානය දෙනු නිසැකයි.


03. ඔහුත් සමග ඇවිදින්න යන්න.

මේකනම් ටිකක් අමාරු දෙයක්. මොකද කාර්යබහුල ජීවිතයකින් ඇවිදින්න යන්න කාලය වෙන් කර ගන්නවා කියන්නේ ටිකක් අමාරු දෙයක්. නමුත් මෙය ඔබගේ ජිවිතය අළුත් කරවන අද්දැකීමක් වනු නිසැකයි. ඔබට පුළුවන් ෆිල්ම් එකක් බලන්න යන්න. එහෙමත් නැත්නම් ටිකක් ඇවිදින්න. ඔබ වෙන්කරගන්න මේ කාලය ඔබගේ ආදරය බොහොම වැදගත්.


04. ඔහු කැමති ආහාර වේලක් පිසින්න.

ඔබට පුළුවන්, වෙනදට වඩා වෙනස් ඒ වගේම ඔහු කැමති ආහාර වේලක් පිසින්න. මෙය ඔහුට වගේම ඔබටත් හොඳ අත්දැකීමක් වනු නිසැකයි. ඒවගේම රාත්‍රී කෑම ගන්න අතරතුර ඔහු සමග සුහද කතාවකට මුලපුරන්නත් අමතක කරන්න එපා.


05. ඔබට පුළුවන් පුංචි තෑග්ගකින් ඔහුව පුදුම කරවන්න.

මෙය ඔබට ආදරය ප්‍රකාශ කිරීමට ඉතා හොඳ අවස්ථාවක්. ඔබගේ ස්වාමි පුර්ෂ්‍යයා වඩාත් කැමැත්තක් දක්වන්නේ මොනවගේ දේකටද? එය ඔබ හොඳින්ම දන්නවා ඇති. ඔබට පුළුවන් ඔහුව පුදුම කරන්න. මොකද ඔහුගේ කාර්යබහුල ජිවිතයට මෙය වඩාත් හොඳ විවේකයක් වේවි.

  • TAGS
  • 3
SHARE

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here