පෙම්වතියක් කියන්නේ පිරිමි ඔබට තේරුම් ගන්න අපහසුම චරිතයක්. ඔබ නොසිතන දේවල් වලින් තමයි ඇය සතුටට පත් වෙන්නේ. ඔබ ඇයට අදාරේ කරනවා කියලා හිතාගෙන ඔබ කරන දහසකුත් කැපවීම් වලින් ඇයව සතුටු කරන්න බැරි වෙන අවස්ථා තියෙනවා. ඒත් ඔබ වැඩි දුර නොසිතා කරපු පුංචි දෙයකින් ඇය මහත් අමන්දානන්දයට පත් වෙන්න පුළුවන්. ඉතින් ඇයට ඔබෙන් අවශ්‍ය කොයි වගේ ආදරයක්ද කියලා ඔබ හරියටම අඳුන ගත්තොත් ඔබේ පෙම්වතියව සදාකාලිකවම ඔබ සමීපයේ තියා ගන්න පුළුවන් වේවි. ඇයට අවශ්‍ය දේවල් හඳුනාගෙන ඒවා ඇයට ලබා දුන්නොත් ඇය ඔබ වෙනුවෙන් ජීවිතය පුජා කරන්නට වුවත් කැමැත්ත පළ කරාවි. ඉතින් අපි අද බලමු පෙම්වතියකට හදවතටම දැනෙන්න ආදරේ කරන්නේ කොහොමද කියලා.



1 සවන් දීම

ගැහැණු ළමයි හරි ආසයි තමන් කියන දේවල් පෙම්වතා අහගෙන ඉන්නවා නම්. ඉතින් ඇයව සතුටු කල හැකි හොඳ ක්‍රමයක් තමයි සවන් දීම. ඇය ඇයගේ ජිවිතයේ අතීත සිදුවීම්, ඇය එදිනෙදා මුහුණ දෙන සිදුවීම්, ඇගේ පුංචි පුංචි පැමිණිලි ගැන කියද්දී උනන්දුවෙන් අහගෙන ඉන්න. ඔබ ඒවායින් සතුටු වන බව පෙන්වන්න. ඔබ ඇය කතා කරන විට ඒවා ප්‍රතික්ෂේප කරන්නට හෝ නවත්වන්නට ගියොත් ඔබේ සිත තුල ඇයට ආදරයක් නැති බව ඇයට දැනෙන්නට පුළුවන්.

2 ඇගේ ජිවිතයේ සුවිශේෂී දිනයන් මතක තබා ගන්න

ගොඩක් පෙම්වතුන්ට තම පෙම්වතියගේ උපන් දිනය පවා අමතක වෙනවා. ඒත් ගැහැණු ළමයින්ට මේ වගේ දින මතක තබා ගැනීමේ සුවිශේෂී හැකියාවක් තියෙනවා. පෙම්වතාව මුලින්ම හමු වුන දිනය, ඔහු තමන්ගෙන් ආදරය විමසපු දිනය, තමා ඔහුට කැමැත්ත දීපු දිනය වගේ දින ඔක්කොම ඇයට මතකයි. ඉතින් ඔබට හැකි නම් ඒවා ලියාගෙන හරි මතක තබා ගැනීමට උත්සාහ කරන්න. දැන් ජංගම දුරකථන වල දින සේව් කරලා තියා ගන්නත් පුළුවන් පහසුකම් තිබෙන නිසා ඔබට වඩාත් පහසු වේවි. එවැනි සුවිශේෂී දිනයක උදේ පාන්දරම ඇයට කෝල් එකක් අරන් ඒ ගැන මතක් කරලා සුභ පතන්න. ලෝකයේ සිටින හොඳම පෙම්වතා ඔබ කියලා ඇයට දැනේවි.

3 නීති දාන්න. ඒත් අනවශ්‍ය ලෙස නීති දැමීමෙන් වලකින්න  

පෙම්වතෙක් යම් සීමාවකට නීති දානවට පෙම්වතියක් කැමතියි. මොකද ඇයට දැනෙන්නේ පෙම්වතා තමන්ට නීති දාන්නේ තමන්ගේ ආරක්ෂාව ගැන වධ වෙන නිසා කියලයි. හවස 5.30 වෙද්දී ගෙදර ඇවිත් ඉන්න, බස් එකේ යන දවසට කොටට අඳින්න එපා වගේ නිති රීති වලින් ඇයට පෙම්වතා තමාව ආරක්ෂා කරන බව වැටහෙනවා. නමුත් ඇයගේ ජිවිතේ හැම දෙකටම ඇඟිලි ගහන්න එන පෙම්වතෙක්ට නම් කිසිම තරුණියක් ආකර්ෂණය වෙන්නේ නැහැ. යාලුවෙක් ආශ්‍රය කරන්න නොදෙන, කලිසම් අඳින්න නොදෙන, ෆේස්බුක් යන්න තහනම් කරන, පවුලේ සාමාජිකයෝ එක්කවත් උත්සවයකට යන්න නොදෙනවා වගේ විකාර නීති දැම්මොත් නම් පෙම්වතිය ඔබ වෙති ඈතටම දුවාවි.

4 පුංචි පුංචි දේවල් ඇයට ත්‍යාග කරන්න

සමහර පිරිමි මැසිවිලි නගනවා තමන් තමන්ගේ පෙම්වතිය වෙනුවෙන් ලක්ෂ ගණන් වියදම් කලත්, ඇය තමන්ව අතහැර ගිය බව කියමින්. ගොඩක් වෙලාවට කාන්තාවක් සතුටු වෙන්නේ තමාට ලැබෙන ත්‍යාගයේ වටිනාකම ගැන නොවේ. පෙම්වතා ඉඳහිට ඇයට පුංචි මලක්, උණුසුම් හාද්දක් දුන්නොත් ඇය මිල අධික තෑගී ලැබෙනවාට වඩා එයින් සතුටු වෙනවා. හැබැයි ඒ හාද්ද ආදරණිය හාද්දක් වෙන්න ඕනේ. එහෙම නැතුව ඔබ ඇයට හාදු දෙන්නේ ඇයව ලිංගික කටයුතු වලට පොළඹවා ගැනීමේ අරමුණින් විතරක් නම් ඇයට ඒ බව ඉක්මනින්ම වැටහෙනවා. ඔබේ සිතේ ආදරය පුරවාගෙන ඇයව මෘදුව සිප ගන්න. ඔබ ඇයට ගොඩක් ආදරය කරන බව ඇයට වැටහේවි.

5 ඇගේ වේදනාවේදී කරුණාවන්ත වන්න

ඔබ කෙතරම් තද ගතිගුණ තිබෙන පුරුෂයෙක් වුවත් ඇය යම් දුකකින්, අසනීපයකින් පෙලෙන විට ඔබේ හැසිරීම මෘදු විය යුතුයි. බේත් නොබිව්වාට බනින්නේ නැතුව, ඇගේ හිස පිරිමැදලා ඇයට ඔබේ අතින්ම බේත් පෙත්ත දෙන්න. බේත් වල ඇති තිත්ත ඇයට නොදැනී යාවි. ඇගේ දුකේදී වහා සංවේදී වන්න.

  

SHARE