මේ දේ පවුලක අම්මට විතරක්ම නෙවෙයි, තාත්තටත් කරන්න පුළුවන්. ඒත් සාමාන්‍යයෙන් පවුලක ආහාර සකස් කරන්නේ, කෑම පෙට්ටි ලෑස්ති කරන්නේ අම්මනේ. ඒ නිසා මේ ලිපිය පවුලක අම්මා කෙනෙක්ට ගොඩාක් වැදගත් වේවි. ඒත් මේ ආදරණිය ක්‍රම කීපය අත් හදා බලන්න ගෑණු පිරිමි භේදයක් නැතිව ඕනෙම කෙනෙකුට පුළුවන්.




01) හදවත් හැඩයේ කෑම පෙට්ටියකින්

මේ වැඩේ නම් හැමදාම කරන්න පුළුවන් දෙයක් නෙවේ. ඒත් අළුත් අවුරුද්දක ඔබේ දරුවා මුලින්ම පාසලට යන දවසේදී, ඔබේ සැමියා මුලින්ම වැඩට යන දවසේදී හොරෙන්ම ඔවුන්ට හදවත හැඩයේ කෑම පෙට්ටියකට කෑම දාලා යවන්න. පරණ කෑම පෙට්ටිය කියලා හිතාගෙන අළුත් පෙට්ටිය බෑග් එකෙන් එලියට ගන්නකොටම ඔවුන්ට ඔබේ ආදරය දැනේවි.


02) පුංචි හදවත් වලින් සැරසුණු කෑම අසුරනය

කෑම පෙට්ටිය ආවරණය කරන සර්වියට් අලුතින් මිලදී ගද්දි, හදවත් වලින් සැරසුණු සර්වියට් මිලදී ගන්න.


03) හදවතක හැඩය ගත් බිත්තර පලු

ඔබට පුළුවන් තැම්බූ බිත්තර වල හැඩය මේ විදිහට සකසා ගන්න. එහෙම නැත්තම් බිත්තර ඔම්ලට් දැමීමේදී හදවතක හැඩය එන ලෙස දමා ගන්නත් පුළුවන්. මේ සඳහා උපකාරී වන අච්චු වෙළඳපලේ තිබෙනවා.


04) හදවතක හැඩය ගත් කේක්

ඔබ නිවසේදී සාදන කේක්, ස්පන්චි, මෆින් ආදිය හැමදාම රවුමට හදන්න ඕනේ නැහැ. ඔබට පුළුවන් හදවතක හැඩයට ඒවා හදන්න. එහෙම නැත්තම් අයිසින් වල ආධාරයෙන් ඒවා මත පුංචි අකුරු වලින් ඔබේ ආදරය ලියන්න.


05) ආදරණිය අතුරුපසක්

පවුලේ හැමෝම ගෙදර ඉන්න දවසක කෑමට ගන්න හැමෝටම හොරෙන් රසවත් කෑමක් හදලා හංගලා තියන්න. ප්‍රධාන ආහාර වේලකින් පසු ඔබ සඟවලා තියපු අතුරුපස එලියට ගනිද්දී ඔබේ පවුලේ අය සතුටින් ඉපිලේවි.

  • TAGS
  • 6
SHARE