විවාහය යනු ජීවිතයේ සිදුවෙන වැදගත්ම සන්ධිස්ථානයක් බව ඔබ දන්නවා. විවාහයෙන් පසුව ඔබ දෙපල අතර ඇති බැඳීම, ඇල්ම, සම්බන්ධතාවය, හා ආදරය තව වැඩි වෙනව වගේම එම විවාහය සදාකාලිකවම පවතින සොඳුරු බැඳීමක්ද වෙනවා. හැබැයි විවාහයෙන් පසුව ඔබ දෙපල පෙර ආදරවන්තයන් සේ සිටි කාළයට වඩා යම් යම් වෙනස්කම් කීපයක් නම් සිදුවෙන බව ඔබ දන්නවානේ. පිරිමියෙන් වශයෙන් ඔබ, ඔබේ පෙම්වතියට මේ වෙනස්කම් කෙසේ බලපානවාද කියන කාරණාව ගැන අවබෝධයෙන් ඉන්න එක විවාහ ජීවිතයේ සාර්ථකත්වයට හේතුවෙනවා. පෙම්වතිය ඔබේ බිරිඳ වීමෙන් පසුව ඇය බලාපොරොත්තුවෙන වෙනස්කම් 7ක් මේ ලිපියෙන් විස්තර කෙරෙනවා.



1) අලුත් නම් හා අලුත් භූමිකාවන්

තව කෙනෙකු වෙනුවෙන් සදාකාලිකවම කැපවීම ජීවිතයේ ඇතිවෙන විශාල ප්‍රමාණයේ වෙනසක්. භාහිර ලෝකයට දැන් ඔබ දෙපලව පෙනෙන්නේ අඹු-සැමියන් ලෙසයි. ඔබ දෙපල ඒ වෙනසට අනුගතවෙනව වෙන්න ඕනෙ වගේම අභ්‍යන්තර වශයෙනුත් ස්වාමියා හා බිරිඳ බවට ඔබ දෙපල පත්වෙනවා. විවාහයෙන් පසුව නිත්‍ය වශයෙන්ම ඇය ඔබේ බිරිඳ ලෙස සැළකීම සෑම කාන්තාවක්ම තම ස්වාමියාගෙන් බලාපොරොත්තුවෙන කාරණාවක්. අලුත් භූමිකාවට අනුගතවීම තරමක් ගැටළුකාරී වෙන්න පුළුවන්, නමුත් විවාහයේ නාමයෙන් ඔබට ඒ සඳහා හොඳ අඩිතාලමක් දාගන්න පුළුවන්.


2) ඔබේ කරන ක්‍රියාවන්ට නව අරුතක්

විවාහ දිවිය තුල යම් මූල්‍ය ගැටළු ඇතිවෙන්න පුළුවන් වගේම ඉන් යම් මානසික පීඩා ඇතිවෙන්නත් පුළුවන්. ඔබ මහන්සිවෙලා රැකියාව කරන්නේ ඔබ දෙපලගේම ජීවිතයේ සුවපහසුව හා සුභසිද්ධිය සඳහායි. ඔබ ඒ කරන කැපකිරීම අනිවාර්‍යයෙන්ම ඇගයීමට ලක්වෙනවා. ඒ වගේම, ඔබ රාත්‍රී ආහාරය හෝ එකිනෙකාගේ රෙදි සේදීමට වැනි දේවල් වලට වැය කරන කාලයත් ඇය අගය කරනවා. ඔබ දෙපල එකිනෙකා වෙනුවෙන් කරන පරිත්‍යාගයන් ඔබේ පවුලේ යහපැවැත්මට හේතුවෙනවා. ඔබ එසේ කරන කැප කිරීම් වලට බිරිඳ නව අරුතක් ලබා දෙනවා


3) අඩදබර වල වෙනස්කම්

විවාහයෙන් පසුව ඇතිවෙන අඩදබර වලත් යම් වෙනසක් ඇතිවෙනවා. “මමයි හරි” යන මතය විවාහයෙන් පසුව වෙනස් වෙන්න ඕනේ. බිරිඳ ඒ වෙනස ඔබෙන් බලාපොරොත්තු වෙනවා. අඩදබර වල යම් සම්මුතිවාදී වෙනසක් විවාහයෙන් පසුව ඇතිවෙන්නේ ඕනෙ. දෙදෙනාම නම්‍යශීලීව ගැටළු කතිකාවෙන් විසඳගන්න ඕනෙ. එමඟින් ඔබේ විවාහ දිවිය ප්‍රිතිමත් එකක් වෙනු ඇති. එදිනෙදා ඇතිවෙන දබරයන් පුද්ගලික වශයෙන් නොගෙන දෙදෙනාම ජයග්‍රාහකයන් වන විසඳුම් ගැන සිතන්න.


4) ආදරය හා රාගය

ආදර සබඳතා වල යම් ප්‍රමාණයක රාගයක් තිබෙන්න පුළුවන්. නමුත්, සබන්ධතාවයක් රාගය මත පමණක් සදාකල් රඳා පවතින්නෑ. පිවිතුරු ආදරය සදාකල් පැවතීමට නම්, ඔබේ බිරිඳ ඔබෙන් ගෞරවය, විශ්වාසය, හා අගය කිරීම බලාපොරොත්තු වෙනවා. ඔබේ අව්‍යාජ ආදරය ශාරීරික ආකර්ෂණය, මූල්‍ය තත්වය, කාලය, හා සෞඛ්‍ය යන සියල්ල ඉක්මවා යා යුතුයි


5) ගැඹුරු සැබැඳියාවක්

බැඳීම ස්ථීර වනවිට යුවලක් අතර ඇති ඇල්ම තව තවත් ශක්තිමත් වෙනව. ඔබ දෙපල අතර ඇති පොරොන්ඳු තව ශක්තිමත් වන අතර ඔබ දෙපලගෙන් එක්කෙනෙක්වත් කවමදාවකවත් තනිවෙන්නේ නෑ. මංගල මුදුව මඟින් පිළිඹිබු වන්නේ ඔබේ බිරිඳට ඔබ විසින් ලබාදිය යුතු ආරක්ෂාව, රැකවරණය, හා ආදරයයි. ඔබේ බිරිඳ ඔබ දෙපල අතර ඇති පොරොන්ඳු වලට වටිනාකමක් හා අගය කිරීමක් බලාපොරොත්තු වෙනවා.


6) ඔබ දක්ෂයෙක් විය යුතුයි

විවාහයෙන් පසුව ඔබ නමට පමණක් ස්වාමි පුරුෂයා වෙලා වැඩක් නෑ. ඔබ ඇගේ නියම දක්ෂයා බවට පත්වෙන්න ඕනෙ. ඇයට ඔබේ ශක්තිය හා ස්ථීර බව අවශ්‍යයි. ඇයට වෙනදා මෙන් යම් ගැටළුවකදී ඇගේ පියාට කතා කරන්න බෑ. ඔබ ඇගේ ගැලවුම්කරු විය යුතුයි.


7) ඔබව රැකබලාගැනීමට ඇයට ඉඩ දෙන්න

ඔබ ශක්තිමත් ස්වාධීන පිරිමියෙක් වෙන්න පුළුවන්, නමුත් විවාහයෙන් පසුව ඔබේ බිරිඳ ඔබව රැකබලාගන්නෙක් බවට පත්වෙනවා. ඇය ඔබේ යහපැවැත්ම ගැන සොයාබලන්න පටන් ගන්නවා. සෑම බිරිඳක්ම තම ස්වාමියාට සහයෝගය හා ආදරය දැක්වීමට කාළය වෙන්කරනවා. ඔබ එය කරදරයක් කියල හිතන්න එපා. ඒ ඇගේ ආදරයයි.

SHARE

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here