වි

වාහය කියන්නේ නීති පොතට පමණක් සීමා වුනු දෙයක් නෙවෙයි. විවාහය කියන්නේ ප්‍රායෝගිකව ඔබ මුහුණ දිය යුතු දෙයක්. ඉතින් සැමියෙක් විවාහය නම් බැඳීම ඇතුලේ හැසිරෙන ආකාරයෙන් පවුලේ සමඟිය සහ ආදරණිය බව අඩක්ම තීරණය වෙනවා කිව්වොත් නිවැරදියි. මේ නිසා අද අපි තීරණය කළා පිරිමි පාර්ශවයට වැදගත් වෙන මේ ලිපිය ඉදිරිපත් කරන්න. ඔබ ළඟ මේ ගතිගුණ  නැති නම් ඔබට පුළුවන් මේවා ඔබේ ජිවිතයට එකතු කර ගන්න.



 

පළමු කොටස සඳහා පිවිසෙන්න

 

9 ඇයට අවංක වීම

සමහර පුද්ගලයන් අනියම් සම්බන්ධතා වල පැටලෙනවා. ඔවුන් විවාහය සඳහා තමන්ගේ බිරිඳව තෝරා ගත්තේ ලෝකයේ තමාට ගැලපෙන එකම යුවතිය ඇය බව තීරණය කල පසුවයි. එසේ නම් පසුකාලීනව අනියම් සම්බන්ධතා වල පැටලෙන්නේ කුමකටද? ඔබේ බිරිඳ ඔබේ දරුවන් කුස දරාගෙන ඉඳලා, ඔවුන්ව කිරෙන් පෝෂණය කලාට පස්සේ ඇගේ රූප අලංකාරය මඳක් අඩු වී යන්නට පුළුවන්. නමුත් ඔබේ ආදරය මේ නිසාවෙන් වෙනස් කර ගන්න එපා.

10 කාලයත් සමඟ ආදරේ අඩු කරන්නේ නැහැ

තවත් සමහර පිරිමි අනියම් සම්බන්ධතා වල පැටලෙන්නේ නැති වුනත්, තමන්ගේ බිරිඳ කෙරෙහි දක්වන ආදරය අඩු කරනවා. බොහෝ විට ඇය කාලයත් සමඟ නිවස තුල තනි වෙනවා. ඒත් ආදරණිය සැමියෙක් මේ විදිහට වෙනස් වෙන්නේ නැහැ. දරුවන් ලැබුණු පසුත් ඔහු තම බිරිඳට වෙනස් වෙනස් ක්‍රම වලින් ආදරය දැනෙන්නට සලස්වනවා. ඇගේ උපන්දින වලදී ඇයව පුදුමයට පත් කරවනවා. සතියකට වතාවක්වත් ඇයව පිටතට රැගෙන යනවා. ආදරණිය කෙටි පණිවිඩ, ආදර හසුන් යවලා ඇයව සතුටට පත් කරවනවා.

11 තම බිරිඳව අනවශ්‍ය ලෙස සැක කරන්නේ නැහැ

වරදක් නොකළ පුද්ගලයෙක්ව හේතු රහිතව සැක කරන්නට යාම හිත වේදනා ඇති කරනවා. තම බිරිඳගේ වරදක් නොදැක්කත් සමහර පිරිමි නිතරම වගේ තමන්ගේ බිරිඳව සැක කරනවා. අනවශ්‍ය ලෙස සැකයට බඳුන් වීම නිසා බොහෝ බිරින්දෑවරු මානසික ආතතියට පත් වෙනවා. මේ නිසා ආදරණිය සැමියෙක් කවදාවත් තමන්ගේ බිරිඳව සැක කරන්නට යන්නේ නැහැ.

12 අතීතයේ අඩුපාඩු අනාගතයට ගෙන එන්නේ නැහැ

වැරදි නොකරන කෙනෙක් නැහැ. ඔබේ බිරිඳගේ අතිනුත් ඔබට වැරදි සිදු වෙලා තිබෙන්නට පුළුවන්.  ඔබ ඒවා විසඳාගෙන අවසන් නම් නැවත ඒ ගැන කතා කරන්නට යන්න එපා. සමහර පිරිමි තම බිරිඳගේ පැරණි පෙම් සබඳතා වැනි වැඩකට නැති දේවල් පවා මතක් කරමින් පසුව දබර කරන්නට පෙළඹෙනවා. නමුත් එවැනි දේවල් යහපත් ස්වාමි පුරුෂයෙක් කවදාවත් කරන්නේ නැහැ.

13 අනවශ්‍ය වියදම් කරන්නේ නැහැ

හොඳ සැමියෙක් තමන්ගේ පවුලේ අනාගතය ගැන හිතන නිසා මුදල් නාස්ති කරන්නේ නැහැ. තමන් හම්බ කළා කියලා තමන්ට ඕනේ ඕනේ හැමදේටම මුදල් නාස්ති නොකර ඉතුරු කරන්නට පෙළඹෙනවා. මත්පැන්, දුම්වැටි වැනි තාවකාලික සතුටක් ගෙන දෙන සහ මුදල් කා දමන දේවල් ඔවුන් මිලදී ගන්නේ නැහැ. ඔවුන් මුල් තැන දෙන්නේ පවුලේ සුරක්ෂිත භාවයටයි.

14 තමන්ගේම නිවසක් මිලට ගැනීම

පවුලක් ජීවත් විය යුත්තේ බාහිර බලපෑම් වලින් තොර වුනු පෞද්ගලික ස්ථානයක බව යහපත් සැමියන් අවබෝධ කර ගන්නවා. දෙමව්පියන්ගේ නිවසක විසීමෙන් බිරිඳට යම් යම් ගැටළු ඇති විය හැකි බවත්, ඒවාට විසඳුම ලෙස දෙදෙනා තනිව විසීම සුදුසු බවත් අවබෝධ කර ගන්නා යහපත් පුරුෂයන් විසින් දෙදෙනාට තනිව විසීමට හැකි වන ලෙස නිවසක් මිලට ගන්නවා.

15 පවුල වෙනුවෙන් සමහර දේවල් අත් හරිනවා

පවුලේ සතුට වෙනුවෙන් අත් හැරීමට සිදු වන දේවල් අත් හරින්න යහපත් ස්වාමි පුරුෂයෙක් දෙවරක් හිතන්නේ නැහැ. දියණියගේ පාසලේ ගුරු දෙගුරු හමුව වෙනුවෙන් ව්‍යාපාරික ගනුදෙනුවක් කල් දාන්න, බිරිඳව ආහාර වේලක් සඳහා පිටතට ගෙන යාම වෙනුවෙන් ක්‍රීඩාවක් මඟ හරින්න ඔවුන් පසුබට වෙන්නේ නැහැ.

16 ස්තුතිපුර්වක වෙනවා

ගොඩක් පුරුෂයන් කරන්නේ තමන්ගේ බිරිඳට තමා වෙනුවෙන් කරන්නට බැරි වුනු දේවල් ගැන කියමින් දොස් පැවරීමයි. නමුත් යහපත් ස්වාමි පුරුෂයෙක් මුලින්ම හිතන්නේ තමාගේ බිරිඳ තමා වෙනුවෙන් කල දේවල් ගැනයි. ඒවා වෙනුවෙන් බිරිඳට ස්තුති කරන්න ඔවුන් දෙවරක් සිතන්නේ නැහැ. ස්තුති පුර්වක වීමෙන් බිරිඳ තවත් තමා වෙනුවෙන් කැපවන බව මේ ස්වාමි පුරුෂයන් අවබෝධ කරගෙනයි සිටින්නේ.


SHARE