වි

වාහය කියන්නේ නීති පොතට පමණක් සීමා වුනු දෙයක් නෙවෙයි. විවාහය කියන්නේ ප්‍රායෝගිකව ඔබ මුහුණ දිය යුතු දෙයක්. ඉතින් සැමියෙක් විවාහය නම් බැඳීම ඇතුලේ හැසිරෙන ආකාරයෙන් පවුලේ සමඟිය සහ ආදරණිය බව අඩක්ම තීරණය වෙනවා කිව්වොත් නිවැරදියි. මේ නිසා අද අපි තීරණය කළා පිරිමි පාර්ශවයට වැදගත් වෙන මේ ලිපිය ඉදිරිපත් කරන්න. ඔබ ළඟ මේ ගතිගුණ  නැති නම් ඔබට පුළුවන් මේවා ඔබේ ජිවිතයට එකතු කර ගන්න.



 

පළමු කොටස සඳහා පිවිසෙන්න

දෙවන කොටස සඳහා පිවිසෙන්න

 

17 බිරිඳට ආචාරශීලි සම්පන්න ලෙස සලකනවා

යහපත් ස්වාමි පුරුෂයෙක් තුල මහත්මා ගතිගුණයන් පිරිලා තියෙනවා. බිරිඳට ශාරීරිකව සහ මානසිකව හිරිහැරයක් නොවන අන්දමින් හැසිරෙන්නට මේ ස්වාමි පුරුෂයන් පරිස්සම් වෙනවා. දෙදෙනා තුල පරස්පර විරෝධී අදහස් තිබෙන්නට පුළුවන්. ඇයව තමන්ගේ මතයට නංවා ගැනීම වෙනුවෙන් ඇයට බල කිරීම ආචාරශීලි නැහැ. ඔබට ඇය වෙත ලබා දිය යුතු පණිවිඩය ආදරණියව ලබා දෙන්න. ඇය වෙනස් වන අන්දම ඔබට සිතා ගන්නටවත් බැරි වනු ඇත.

18 හොඳ සවන් දෙන්නෙක් වීම

සාමාන්‍යයෙන් කාන්තාවක් හරිම කැමතියි ඇයට සවන් දෙනවාට. තමන්ගේ බිරිඳට පවසන්නට ඇති දේවල් අසා සිටීම කරදරයක් ලෙස නොසලකා ඇයට ආදරයෙන් සවන් දෙන්න. ඇය ඇගේ ගැටළුවක් ගැන ඔබට කිව්වොත් ඒවා විසඳා ගන්න ඇයට උදව් කරන්න.

19 ඇය ගැන හොඳින්ම දන්නා පුද්ගලයා ඔහුයි

යහපත් සැමියෙක් තමන්ගේ බිරිඳ ගැන හැමදේම දන්නවා. ඇගේ රුචි අරුචිකම්, ඇය වඩාත් කැමති ආහාරය, ස්ථානය, පාට, ගීතය සහ චිත්‍රපටය ආදී සුළු කරුණු පිළිබඳව පවා සැමියා දැනුවත්ව සිටී. ඔහු මේ දැනුම භාවිතා කරමින් තමාගේ බිරිඳව සතුටින් තබන්නට උත්සාහ කරනවා.

උදා: ඇයගේ උපන්දිනයට ඇයව ඇය කැමතිම අවන්හලට රැගෙන යාම

20 ඇයව තේරුම් ගැනීම

තමන්ගේ බිරිඳගේ නිහඬතාවය තුල කියවෙන දහසක් දේවල් තේරුම් ගන්නට යහපත් සැමියෙක් සමත් වෙනවා. තමන්ගේ බිරිඳ ඉන්නේ සතුටෙන්ද, දුකෙන්ද කියන එක ඔහුට තේරුම් ගන්න පුළුවන්. තමාව තේරුම් ගත හැකි සහකරුවෙකු ලැබීම ඉතාමත් වාසනාවන්ත බව ඇයට හැඟෙනු ඇත. ඔබ ඇයව නිසි ලෙස තේරුම් නොගත්තොත් ඇගේ පුංචි පුංචි හීන, සතුට පවා විනාශ වී යා හැකියි.  

21 බිරිඳව ආරක්ෂා කිරීම

යහපත් සැමියෙක් බිරිඳට හොඳ ආරක්ෂකයෙක් වෙනවා. මේකෙන් කියන්නේ බිරිඳ වෙනුවෙන් සැමියා සතුරන් එක්ක ගහ මරා ගන්න ඕනේ කියලා නම් නෙවෙයි. උපක්‍රමශීලීව ඔබේ බිරිඳව අනතුරු වලින් මඟ හරවන්න. අවශ්‍ය තැනදී ඉදිරියට එන්න. බිරිඳට බාහිර ලෝකයෙන් සිත් රිදවීම් සිදු වන අවස්ථා වලදී ඇයව බේරා ගන්න.

22 ඇයගේ සිහින වලට බාධා කරන්නේ නැහැ

හොඳ සැමියෙක් කවදාවත් තමන්ගේ බිරිඳගේ සිහින වලට තහංචි දමන්නේ නැහැ. ඇය වැඩිදුර ඉගෙන ගැනීමට කැමති නම් ඇයට දිරි දෙන්න. ඇය රැකියාවක් කරන්නට කැමතියි නම් ඇයව අධෛර්යමත් කිරීමෙන් වළකින්න. ඇය ස්වයං රැකියාවක් කරන්නට කැමතියි නම් ඇයට දිරි දෙන්න.

23 සම්බන්ධය වැඩි දියුණු කර ගන්නට ඇයට දිරි දෙන්න

විවාහක යුවලක් අතර වරින් වර විවිධ ගැටළු පැන නඟින එක වලක්වන්න බැහැ. මේ වගේ අවස්ථා වලදී එම ගැටළු විසඳාගෙන ඉදිරියට යා යුතුයි. එකම ගැටලුවේ එල්ලීගෙන, සිත් රිදවීම් ඇති කර ගනිමින් සිටියොත් දෙදෙනාගේ සබඳතාවයේ ශක්තිමත්භාවය පිරිහෙන්නට පුළුවන්. ගොඩක් වෙලාවට කාන්තා පාර්ශවය සිත් රිදවීම් මතකයේ තබාගෙන, දිගින් දිගටම දුක්වෙමින් ඉන්නට උත්සාහ කරනවා. පරණ ගැටළු අමතක කර ඉදිරියට යන්නට ඇයව දිරි ගන්වන්න. ඔබට විවාහය එපා වී ඇති බව, ඔබේ බිරිඳ ගැන ඔබට කලකිරී ඇති බව බොරුවට ප්‍රකාශ කිරීම වගේ දේවල් වලින් සිදු වෙන්නේ ඇය ඔබෙන් තව තවත් දුරස් වීම පමණයි.                 


SHARE