බේ ස්වාමියා හෝ පෙම්වතා ඔබව තෝරාගෙන තිබෙන්නේ මේ ලෝකයේ ඉන්න තවත් බිලියන ගණනක ගැහැණු ගණනකින් ඔබ තමයි ඔහුට වඩා ගැලපෙනම කෙනා ලෙස අවන්කවම පිළිගන්න නිසා. කාලය ගත වෙද්දී ඔබ දෙදනා එකිනෙකා පුරුදු වෙද්දී ඇතැම් විට මේ පිළිගැනීම තව ශක්තිමත් වෙනවා. ඒ කියන්නේ ඔහුගේ ලෝකයට සුදුසුම කෙනා ඔබ බව ඔහු කාලය එක්ක ප්‍රත්‍යක්ෂ කර ගන්නවා.

නමුත් අවාසනාවට ඇතැම් අයගේ තත්වය ගොඩක් වෙනස්. ඇතැම් පිරිමි කාලය සමග ඔබ ගැන හිත කලකිරවා ගන්නවා. ඔබේ සැමියා නැත්නම් පෙම්වතාගේ ලෝකයේ ඔහු සලකන විදිහට වඩාම ගැලපෙන කාන්තාව ඔබද කියල බලන්න මේ ලක්ෂණ ඔහු තුළ තිබේද බලන්න.



1) ඔහු වඩා සාවධාන අසන්නෙක් වෙනවා

ඔහු ඔබ ගැන ඔබේ අදහස් ගැන පැහැදීම වැඩි වෙද්දී ඔහු හොඳ අසන්නෙක් බවට පත් වෙනවා. ඔබ කියන දේවල් ඇසීම කියන්නේ ඔහුගේ අවධානය ඔබට පහසුවෙන් ගන්න පුළුවන් කියන නිසයි.

යමක් කී පමණින් රණ්ඩුවට ඒම, ඔහුගේ අදහස් කියන්නට යාම කියන්නේ ඔහු ඔබ කියන දේ අසාගෙන ඉන්න උනන්දුවක් නැති බව හඟවන ලක්ෂණයක්.


2) ඔහු ඔබේ උපදෙස් පතනවා

බොහෝ කරුණු වලදී ඔහු ඔබේ උපදෙස් පතනවා කියන්නේ ඔහුට හොඳටම විශ්වාසයි ඔබ ඔහු වෙනුවෙන් පෙනී සිටින වග. ඒ වගේම ඔබ කියන්නේ දක්ෂ , බුද්ධිමත් කාන්තාවක් බව ඔහුට ප්‍රත්‍යක්ෂයි. දරුවට ගන්න ඩයිපර් එකේ නමේ සිට රැකියාවේ ගැටළුවක් දක්වා ඔබෙන් ඔහු උපදෙස් , අදහස් පතනවා නම් එය ඉතාම සතුටුදායක තත්වයක් බව කිව හැකියි.


3) ඔහු හැකි සෑම විදිහෙන්ම ඔබව ආරක්ෂා කිරීමට උත්සහ දරයි

මිනිසෙක් දිවි දෙවෙනි කොට හැම විටම ප්‍රවේශම් කරන්නේ ඔහුට අයිති යයි ඔහු සිතන දෙයක් පමණයි. ඔහු ඔබව ආරක්ෂා කිරීමට කොන්දේසි විරහිතව බැඳෙනවා කියන්නේ ඇත්තටම් ඔහුගේ හදවතේ ඔබ සදාකල්හිම ඉන්නවා කියන එකයි.


4) සමාව දීම කියන්නේ අනිවාර්යයෙන්ම වෙන දෙයක්

විශ්වාසය කියන දේ ඇති වෙන්නේ කාලයත් එක්ක. ඒ කියන්නේ ඔබ සැබවින්ම ඔහුට හිතවත් සහ ඔහු සමග මේ ජීවන ගමන යන අවංක බලාපොරොත්තුවෙන් ඉන්නවා කියන දේ තහවුරු වුනාම තමයි සමාව දීම කියන දේ මුලට ගන්නේ. උදාහරනෙකට ඔහු විශ්වාස කරනවා නම් ඔබ කිසියම් වරදකට සමාව දේවි කියල, එහි තේරුම ඔහුගේ ලෝකයේ ආරක්ෂාව ඔබ බවයි.

යහපත් සබඳතාවක් පවත්වන අඹු සැමියෝ හැම විටම එකිනෙකාට සමාව දී ගන්නවා. සමාව කියන්නේ ඉදිරියට විය යුතු මහා විනාශයට වඩා , තමන්ගේ ආවේගයට වඩා සම්බන්ධතාවය වටිනවා කියන එකයි.


5) ඔහු ඔබට ආදරය දක්වන බව ඔබට හැඟෙන්නට ඉඩ දෙනවා

ආදරණීය හැසිරීමක්, කතාවක් මගින් ඔහු නිතරම ආදරය දැනෙන්න ඉඩ දෙනවා. ඔහුට අවශ්‍ය නැහැ ලෝකයේ ඉන්න හැමෝටම ප්‍රදර්ශනය කරන්න. මොකද ඔහුට ලෝකයට ඔප්පු කරන්න දෙයක් නැහැ. ඔහුට වුවමනා ඔබේ හිතේ සුරක්ෂිත ආදරණීය හැගීමක් ඇති වීම පමණයි.


6) ඔහු ඔබ දෙදෙනාගේම අනාගතය සැලසුම් කරයි

ඔබේ ජීවිතයේ ආරක්ෂාව , ඔහු ඉද්දි වගේම නැති කාලෙක ඔබේ ජීවිතය සුරක්ෂිත කරන්න ඔහු නිතරම සැලසුම් කරනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඔහු ඔබ ඔහුගේ ජීවිතේ ප්‍රමුඛතාවය කරගෙන තිබෙනවා කියන එකයි.


7) ඔහු ඔබේ සාර්ථකත්වය කෙරෙහි අකුල් හෙලන්නේ නැහැ

ඇතැම් ස්වාමිවරු, පෙම්වතුන් තමන්ගේ සහකාරියගේ වුර්තීය ජීවිතේ, අධ්‍යාපනයේ ජයග්‍රහණ එක්ක ගොඩක් අමනාප වෙනවා. ඇතැම් කාන්තාවන්ට අධ්‍යාපන කටයුතු නවත්වන්න පවා බල කරනවා. නමුත් ඔහු ඔබව විශ්වාස කරනවා නම් ඔහු සලකන්නේ ඔබගේ ජයග්‍රහණත් දෙදෙනාම ලබන පොදු ජයග්‍රහණ ලෙසයි.


ඔබ ඔබේ සැමියාට වඩාම ගැලපෙන බිරිඳ නම් ඔහු වටහා ගනීවි හැම දවසක්ම එක වගේ ශාන්තව ගලා නොයන බව. ජීවිතේ අමාරුයි. විශේෂයෙන්ම නූතන සංකීර්ණ ජීවන රටාව යටතේ පවුලක් වෙලා එකට ජීවත් වීම ඉස්සරට වඩා අසීරුයි. හොඳ දවස් වගේම ඉඳ හිට එන නරක දවසත් සතුටින් පසු කරන්නට ඔහු ඔබ සමග අත්වැල් බැඳ ගනීවි.

  • TAGS
  • 2
SHARE

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here