වි
රහව නිසා දුක් විඳින පෙම්වතුන් බොහෝ දෙනෙක් ඉන්නවා. ඔවුන් පවසන්නේ පෙම්වතිය ඔවුන්ව හැර යන තුරු, ඔවුන්ට ඇය බොරුවක් කරන බව නොහැඟුණු බවයි. ඇත්තටම බොරු කරන පෙම්වතියක්ව කලින් හඳුනා ගන්නම බැරිද? හොඳින් විමසිලිමත්ව ඇගේ හැසිරීම් රටාව දෙස බලනවා නම්, ඔබට ඇගේ ආදරය බොරුවක්ද, ඇත්තක්ද යන්න සොයා ගත හැකියි. ඉතින් අද අපි තීරණය කළා myfamily.lk වෙබ් අඩවිය හරහා බොරු කරන පෙම්වතියක්ව කලින්ම හඳුනා ගත හැකි ක්‍රම කීපයක් ගැන කතා කරන්න.


1 ඔබ ගැන හිතන්නේ හරිම අඩුවෙන්

අපි හැමෝම අපි කැමති දේට මුල් තැන ලබා දෙනවා. නමුත් ආදරය කරන්නට පටන් ගත් විට සහකරුගේ කැමැත්තටත් අවස්තාව ලබා දෙනවා. බොරු කරන පෙම්වතියක් නම් ආදරය කළත් මුල් තැන ලබා දෙන්නේ ඇගේ කැමැත්තට පමණයි. ඔබේ කැමැත්ත කුමක් වුවත්, එය නොසලකා හැර ඇගේ කැමැත්ත ඉටු කර ගන්න ඇය උපක්‍රමශීලි වෙනවා.

 

2 පුරුද්දකට බොරු කියනවා

සාමාන්‍යයෙන් පෙම්වතියක් තමන්ගේ පෙම්වතාට බොරුවක් කියන්නේ නොකියම බැරි අවස්තාවකදියි. නමුත් බොරු කරන පෙම්වතියකට තමන්ගේ පෙම්වතාට බොරු කියනවා කියන එක අමාරු දෙයක් නෙවෙයි. ඇය පහසුවෙන්ම කටට එන බොරු කියනවා. ඇයට ඒ ගැන කිසිදු වරදකාරී හැඟීමක් ඇති වන්නේ නැහැ.

 

3 පහසුවෙන් පොරොන්දු කඩ කරනවා

පොරොන්දු කඩ කරනවා කියන එකත් බොරු කරන පෙම්වතියකට ඉතා පහසුයි. ගොඩක් වෙලාවට වෙන්නේ ඇයට තමා දුන් පොරොන්දු පිළිබඳව අමතක වීමයි. එයට හේතුව වන්නේ ඇය පොරොන්දු දෙන්නේ උවමනාවකින් තොරව වීමයි. මුලදී ඇය ඔබට හරිමි මිහිරි පොරොන්දු දහසක් ලබා දුන්නත්, පසුව ඒවා අමතක කර දමනවා.

 

4 මුලදී ඔබට පෙන්වූ ගතිගුණ වලට වඩා ඇගේ සැබෑ ගතිගුණ වෙනස්

මෙය කාලයත් සමඟ ඔබටම හැඟෙනවා. මුලදී ඇය ඔබට පෙන්වූ ගතිගුණ ඉතා මිහිරියි. නමුත් කාලයත් සමඟ ඇගේ හැසිරීම, කතා බහ, භාවිතා කරන වචන නපුරුයි. ඉතින් ඒ වගේ වෙනස් ගතිගුණ පසුව පෙන්නුම් කරනවා නම් ඇය පසුව ඔබව හැරදා යා හැකි බව ඔබට අවබෝධ කර ගන්න පුළුවන්.

 

5 පලිගන්න කැමතියි

ඔබට ඇත්තටම ආදරය කරන පෙම්වතියක් ඔබෙන් පළිගන්නේ නැහැ. ඔබේ වැරදි අඩුපාඩු ඇය ඇගේ ආදරය නිසා නොසලකා හරිනවා. නමුත් බොරු කරන පෙම්වතියක් එසේ නැහැ. ඔබෙන් සිදු වූ අඩුපාඩු මතක තබාගෙන, ඇය ඔබට රිදවමින්, එකට එක කරනවා. ඔබ එක් දිනක් ප්‍රමාද වුවොත්, ඇය ඊළඟ දිනයේ හිතා මතාම ප්‍රමාද වෙනවා.

 

6 ඇයට විකල්ප සිටිනවා

ඇයට විශේෂිත වූ පිරිමි මිතුරන් සිටිනවා. ඒ මිතුරුකම් මිතුරුකමටත්, ආදරයටත් මැද ස්ථානයක පවතින්නක්. ඇය ඔවුන් හා කිට්ටුවෙන් සිටින්නේ, ඔබ දෙදෙනාගේ සබඳතාවයට යම් හානියක් වුවොත් වහා අනෙකා වෙත මාරු වීමට විය හැකියි.

 

7 චරිත දෙකකින් යුක්තයි

බොරු කරන පෙම්වතිය නපුරු විදිහට හැසිරෙන්නේ ඔබ ඉදිරියේ පමණයි. ඔබේ මිතුරන්, දෙමව්පියන් ඉදිරියේ ඇය ඔබට ඉතා ආදරයෙන් සලකනවා. නමුත් ඔවුන් නොමැති අවස්ථාවල ඇය ඉක්මනින් වෙනස් වෙනවා. ඇය එසේ කිරීමට විශේෂ හේතුවක් තිබෙනවා. ඒ යම් දවසක ඔබව හැර ගියොත්, සමාජයෙන් ඇයට බැනුම් ඇසීම වලක්වා ගැනීමටයි.

 

8 ඇය ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ ඉහලම දේවල්

ඇය කවදාවත් කැමති වෙන්නේ නැහැ ඔබ එක්ක ගිහින් පුංචි කඩේකින් කෑම වේලක් ගන්න. ඇයට ඕනේ ඔබ එක්ක ඉහළ ගණයේ පිළිගැනීමක් ඇති ආපනශාලා වලට ගිහින් ආහාර ගන්නයි. ඇයට ඔබෙන් අවශ්‍ය මිල අධික ත්‍යාගයන් විතරයි. පුංචි තෑග්ගක් දුන්නොත් ඇය එයට කැමති වන්නේ නැහැ. ඔබ ළඟ මුදල් තියෙනවාද, නැද්ද කියන එක ඇයට අදාළ නැහැ. ඔබ ළඟ මුදල් නොමැති බව කිව්වොත් ඇය ඒ බව තේරුම් ගන්නේ නැහැ. ඒ වගේ අවස්තාවක ඇය ඔබ සමඟ කෝප ගන්නවා.

 

9 ඇය ඔබේ වැරදි පුරුදු නැවත්වීමට උනන්දු වන්නේ නැහැ

පෙම්වතියකට ඇගේ පෙම්වතා සමඟ විවාහ වීමේ අදහසක් නැති නම්, ඔහුගේ වැරදි පුරුදු ගැන ඇය කරදර වන්නේ නැහැ. ඔහු අධික ලෙස මුදල් නාස්ති කළත්, මත්ද්‍රව්‍ය භාවිතා කළත්, ඔහු තමාගේ දෙමව්පියන්ට නොසලකා හැරියත් පෙම්වතිය ඒ ගැන කරදර වෙන්නේ නැහැ. පෙම්වතියකට තමාගේ පෙම්වතාව නිවැරදි පුද්ගලයෙකු බවට පත් කරන්නට අවශ්‍ය වන්නේ ඔහු කවදා හෝ තමාගේ සැමියා වෙනවා නම් පමණයි.  

බොරුකාර පෙම්වතෙකු හඳුනා ගත හැකි ලක්ෂණ 8ක් ලිපිය මෙතැනින්