දරය ඇති වෙන්න මහ වෙලාවක් ගත නොවුනත්, ඔබ ජීවිතයට තෝරා ගත්තු කෙනා ඇත්තටම ඔබේ ජිවිතයට ගැලපෙනවාද නැද්ද කියන ඒක තේරුම් ගන්න කාලයක් ගත වෙනවා. මේ දේ තේරුම් ගන්න විවාහ වෙනකම් හිටියොත් විවාහ ජීවිතය අපායක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔබ තෝරා ගෙන තියෙන්නේ නිවැරදි කෙනාවද කියලා තේරුම් ගන්න උදව් කරන්න myfamily.lk වෙබ් අඩවිය මේ ලිපිය හරහා තීරණය කළා.




01. ඔයා ගැන හොයලා බලන විදිහෙන්.

  • ඔයාට එයාගෙන් රැකවරණයක් ලැබෙනවා කියලා දැනෙනවා නම් ඒක හොඳ සලකුණක්.
  • එත් ඔබේ සහකරු අනවශ්‍ය විදිහට ඔබේ ජිවිතයට බලපෑම් කරන්න එනවා කියලා ඔබට දැනෙනවා නම් ඒක නරක සලකුණක්.

උදා : ඔබ මිතුරන් ආශ්‍රය කල යුතු ආකාරය, ඔබ ඇඳුම් ඇඳිය යුතු ආකාරය, රැකියා ස්ථානයෙන් ඔබ පිට විය යුතු වෙලාව තීරණය කරන්නේ ඔබේ සහකරු නම් ඒ ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. ඒ නීති වලට පොඩ්ඩක් පිටින් ගිහින් ඔබේ සහකරු ප්‍රතිචාර දක්වන විදිහ පරීක්ෂා කරලා බලලා ඔබේ සම්බන්ධය ගැන ආයෙත් හිතලා බලන්න.

  • ඔබට දැනෙනවා නම් ඔබේ සහකරු ඔබ ගැන හොයන්නෙම නෑ කියලා, ඒකත් නරක සලකුණක්.

උදා : ඔහු ඔබට කතා කරන්නේ කාල සටහනකට අනුවද? උදේ call කලාට පස්සේ ආයේ ඔබ ගැන හොයන්නේ රෑ වැඩ ඇරිලා ආවට පස්සෙද? ඒ අතරමැදදී ඔබ ගැන හොයලා බලන්නේ නැද්ද? ඔහු ගොඩක් කාර්යබහුලයි, හොයලා නොබලන්නේ විශ්වාස නිසායි වගේ නිදහසට කරුණු කියනවද ? මේ විදිහේ සහකරුවෙක් බොහෝ විට අනෙකාව ඇසුරු කරන්නේ තනිකම මකා ගන්න තාවකාලිකව මිසක්, විවාහ වීමේ අරමුණින් නොවෙන්න පුළුවන්.


මෙම ලිපියේ දෙවන කොටස සදහා පිවිසෙන්න :-

ආදරයේ සැක කටයුතු තැන් දෙවන කොටස


02. ඔයාට සවන් දෙන විදිහෙන්.

ගැහැණු අපි කැමතියි අපි කියන දේවල් අහගෙන ඉන්න කෙනෙක්ට. අපිව තේරුම් ගන්න පුළුවන් කෙනෙක්ට. එත් එයාට ඔයා කියන දේ අහගෙන ඉන්න උනන්දුවක් නැත්තම් ටිකක් ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඔබ කතා කරන වෙලාවට ඔහුගේ සිහිය රැඳෙන්නේ ෆෝන් එකේ හෝ පරිඝනකයේ නම්, ඒක හොඳ ලකුණක් නෙවෙයි. මොකද ඔබ ජීවිත කාලයම ඉන්න වෙන්නේ ඔබට සවන් නොදෙන කෙනෙක් එක්ක නම් ඒක ඔබට පසුකාලීනව වේදනාවක් වෙන්න ඉඩ තියෙනවා.


03. ඔයාට ජිවිතයේ දෙන තැන.

ඔබව මුණ ගැහෙනවට වඩා, ඔබට කතා කරනවට වඩා ඔහුට වෙනත් දේවල් වැදගත්ද කියලා බලන්න. හැමදේම සමබරව තිබුණට කමක් නැහැ. ඔබට දක්වන සැලකිල්ලෙ තරමටම යාලුවන්ට, විනෝදාංශ වලට තැන දුන්නට වරදක් නැහැ. නමුත් ඔබට අඩු තැනක් දීලා ඒ දේවල් වලට වැඩි තැනක් දෙනවා නම් ඒක ගැටළුවක්.


04. වැඩිහිටියන්ට සලකන ආකාරය.

  • එයාගේ දෙමව්පියෝ ගැන එයා කතා කරන්නේ කොහොමද කියලා බලන්න. තමන්ගේ දෙමව්පියෝ ගැන උපහාසයෙන් කතා කරන කෙනෙක් ඔබේ දෙමව්පියන්ට කවදා හරි සලකයි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ.
  • මඟදී මුණ ගැසෙන වැඩිහිටියන්ට ඔහු සලකන්නේ කොහොමද කියලා සැලකිල්ලෙන් බලන්න.
  • ඔබේ දෙමව්පියෝ ගැන ඔබේ සහකරු දක්වන ආකල්පය ගැන හෙමීට අහලා දැන ගන්න. “කවදා හරි අපි දෙපැත්තේම අම්මලාව ආදරෙන් සලකමු” වගේ අදහස් නිතරම දක්වනවා නම් ඔබේ සහකරු යහපත් කෙනෙක් වෙන්න ඉඩ තියෙනවා.

05. යාළුවෝ එක්ක ඉන්න විදිහ.

  • ඔබේ සහකරුට යාළුවො කි දෙනෙක් ඉන්නවද කියලා බලන්න. එයාලා ගැන කියන්නේ මොනවද කියලා අවධානයෙන් බලන්න. නිතරම තමන්ගේ යාළුවො එක්ක රණ්ඩු වෙන, යාළුවො තමන්ට වඩා පහත් පිරිසක් විදිහට සලකන අයගෙන් පරිස්සම් වෙන්න. නිතරම තමන්ගේ යාළුවො ගැන වැරදි කියවන කෙනෙක් ඒ කියන්නේ ඇත්තමද කියලා හොයලා බලන්න. යාළුවො ඇත්තටම වැරදිද, නැත්තම් ඔබේ සහකරු කාත් එක්කවත් හොඳින් ඉන්න බැරි කෙනෙක්ද කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න.
  • ඕනෙවට වඩා යාළුවො ඉන්න එකත් ටිකක් හොඳ නැහැ. යාළුවො එක්ක බීමට ඇබ්බැහි වෙලාද කියලා හොයලා බලන්න.
  • TAGS
  • 4
SHARE