හැම කෙල්ලෙක්ගේම හිතේ තියන ලොකුම හීනයක් තමයි විවාහය කියන්නේ. හා හා පුරා කියල හිතට ගැලපෙන කොල්ලෙක් මුණ ගැහුනා කියමු. ඊට පස්සේ තියන ලොකුම දේ තමයි කසාද බඳින එක. එත් බැන්දට පස්සේ ? අද කතා කරමු විවාහයට කලින් විවාහයෙන් පස්සේ ජිවිතේ ගැන හිතන්න ඕනෙම කරුණු කිහිපයක් ගැන



1) විවාහය ගන්නේ එක දවසක් වුනාට විවාහ ජීවිතය කියන්නේ එක දවසක් නෙවෙයි.

  • විවාහ වෙන්න ඕනේ කියල හිතුන දවසේ ඉදන් ඒ දවස වෙනකම් අපි ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. හැමදේම ගානට මිම්මට කරලා ඉවර වුනාම හිතන්නේ තිබුන ලොකුම බර ඉවරයි කියල. ඒ වුනාට හරිම යුද්ධය පටන් ගන්නේ වෙඩින් එකෙන් පස්සේ. දුර හිටියට වඩා ළඟ ඉද්දි අඩු පාඩු වෙනස්කම් හොඳටම දැනෙනවා. ඒ වෙනස්කම් එක්ක ජිවත් වෙන එක තමයි ඇත්තටම විවාහා ජිවිතේ කියන්නේ.

2) රටටම ණය වෙනවද?

  • එක පාරයිනේ බඳින්නේ කියලා සාධාරණිකරණය කරලා අතේ තියන සල්ලි අන්තිම සතේටම හිදෙනකම් වියදම් කරලා ඒ මදි වුනාම රටටම ණයත් වෙලා වෙඩින් එක ගන්නවා. වෙඩින් ඒකට එන මිනිස්සු නම් කාලා බිලා නටලා යාවි. ඒ වුනාට ඔබ ඒ ණයත් එක්ක ජිවත් විය යුතු බවත් හොඳටම මතක තියාගන්න. විවාහයකදී වෙන්න ඕනේ එකිනෙකෙට වෙනස් මිනිස්සු දෙන්නෙක්ගේ ජිවිත එකතු වීම මිසක්, රටටම අණබෙර ගැසීම නෙවෙයි. ණය වෙලා බැඳලා කරන්නේ මැරෙනකම්ම ඒ ණය ගෙවන එක. එහෙම කරලා අන්තිමට වෙන්නේ බලාපොරොත්තු වුන ආදරේ නැතිවෙලා ගිහින් වගකීම් වලින්ම ජිවිතේ එපා වෙන එකයි. ඔබම හිතල බලන්න ඔබට පුළුවන් විදියට විවාහ වෙලා මුළු ජිවිත කාලෙම උත්සවයක් වගේ තියාගන්නවද එහෙමත් නැත්තම් රටටම් ණය වෙලා මුළු ජිවිත කාලෙම ඒ ණය ගෙවනවද කියල

3) කතා කරලා ඉවර නෑ !

  • දැන් බැඳලා ඉවරයිනේ කියල ජීවිතේට එන විදියකට මුහුණ දෙන එක නෙවෙයි නුවණක්කාරකම. තාමත් ඔබට පුළුවන් කතා බහ කරලා ප්‍රශ්න විසඳගන්න. මිනිස්සුන්ට වගකීම් වැඩිවෙද්දී වෙනස් වෙන එක සාමාන්‍ය දෙයක්. බඳින්න කලින් තිබුන ආදරේ දැන් නෑ කියල රණ්ඩුකරනවාට වඩා අවබෝධයෙන් වැඩ කරන එක තමයි හොඳ. සමහර විට දෙන්නම රැකියාවන් වල නිරත වෙනවා නම් සමහර දේවල් මගහැරෙන්න පුළුවන්. ඒ අඩු පාඩු විසඳගන්න පුළුවන් කතා බහ කරලම තමයි.

4) අලුත්ම පරිසරයක්?

  • දෙමවුපියන්ගේ රැකවරණය යටතේ ජිවිතේ වැඩි බරක් පතලක් නැතුව ජිවත් වුන ඔබ විවාහයෙන් පසුවත් ඒ විදියටම ජිවත් වෙන්න ගියොත් එක ටිකක් ගැලපෙන්නේ නෑ වගේ. ඔබට දැන් ඔබගේම කියල පවුලක් තිබෙනවා. අපේ අම්මල එයාලගේ පවුල් ජිවිතේ වෙනුවෙන් කරපු කියපු දේවල් වලට යොමු වෙන්න ඔබටත් කාලය හරි එහෙනම්. අලුත් පරිසරයේ තිබෙන වෙනස්කම් වලට අනුවර්තනය වෙන ගමන්ම ඔබව අපහසුතාවයට පත්කරන දේවල් හෙමි හෙමින් වෙනස් කරගන්න තරම් ඔබ බුද්ධිමත් විය යුතුයි. අනෙකාගේ හිත රිදවිමකින් තොරව පවුල් ජීවිතය යාවත්කාලින කිරිම තමයි ගැහැණියකගේ දක්ෂකම කියන්නේ

5) දැන් බැඳලා ඉවරයිනේ

  • මේක නම් බහුතරයක් කරන ලොකුම ලොකු වැරද්දක්. යාළුවෙලා ඉන්න කාලේ එක එක විලාසිතා කරලා ලස්සන ඉන්න ඔබ බැන්දට පස්සේ ජිවත් වෙන්නන් වාලේ ජිවත් වුනොත්? ලස්සනට ඉන්න ඕනේ බැන්දට පස්සෙයි. අර කතාවකුත් තියනවනේ හැමදාම දකින කුකුලගේ කරමලේ සුදුයි කියල.ඒ වගේ තමයි බැන්දට පස්සේ එකම මුණ උදේ හවස දකිද්දී එපා වෙන්නත් පුළුවන් ඉතින්. එහෙම නොවෙන්න අලුත් විදියට ලස්සනට ඉන්න එක තියෙන්නේ කෙල්ලගේ අතේ. අලුත් විලාසිතා කරන්න, ලස්සනට අඳින්න මේකප් කරන්න එකේ කිසිම වැරද්දක් නෑ.
  • TAGS
  • 3
SHARE

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here