දරවන්තයෙකු වෙන්න සිහින මවන, ඒත් තවමත් ආදරවන්තයෙකු වෙන්න අවස්තාවක් නොලැබුණු තරුණ තරුණියන් බොහොමයක් දෙනා මේ තත්වය ගැන ඉන්නේ කනස්සලෙන්. ආදරවන්තයෙකු වෙන එක ඔබ හිතන තරම් අපහසු දෙයක් නෙවෙයි. ඔබ තුල පවතින සුළු සුළු අඩුපාඩු කීපයක් නිසා ඔබට අදරවන්තයෙකු වන්නට ලැබෙන අවස්තාව මඟ හැරි යනවා වෙන්නට පුළුවන්. ඉතින් අද අපි myfamily.lk වෙබ් අඩවිය ඔස්සේ කතා කරන්නේ මේ පිළිබඳවයි.



  • ඔබ එක්කෙනෙක් ගැන විතරමද හිතන්නේ?

ඔබේ හිතේ ඉන්නේ එක්කෙනෙක් විතරමද? සමහරවිට ඔබ වසර ගණනාවකට කලින් දැකපු කෙනෙක් ගැන සිහින මවාගෙන ඉන්නවා ඇති. එහෙම නැත්තම් ඔබට ලඟා වෙන්න අපහසු ස්තරයක ඉන්න කෙනෙක් දිහා බලාගෙන ඇති. එහෙම නැත්තම් ඔබ තවමත් ඔබේ පරණ ආදරය ගැන ලත වෙමින් ඉන්නවා ඇති. සමහරු දන්නවා තමන්ගේ හිතේ ඉන්න කෙනාව තමන්ට කවදාවත් ලැබෙන්නේ නැහැ කියලා. ඒත් ඔවුන් ඒ කෙනා ගැනම හිත හිතා තමන්ගේ ජිවිතයේ වටිනා කාලය ගෙවා දමනවා (මෙතැනින් කියන්නේ කෙනෙක්ව ලබා ගන්න අපහසුවෙන් උත්සාහ කරමින් ඉන්න එක ගැන නම් නෙවේ. නොලැබෙන බව හොඳින්ම දන්නා කෙනෙකු දිහා බලාගෙන, කිසිම උත්සාහයක් කරන්නේ නැතුව කාලය නාස්ති කරන එක ගැනයි).

නමුත් නොලැබෙන දේවල් ගැන හිත හිතා ඉන්න එක පැත්තකට දාලා අලුත් ප්‍රේමයක් ඇරඹීම ගැන හිතන්න පටන් ගත්තොත් ඔබට ඉක්මනින්ම ආදරවන්තයෙක් වෙන්න වාසනාව පෑදේවී.

  • සමාජ ආශ්‍රයක් නැති වීම

ඔබ ඔබේ කාලය ගත කරන්නේ ඔබේ රැකියා ස්ථානයේ සහ නිවසේ විතරද? ඔබ වැඩ ඇරුණු ගමන් ගෙදරට දුවගෙන එනවද? සති අන්තයේ නිවාඩු දවස් වලත් ඔබ කරන්නේ ගෙදරට වෙලා ඉන්න එකද? අනේ එහෙනම් ඔබට කොහෙන්ද සහකරුවෙක් හඳුනා ගන්න වෙලාවක්? සමාජ ආශ්‍රයක් නැති කෙනෙකු බොහෝ විට ඉන්නේ තමන්ගේම නිවසට කොටු වෙලයි. නිවසට වෙලා ටීවී බල බල හිටියට, DVD බල බල හිටියට ඔබට ආදරවන්තයෙක් වෙන්න ලැබෙන්නේ නැහැ. ටිකක් එලියට බහින්න. ඔබේ වයසේ මිතුරු මිතුරියන් ඇසුරු කරන්න. විනෝද චාරිකා යන්න. සමිති සමාගම් වලට බැඳිලා, ඒවායේ හමුවීම් වලට යන්න. ඒ වගේම සමාජ සේවා කටයුතු වලත් නිරත වෙන්න. ඔබ සමාජයේ ගැවසෙන කාලය වැඩි වෙද්දී ඔබට මුණ ගැහෙන මිනිසුන් වැඩි වෙනවා. ඒ අතරින් ඔබට ගැලපෙන සහකරුවෙකු සොයා ගැනීම ඔබට ඉතාමත් පහසු කටයුත්තක් වේවි.

  • ඔබ පමණට වඩා කාර්යබහුලද?

අනවශ්‍ය ලෙස කාර්යබහුල වන පුද්ගලයෙක්ටත් සුදුසු සහකරුවෙකු මුණ ගැසීමේ සම්භාවිතාවය අඩු වෙනවා. රැකියා ජීවිතය සහ පෞද්ගලික ජීවිතය හරි හැටි බෙදා වෙන් කර ගන්න නොතේරෙන ඕනෑම පුද්ගලයෙකුට මේ ගැටලුවට මුහුණ දෙන්නට සිදු වෙනවා. කාර්යබහුල බව ඔබව රැකියා ස්ථානයටම කොටු කර දමනවා. බාහිර සමාජයෙන් ඔබ නොදැනීම ඈත් වන්නට මෙය බලපානු ලබනවා.

  • ඔබ ඔබේ රූප සෞන්දර්යය ගැන සැලකිලිමත් වෙන්නේ නැද්ද?

බොහෝ වෙලාවට තරුණියන් නම් තමන්ගේ රුපය ගැන උනන්දුයි. ඒත් තරුණයන් බොහෝ විට තම රුපය ගැන හරි හැටි උනන්දු වෙන්නේ නැහැ. සත්‍ය ආදරයට ලස්සන ඕනේ නැහැ කියලා කිව්වට, ඔබට හැකි පමණින් ඔබේ තිබෙන සුන්දරත්වය රැක ගැනීමට උත්සාහ කිරීම ඔබට ගොඩක් වාසි ගෙන දේවි. කුඩයකින් යන්න පුළුවන් කම තියෙද්දී අව්වේ ගිහින් අපේ තරුණයන් ඔවුන්ට ලැබිලා තියෙන පැහැපත් බවත් අහිමි කර ගන්නවා. වර්තමාන වෙළඳපොලේ ගැහැණු/ පිරිමි දෙපක්ෂයටම ගැලපෙන රූපලාවන්‍ය ආලේපන තියෙනවා. පොඩ්ඩක් තමන්ගේ රූපය වැඩි දියුණු කර ගන්න උනන්දු වුනොත් ඔබට ගැලපෙන සහකාරයෙක් හොයා ගන්න එක එතරම් අමාරු වෙන එකක් නැහැ.

ඒ වගේම ඇඳුම් අඳිද්දී ලස්සනට අඳින්න උනන්දු වෙන්න. කාලයට, ඔබේ සිරුරට ගැලපෙන විලාසිතා කරන්නත් අමතක කරන්න එපා. ඔබ තරුණයෙක් නම් තමන්ගේ සපත්තු, මේස්, ඔරලෝසු සහ බ්‍රේස්ලට් තෝරා ගද්දි ඒවා නව විලාසිතා අනුව තෝරා ගන්න.

ඔබ තරුණියක් නම් ඔබට ගැලපෙන ආභරණ, හෑන්ඩ් බෑග්, පාවහන් ලස්සනට තෝරා ගන්න.


SHARE