දරය කරන්න, ආදරය ලබන්න ආස වුනත් ආදරය කරන්න අවස්තාවක් නොලැබෙන සමහර පුද්ගලයන් අප අතර ඉන්නවා. ඇත්තටම ඔවුන් ආදරයක් නොලැබීම යන කාරණය ගැනත් ගොඩක් පසුතැවිලි වෙනවා. තවත් සමහරු තමාට ලැබිලා ඉන්න ආදරවන්තයා හෝ ආදරවන්තියගේ අඩුපාඩු දකිමින්, තමා බලාපොරොත්තු වන ආකාරයේ ආදරයක් තමාට නොලැබීම පිළිබඳව දුක් වෙනවා. බහුතරයක් පුද්ගලයන් ආදරය විඳිද්දී, සුළුතරයක් දෙනා මේ වගේ ප්‍රශ්නෙකින්  පීඩා විඳින්නේ ඇයි කියලා අපි හොයලා බැලුවා. අද myfamily.lk වෙබ් අඩවිය ඔස්සේ අපි ඔබට ඉදිරිපත් කරන්නේ මේ ගැන ලිපියකුයි.



1 සිහින ලෝකයෙන් ආදරයක් සෙවීම

මේ ඇබැද්දිය වෙන්නේ නම් ආදර කතා අඩංගු නව කතා සහ චිත්‍රපටි වලට ඇබ්බැහි වුනු අයටයි. තිරපිටපත් නිර්මාණකරුවන් උත්සාහ කරන්නේ බොහෝ විට සුදු චරිත මවන්නයි. ඒත් සැබෑ ලෝකයේ ජිවත් වෙන මිනිස්සු සර්වසම්පුර්ණ සුදු චරිතයන් නෙවෙයි. ඔවුන් තුල යහපත් ගතිගුණ වගේම අයහපත් ගතිගුනත් තියෙනවා. ඔවුන්ට සම්පුර්ණ ආදරයක් අනෙකා වෙත ලබා දෙන්න බහ. ඉතින් සර්වසම්පුර්ණ ආදරවන්තයෙක් හොයන කෙනෙක්ට ආදරයක් හිමි කර ගන්න හරිම අමාරුයි. සර්වසම්පුර්ණ ආදරවන්තයෙක් කියලා කාව හරි තෝරා ගෙන, මාස කීපයකට පස්සේ ඔහුගේ/ ඇයගේ අඩුපාඩු දැක්කම කලකිරෙන බරපතල අඩුපාඩුවක් මේ පුද්ගලයන් තුල පවතිනවා.

2 තමා කෙරෙහි ගරුත්වයක් නොමැති වීම

තමාට ගරු නොකරන කෙනෙක්ගේ ආදරය කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ. මොකද තමන්ට ගරු නොකරන පුද්ගලයෙක්ට වෙන කෙනෙක් ගරු කරන්නෙත් නැහැ. සමහර පුද්ගලයන් ඉන්නවා තමන්ට සහකරුවෙක් හමුවුන ගමන් ඔහුට/ ඇයට තමාගේ ජිවිතයේ අසීමිත වටිනාකමක් දීලා, තමන්ගේ වටිනාකමට තැනක් නොදෙන. අනිත් කෙනා වෙනුවෙන් තමන් කැමති දේවල් වෙනස් කර ගන්න, තමන්ගේ මිතුදම් සහ රැකියාව අත හරින පුද්ගලයන් තමන් විසින්ම තමන්ගේ වටිනාකම පහත හෙලා ගන්නවා. එහි ප්‍රතිඵලයක් ලෙස අනෙකාත් ඔබට දක්වන ගරුත්වය කෙමෙන් කෙමෙන් අඩු වී යනවා.

3 අනිත් කෙනාගේ පෞද්ගලික සීමාවන් වෙත බාධා පැනවීම

හැම පුද්ගලයෙක්ටම පෞද්ගලිකත්වයක් තිබෙනවා. සමහර පුද්ගලයන් හිතාගෙන ඉන්නවා ආදරය කිරීම කියන්නේ අනෙකාගේ පෞද්ගලික ජීවිතය ආක්‍රමණය කිරීම කියලා. අනිත් කෙනාගේ තීරණ සහ ජීවන රටාව වෙනස් කරන්නට යාම වගේ අනවශ්‍ය ඇඟිලි ගැහීම් වලින් සිදු වෙන්නේ සබඳතාවය පලුදු වීමයි. අනිත් පුද්ගලයාගේ ගතිගුණ වලට ඔබ කැමති නැත්තම් ඔහුව බලෙන් වෙනස් කිරීමට උත්සාහ කරනවාට වඩා අතහැර යාම සුදුසුයි. මොකද අනවශ්‍ය විදිහට තමන්ගේ ජිවිතයට ඇඟිලි ගසන පුද්ගලයෙක් එක්ක ජිවත් වෙන්න කවුරුවත්ම කැමති නැහැ.

4 ඔබට සමාව දෙන්න බැහැ

සමහර පුද්ගලයන් ඉන්නවා තමන්ට කවුරුහරි පොඩි හෝ වරදක් කලොත් ඒ දේ හොඳින් මතක තියාගෙන ඉන්න. සමහර පුද්ගලයන් අනෙකා සමාව ඉල්ලුවත් සමාව දෙන්නේ නැහැ. මේ වගේ අයටත් සබඳතාවයක් දිගට ගෙනියන්න බැහැ. ඕනෙම පුද්ගලයෙක්ගේ අතින්, ඕනෑම වෙලාවක වරදක් වෙන්න පුළුවන්. ඔබට කවදාවත් වැරදි නොකරන සර්වසම්පුර්ණ සහකරුවෙක් නම් මුණ ගැහෙන එකක් නැහැ. තවත් සමහරු ඉන්නවා සමාව දෙන බව අඟවලා, පසුව කල වැරදි මතක් කරමින් අනිත් කෙනාට රිදවන්න උත්සාහ කරන. මේ වගේ පුද්ගලයන් එක්කත් කවුරුවත් ආදරයෙන් බැඳෙන්නේ නැහැ.

5 ආදරයට සිතින් සුදානම් නැති වීම

තරුණ වයසේදී ආදරය නොලැබීම ගැන දුක් වෙන සමහරු ඉන්නවා ආදරය කරන්න ඇත්තටම උවමනාවක් නැති. ඔවුන් ආදරයක් නොලැබීම ගැන දුක් වෙන්නේ නිසි වයස පහු වීම, මිතුරන් හැමෝටම පෙම්තුන්/ පෙම්වතියන් සිටීම වගේ කාරනා නිසයි. මේ අයව ඇත්තටම සතුටට පත් කරන්නේ ආදරය නෙවෙයි. අධ්‍යාපනයේ ඉහලට ගමන් කිරීම, රැකියා ජිවිතයේ ඉහලට ගමන් කිරීම හෝ සංචාරය වැනි විනෝදාංශ වල නියැලීම වගේ දේවල් වලින් තමයි මේ අය ඇත්තටම සතුටක් ලබන්නේ. ආදරය ලබන්න සිතින් සුදානම් නැති කෙනෙක්ට ආදරයක් ලැබෙන ඉඩ කඩ නම් පොඩ්ඩක් අඩුයි.

6 තමා ගැන පමණක් සිතීම

තමා ගැන විතරක් හිතන, තමන්ගේ අවශ්‍යතා වලට විතරක් මුල් තැන දෙන පුද්ගලයන්ට කියන්නේ ආත්මාර්ථකාමී මිනිසුන් කියලයි. ආත්මාර්ථකාමී ගතිගුණ තියෙන පුද්ගලයෙක්ට ආදරය හිමි වන්නේ හරිම අඩුවෙන්. තමන්ගේ අවශ්‍යතා වලට තැනක් නොදෙන පුද්ගලයෙක් ළඟ රැඳෙන්න කවුරුවත් උත්සාහ කරන්නේ නැහැ.


SHARE