දරයෙන් බැඳෙන සෑම පෙම් යුවලක්ම එකතු වෙන්නේ නැහැ. මඟදී බිඳී යන ප්‍රේම සබඳතා ඕනෑ තරම් තිබෙනවා. මේ වගේ අවස්ථා වලදී හැර යන්නා සතුටින් නව දිවියක් ආරම්භ කළත්, තනි වුනු සහකරු අනෙකා නැවත පැමිණෙන තුරු බලා සිටින අවස්තාවන් ඕනෑ තරම් ඔබ දැක ඇති. නමුත් වෙන් වුනු යුවලක් නැවත එකතු වෙන අවස්ථා පවතින්නේ ඉතා අඩුවෙන්. නැවත කවදාවත් ඔබ වෙත නොඑනා කෙනෙකු පැමිණෙන තුරු බලා සිටීම කෙතරම් වේදනාවක්ද? මේ ලිපිය ඔබට පැරණි සහකරු ඔබ වෙත නොඑනා බව වටහා ගැනීමට ඔබට උපකාරයක් වේවි. යතාර්තයට මුහුණ දීමට මෙයින් ඔබට අවස්තාව හිමි වේවි.


7 ඔබව හදිසියේ මුණ ගැසුනොත් ඔහුගේ මුවෙහි මතු වන්නේ කරදරකාරී පෙනුමක්

කෙතරම් දුරස් වී ඉන්නට සිතුවත්, නොසිතු අවස්තාවක ඔබ දෙදෙනා එකට මුණ ගැසෙන්නට ඉඩ තිබෙනවා. ඔබ දැකීමෙන් ඔහුගේ/ ඇයගේ මුහුණෙහි සිනහවක් හෝ වේදනාකාරී පෙනුමක් මතු නොවී, කෝප සහගත පෙනුමක්, කරදරකාරී පෙනුමක් මතු වන්නේ නම් ඔබට මෙය තවත් පැහැදිලි වේවි. එසේ වන්නේ ඔබව හදිසියේ දැකුමෙන් පවා පැරණි සහකරුට කරදරකාරී හැඟීමක් මතු වන නිසායි. ඔහුගේ සිත තුල ඔබ ගැන හැඟීමක් පවතිනවා නම්, ඔහු ඔබව දැකීමෙන් අනිවාර්යයෙන්ම හැඟීම්බර වෙනවා. එය ඔහුට විශේෂිතවූ මොහොතක් බවට පත් වෙනවා. එසේ නොවන්නේ තවදුරටත් ඔබ ඔහුගේ සිත තුල නොමැති නිසයි.

 

8 ඔහු/ ඇය ඔහුගේ නව සබඳතාවය ගැන සමාජ ජාලා හරහා ප්‍රසිද්ධ කරවනවා

ඔබේ පැරණි සහකරුගේ සිතේ ඔබ ගැන කිසියම් හෝ හැඟීමක් පවතිනවා නම්, ඔහු ඔබව රිදවන්නට කැමති වන්නේ නැහැ. එම නිසා ඔහු නව සබඳතාවයක් ආරම්භ කළත් එය ඔබට ආරංචි වෙන්න ඉඩ දෙන්නේ නැහැ. නමුත් ඔහු කිසිදු හැඟීමක් නැතිව තමාගේ නව සබඳතාවය ගැන ප්‍රසිද්ධ කරන්නේ නම්, එහි අර්ථය වන්නේ ඔහු ඔබ වේදනාවට පත් වීමට ඇති ඉඩකඩ ගැනවත් නොසිතන බවයි. එමෙන්ම නව සබඳතාවය ගැන සමාජයට පැවසීමෙන් පසුව, ඔහුට ඔබ වෙත පැමිණීමට කිසිදු අවකාශයක් ලැබෙන්නේ නැහැ. ඔබ දෙදෙනා නැවත එක වීම යන කාරණය සම්පුර්ණයෙන්ම අවහිර කිරීමකුයි ඔහු එමඟින් සිදු කරන්නේ. එසේ කරන්නේ ඔහු ඔබ වෙතින් සම්පුර්ණයෙන්ම දුරස් වී ඇති නිසයි.

 

9 ඔබ වෙන සබඳතාවයක් ආරම්භ කළත් ඔහු එයට දක්වන්නේ ඇල්මැරුණු ප්‍රතිචාරයක්

පෙම් සබඳතාවයක් බිඳී ගිය පසු, අනෙකාට පෙනෙන්නට තවත් සබඳතාවයක පැටලීම මෝඩ ක්‍රියාවක්. නමුත් බොහෝ අය ආවේගශීලිව මෙවැනි සබඳතා ඇති කර ගන්නවා. නමුත් එයින්වත් ඔබේ පැරණි සහකරු කලබලයට පත් වන්නේ නැති නම්, එහි අදහස වන්නේ තවදුරටත් ඔහුගේ හදවත තුල ඔබ නොමැති බවයි. ඔබ ගැන කිසියම් හෝ හැඟීමක් ඔහුගේ සිත තුල තිබෙනවා නම්, ඔබ නව පෙම් සබඳතාවයක් ඇරඹු විට ඔහු කෝපයට හෝ දුකට පත් වෙනවා. නමුත් ඔහු ඔබේ සබඳතාවය ගැන කිසිදු ප්‍රතිචාරයක් දක්වන්නේ නැති නම්, ඔබ එය අමතක කර දැමීම වඩාත් සුදුසුයි.

 

10 “ඔයාට මට වඩා හොඳ කෙනෙක් ලැබෙයි” වැකිය භාවිතා කිරීම

බොහෝ දෙනෙක් තමන්ගේ සහකරුවා හැර යාමේදී මේ වැකිය භාවිතා කරනවා. ඔහුගේ/ ඇයගේ සිත තුල ඔබ සිටිනවා නම්, ඔබව තවත් අයෙකු වෙත යවන්නට පැරණි සහකරු කැමති වන්නේ නැහැ. ඔහු මෙම වැකිය භාවිතා කිරීමෙන් සිදු කරන්නේ ඔබව හැර යෑමේ වරදකාරී සිතුවිල්ල මඟ හරවා ගැනීමටයි. එවැනි වැකියක් පවසා ඔහු ඔහුගේ සිතින් ඔබව සම්පුර්ණයෙන්ම ඈත් කර දැමිමකුයි මෙහිදී සිදු වී ඇත්තේ.

 

11 ඔබේ පැරණි සහකරු ප්‍රීතිමත්ව ජිවත් වන බව දක්නට ලැබීම

ඔබේ පැරණි සහකරු කුමක් හෝ හේතුවක් නිසා ඔබව හැර යන්න ඇති. ඔබව හැර ගියත් ඔහුගේ සිතේ ඔබ ගැන කිසියම් හෝ හැඟීමක් තිබෙනවා නම් ඔහු සිටිය යුත්තේ දුකකිනුයි. කෙතරම් සඟවන්න හැදුවත් ඔහුගේ මුහුණෙන්, හැසිරීමෙන්, කතා බහෙන් මේ බව ඔබට හෙළි වීම වලක්වන්න බැහැ. නමුත් ඔබේ පැරණි සහකරු ඔහුගේ වර්තමාන ජීවිතය ප්‍රීතියෙන් ගත කරන බව පෙනෙන්නට තිබෙනවා නම්, එහි අදහස වන්නේ ඔබ නොමැතිව සතුටින් සිටීමට ඔහුට/ ඇයට හැකියාව ඇති බවයි.

    මෙම ලිපියේ පළමු කොටස සඳහා පිවිසෙන්න –

ඔබේ පැරණි පෙම්වතාට/ පෙම්වතියට නැවතත් ඔබව අවශ්‍ය නොවන බව හැඟවෙන සංඥා 11ක් – 1 කොටස

        


SHARE