බේ නිවසෙත් කුඩා දරු පැංචෙක් ඉන්නවාද? ඔබේ දරු පැංචාගේ පූර්ණ-කාලීන රැකියාව වන්නේ ඉගෙනගැනීමයි. ඇය කොතරම් ප්‍රමාණයක් ග්‍රහණය කරගන්නවාද කියන එක ඔබට පාලනය කරන්න බැරිවෙන්න පුළුවන්. නමුත්, ඇගේ ඉගෙනගැනීමේ වේගය වැඩිකළ හැකි පුංචි පුංචි දේවල් කීපයක් තියෙනවා. මේ පුංචි දේවල් මෙතරම් විශාල වෙනසක් කරනවාද කියා ඔබ නොදැන සිටිනවා වෙන්න පුළුවන්. ඔබේ දරු පැටියාගේ හැකියාවන් වැඩිකර ගන්න ඔබත් කැමතිද? එහෙනම් මේ ලිපිය කියවන්න.



1) ඔබේ ඇඟිල්ල දික්කිරීම

සාමාන්‍යයෙන් කියවෙන්නේ ඇඟිල්ල දික්කිරීම “ගොරෝසු” දෙයක් කියලයි. නමුත් කර ඇති පරීක්ෂණ වලින් සොයාගෙන ඇත්තේ, දෙමව්පියන් යම් දෙයක් ළදරුවාට කියාදීමේදී, ඇඟිල්ල දිගුකොට ඒ අදාළ වස්තුව ළදරුවාට පෙන්වන විට, ළදරුවා භාෂාව ඉක්මනින් ඉගෙන ගන්නා බවයි. එමනිසා, ඔබේ දරුවාට තම සන්නිවේධනය කිරීමේ හැකියාව වැඩිකරගැනීම සඳහා උපකාර කරන්න. ඔබ ළදරුවාට ඉගැන්වීමට යන අදාළ දෙයට ඇඟිල්ල දිගුකොට පෙන්වන්න.


2) ළදරුවන්ට උචිත ආකාරයෙන් කතාකිරීම

ඔබ, ඔබේ පුංචි පැටවාට කතා කළ යුත්තේ ඔවුනට ගැලපෙන ආකාරයකටයි. ගොඩක් දෙනෙක් හිතන්නේ තම පුංචි පැටියට උස්-හීනි ස්වරයකින් “ඔයා ගොඩාක් දක්ෂයි” කියල කියන්න හොඳ නෑ කියලයි. කෙසේ නමුත්, පරීක්ෂණ වලින් සොයාගෙන ඇත්තේ වෙනස් දෙයක්. බොස්ටන් විශ්ව විද්‍යාලයේ කර ඇති පරීක්ෂණයකින් හෙලිවුණේ, ඔබේ ළදරුවාට උචිත අන්ඳමින් “ළදරු උචිත භාෂාවෙන්” කතා කිරීම මඟින්, දිගුකාලීනව ඔවුන්ගේ වචන හා භාෂාව ඉගෙනගැනීමේ හැකියාව වැඩිවෙන බවයි. ඉතින්, සාමාන්‍ය “වැඩිහිටි භාෂාවෙන්” ඔවුන්ට කතා කරන්න එපා. “සරල ළදරු භාෂාවෙන්” ඔවුනට කතා කරන්න.


3) ඔවුන් ආහාර ගන්න විට හැඩිකරන්න දෙන්න

ඔව්, මෙය ඔබට අමුතුවට හිතෙන්න පුළුවන්. නමුත්, මේක තමයි ඇත්ත. ඔබේ පැටියා ළදරු පුටුවේ හිඳගෙන හැම තැනම කෑම හලාගෙන, ඇඳුමේ කෑම ගාගෙන සිටිනවා දැකීම ඔබට එතරම් හොඳ හැහීමක් ඇති නොකරන්න පුළුවන්. හැබැයි ඔබේ ළදරුවා දේවල් ඉගෙන ගන්නවා කියන එකට මෙය සාක්ෂියක් වෙනවා. සිදුකර ඇති පරීක්ෂණයකින් තහවූරු වී ඇත්තේ, ආහාර ගන්නා විට මහා අවුලක් කරගන්නා දරුවන් භාෂා හැකියාවන් ඉක්මනින් ඉගෙනගන්නා බවයි. විද්‍යාඥයන් උපකල්පනය කරන්නේ, හැඩය වෙනස් වෙන දේවල් (කිරි හා ජලය වැනි) ළදරුවන්ට හඳුනා ගැනීමට තරමක අභියෝගයක් වෙන බවයි. නමුත්, මේ ඝන නොවන වස්තූන් හඳුනා ගැනිමේ ක්‍රියාවලිය මඟින් ළදරුවන්ට ඒවා හඳුනා ගැනීමේ හැකියාව බලගැන්වෙනවා.


4) ඔවුන්ට අවශ්‍ය දේවල් ඔවුන්ට දෙන්න එපා

ඔබේ පුංචි පැටියා ඉල්ලන හැමදේම නොදීමට හේතු ගොඩක් තිබෙන බව ඔබ දන්නවානේ? ඔබේ ළදරුවා ඒ ඉල්ලන දෙය ඔබ නොදෙන විට පැටියාගේ ඉවසීමේ ගුණය වැඩිවෙනවා. ඔබ ඉල්ලන ඉල්ලන දෙය දුන්නොත්, ඒ ඉවසීමේ බුද්ධි වර්ධණයට බාදා ඇතිවෙනවා. ඉවසීම හා ආශාවන් පාලනය කරගැනීමට හැකියාව ඇති දරුවන් ඥානමය වශයෙන් හා ශාස්ත්‍රාලයීය වශයෙන් අනෙකුත් දරුවන්ට වඩා ඉදිරියෙන් සිටිනවා.


5) ඔවුනට ටෙලිවිශනය බලන්න ඉඩ දෙන්න

ඔබේ කුඩා පැටියත් ටෙලිවිශනය බලන්න කැමතියි නේද? ඔබ එහි රහස දන්නවාද? ඉන් දරුවා ඉගෙනගන්නවා. සිදුකර ඇති අධ්‍යයන වලින් තහවරු වී ඇත්තේ, ටෙලිවිශන් වැඩසටහන් මඟින් පෙර පාසල් මට්ටමේම දැණුමක් දරුවන්ට ලබාගත හැකි බවයි. සංස්කෘතිය පිළිබඳව දරුවාගේ ඇති ආකල්ප, හැසිරීම වැඩි දියුණු වී, සාක්ෂරතාවයත් ටෙලිවිශන් වැඩසටහන් මඟින් දියුණුවෙනවා. හැබැයි එහෙම කියලා දරුවාට දවස පුරාවටම කාටූන් දාලා දෙන්න එපා. මින් කියවෙන්නේ අධ්‍යාපනික වැඩසටහන් ගැනයි. චිත්‍රපටි වැනි දේවල් දරුවාට පෙන්නන්න එපා. වැඩෙන දරුවාගේ කුඩා මනසට ච්ත්‍රපටි මඟින් වැරදි ආදර්ශ ලැබෙන්න පුළුවන්. එමනිසා, අධ්‍යාපනික වැඩසටහන් වලට පමණක් දරුවා පුරුදු කරවන්න.

SHARE

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here