“ඔබ බලන් ඉන්න, ජීවිතය කිසිදා එකම ලෙස පවතින්නේ නෑ”. මේ කියමන ඔබට බොහෝ දෙනෙක් පවසා ඇති. එහි තේරුම ඔබට හරියටම වැටහී ඇත්ද? නමුත් ඔබ එය අත්දකින තුරුම, ඔබට එය හරියටම වැටහෙන්නේ නැතිවෙන්න පුළුවන්. මේ ලිපියෙන් දැක්වෙන්නේ එක් මවක් තම ජීවිතයේ අත්දැකීම ඔබ හා බෙදා ගැනීමකි. ඔබත් ඇයගේ අත්දැකීම රසවිඳින්න.



“ඔබ බලන් ඉන්න, ජීවිතය කිසිදා එකම ලෙස පවතින්නේ නෑ”. මේ කියමන බොහෝ දෙනෙක් මට කියලා තියෙනවා. නමුත් මෙහි තේරුම මට හරියටම වැටහුනේ මීට මාස 9යකට පෙර මගේ පුතාව මෙලොවට බිහිකළ පසුවයි. විවාහය, ජීවිතය, හා පොදුවේ ගත්කළ සියල්ල ගැන මා කිසිදා නොසිතූ මට්ටමකට ඉගෙනගැනීමට මට හැකිවුණා. මවක් වීම සෑම අංශයකින්ම මගේ ජීවිතය වෙනස් කලා. සමහර අය හිතන්න පුළුවන් “මම” යන දෙය මට නැතිවෙලා කියලා. නමුත් මම එය එසේ කියා සිතන්නේ නෑ. මට හිතෙන්නේ මම වඩා හොඳ පිටපතක් බවට පත්වෙලා. එම අත්දැකීම තරමක් වෙහෙසකාරී, නමුත් මිහිරියි”..

“මම පාඩම් රැසක් ඉගෙනගත්තා. මම ඉගෙනගත්ත සමහර පාඩම් නිසා මගේ මවට, මගේ මුහුණ දිහා බලල කියන්න පුළුවන්, “මම දුවට කියලා තිබ්බනෙ!” කියලා. මවක් වීම මට බොහෝ දේවල් කියාදුන්න. මම ඉගෙනගත්ත වැදගත්ම පාඩම වූයේ “ඒ දෙයට තව ඉන්න පුළුවන්” කියන එකයි”.

“මම පාඩම් රැසක් ඉගෙනගත්තා. මම ඉගෙනගත්ත සමහර පාඩම් නිසා මගේ මවට, මගේ මුහුණ දිහා බලල කියන්න පුළුවන්, “මම දුවට කියලා තිබ්බනෙ!” කියලා. මවක් වීම මට බොහෝ දේවල් කියාදුන්න. මම ඉගෙනගත්ත වැදගත්ම පාඩම වූයේ “ඒ දෙයට තව ඉන්න පුළුවන්” කියන එකයි”.

“මවක් වෙන්න කලින් මම ගොඩක් නොඉවසිලිමත්. මවක් වීමට පෙර මට මුළුතැන්ගෙදර සින්ක් එකේ පිඟන් තියෙනවා නම් මනස එකතැන තියාගෙන නින්දට යන්න වත් බෑ. රෙදි සෝදන්න තිබ්බත් එහෙමයි. ඉස්සර මම එතරම්ම නොඉවසිලිමත් පුද්ගලයෙක්. දැනටත් මගේ මේ ලක්ෂණය තරමක් දුරට තියෙනවා. මවක් වීමට පෙර මම හිතන් හිටියේ මම කවුරුන්ද කියන එක කිසිදා වෙනස් වෙන්නේ නෑ කියායි. දැන් ඒ දේවල් මතක්වෙනකොට මගේ මුවට ලැජ්ජාශීලී සිනහවක් නැගෙනවා. “ඔබට හැමදේම හැමදාම කරන්න බෑ” කියන පාඩමත් මවක් වීමෙන් පසුව මම ඉගෙනගත්තා”.

“බොහෝ අවස්තාවල, අපේ එදිනෙදා ජීවිතයට බලපාන ගොඩක් කරුණු වලින් අප මානසික ආතතියට පත්වෙනවා. නමුත් ඇත්තම කීවොත්, ඒ දේවල් වලින් බොහෝ දේවල් අපිට ටිකක් පස්සට දාන්න පුළුවන්. මින් අදහස් කෙරෙන්නේ නෑ “බාලගිරි දෝෂ‍ය” කියන එක. නමුත් ඔබ සමහර දේවල් නිසා හේතුවක් නැතිව මානසිකව ආතතියට පත්වෙන්න අවශ්‍ය නෑ. එක දවසක් ඇඳුම් හෝදන්න බැරිවුණා කියලා අපිට ඇඳුම් නැතිව ඉන්න වෙන්නේ නෑනේ. ඔබේ මෝටර් රථය සති කීපයක් නැතිනම් මාස කීපයක් වුණත් කිලිටි වෙලා තියෙන්න පුළුවන්. නමුත් පුළුවන් වෙලාවක් ආවොත් මෝටර් රථය සෝදන්න. එසේ සිතීමෙන් ඔබේ මානසික ආතතිය අඩුවෙනවා”.

“මට සමහර වෙලාවට පොඩි විවේකයක් අවශ්‍යයි. මට බිම හිඳගෙන මගේ පොඩි පැටියා එක්ක සෙල්ලම් කරන්න හිතෙනවා. සමහර වේලාවට මගේ ස්වාමි පුරුෂයාට මම ඇහුම්කන් දිය යුතුයි. ඔහුට ඇහුම්කන්දීම ඔහු මගෙන් බලාපොරොත්තුවෙනවා. මම කරන වැඩ සියල්ල නවතා ඔහුට ඇහුම්කන් දෙනවා. සමහර වෙලාවට මට නිවාඩුවක් අවශ්‍යයි. සමහර දින වල මම රාත්‍රී ආහාරය නිවසේ නොසාදා පීට්සා ඇණවුම් කරනවා. ඉඳල හිටල හරි එහෙම දෙයක් කරාට කමක් නෑ. දවස් දීර්ඝයි වර්ෂ කෙටියි. හිතනවාටත් වඩා ඉක්මනින් මගේ කිරිකැටියා ඉලංදාරියෙක් වෙලා පවුල දාලා විවෘත ලෝකයට ගොස් ඔහුගේම ජීවිතයක් පටන් ගනීවි. ඒක තමයි ජීවිතේ”.

SHARE

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here