වුල කියන්නේ අපි හැමෝගෙම ජිවිතයේ තියෙන ආදරණියම ස්ථානයයි කියලා කිව්වොත් නිවැරදියි. අපේ ජිවිතයට අවශ්‍ය ශක්තිය සපයන්නේ අපේම පවුලේ සාමාජිකයනුයි. ඒත් ගොඩක් දෙනෙක්ට මේ බව නිසියාකාරව තේරෙන්නේ නැහැ. පවුලේ අයත් එක්ක ඉන්න පස්සේ පුළුවන්නේ කියලා හිතාගෙන, ජිවිතයෙන් වැඩි කාලයක් මුදල් පසුපස හඹා යාම වෙනුවෙන් වෙන් කරනවා. නමුත් බාහිර හැම දෙයකටම වඩා ඔබේ ජිවිතයට ලැබී ඇති හොඳම දෙය ඔබේ පවුලයි. අද අපි ඉදිරිපත් කරන්නේ මේ ගැන ලිපියකුයි.



1 ඔබේ සැබෑ ආදරය ඉන්නේ ඔබේ පවුල තුලමයි  

ඔබ මව් කුසට ආ බව දැන ගත් දවසේ පටන් ඔබේ මව සහ පියා ඔබට ආදරය කළා. ඔබව තමන්ගේ සහකරු ලෙස තෝරා ගත් දවසේ පටන් ඔබේ බිරිඳ/ සැමියා ඔබට ආදරය කරනවා. ඔබේ දරුවන්ගේ ලෝකයේ වීරයා ඔබයි. ඇත්තෙන්ම ඔබට මේ ලෝකයේ වැඩියෙන්ම ආදරය කරන කිහිප දෙනා ජිවත් වෙන ස්ථානය “ඔබේ පවුලයි”.  

2 පවුල කිසිවක් හා සම කල නොහැකියි

ඔබේ පවුලේ සාමාජිකයන් හා බාහිර පුද්ගලයන්ව සම කරන්න කවදාවත් බැහැ. කිසිම කොන්දේසියක් නැතුව ඔබේ පවුලේ සාමාජිකයන් ඔබට ආදරය කිරීම, ඔබේ ගැටළු වලට සහාය දීම, ඔබ වෙනුවෙන් පෙනී සිටීම ආදී කරුණු ඉටු කරනවා. ඔබේ පවුලෙන් ඔබට නොමිලේ ලැබෙන සහාය පිටස්තර පුද්ගලයෙකුට මුදල් ගෙවීමෙන්වත් සම්පුර්ණයෙන් ලබා ගත නොහැකියි.

3 ඔබව ඔවුන් හැර යන්නේ නැහැ

ගොඩක් වෙලාවට ඔබේ පවුලේ සාමාජිකයන් ඔබව හැර දමා යන්නේ නැහැ. ඇති කර ගත් බැඳීම් පහසුවෙන් බිඳෙන්නේ නැහැ. ගොඩක් පුද්ගලයන් තමන්ගේ පවුලේ සාමාජිකයන් මොන දේ කලත්, ඔවුන්ට දිගින් දිගටම ආදරය කරමින් වෙනස් නොවී ඔවුන් සමඟම ඉන්නවා.

4 ඔබේ සැබෑ සතුට සොයා ගත හැක්කේ පවුල තුලිනි

ඔබේ ජිවිතයේ සැබෑ සතුට සැඟවී ඇත්තේ ඔබේ පවුලේ සාමාජිකයන් තුලයි. සතුට හොයාගෙන ඔබ මුදල් පසු පස, බාහිර පුද්ගලයන් පසුපස ගියාට ඔබට සම්පුර්ණ ප්‍රීතියක් හිමි වන්නේ නැහැ. ඔබේ මිතුරන් එක්ක ඉද්දි දැනෙන සතුටට වඩා, ඔබේ පවුලේ සාමාජිකයන් සමඟ කාලය ගත කරද්දී දැනෙන සතුට සම්පුර්ණයෙන්ම වෙනස්. ඔබේ අරමුණු වෙත යන්න ඔබේ පවුලේ අය උදව් කරද්දී, ඔවුන් ඔබට ආදරයෙන් සලකද්දී ඔබට දැනෙන සතුට වචනයෙන් විස්තර කරන්න අපහසුයි. පිටස්තර පුද්ගලයෙකු ඔබව ඇගයීමට ලක් කරනවාට වඩා, ඔබේ පවුලේ සාමාජිකයන් ඔබව අගයද්දී ඔබට දැනෙන්නේ මහ සුවිශාල සතුටක්.

5 ඔවුන් ඔබව පිලිගන්නවා

ඔබ සාර්ථක වුවත්, අසාර්ථක වුවත් පවුලේ සාමාජිකයන් ඔබව පිලිගන්නවා. ඔබ සිටින තත්වය කුමක් වුවත් ඔවුන් ඔබට ආදරය කරනවා. ඔබේ අසනීප වලදී ඔවුන් ඔබව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඔබේ වැටීමකදී නැවත නැගිටින්න ඔබට අත දෙන්නෙත් ඔබේ පවුලේ අයම තමයි. ඔබේ පවුලේ සාමාජිකයන් ඔබ වෙත ආදරය පුද කරන්නේ කොන්දේසි විරහිතවයි.

6 ඔබේ ප්‍රථම විවේචකයන් වන්නේ ඔබේ පවුලයි

පවුලේ සාමාජිකයන් ඔබේ වැරදි තැන තැන කියා කියා යන්නේ නැහැ. ඔවුන් ඔබේ ගුණ දොස් විචාරන්නේ ඔබ ඉදිරියෙමයි. එයින් ඔවුන් අපේක්ෂා කරන්නේ ඔබේ අඩුපාඩු සකසාගෙන ඔබට සාර්ථකත්වය වෙත පියමන් කරන්නට හැකි වේවි යන්නයි. නමුත් බහුතරයක් බාහිර පුද්ගලයන් ඔබේ අඩුපාඩු ගැන ඔබව දැනුවත් කරන්නේ හරිම අඩුවෙන්. ඒ වෙනුවට ඔවුන් ඔබේ වැරදි සෙසු පුද්ගලයන් සමඟ කතා කරන්නට පෙළඹෙනවා. ඉතින් ඔබ ඔබව විවේචනය කරන පවුලේ සාමාජිකයන්ට වඩා, ඔබව විවේචනය නොකරන බාහිර පුද්ගලයන් සමඟ එක් වීම මෝඩ ක්‍රියාවක් නොවේද?

7 ඔබේ ප්‍රථම උපදේශකයන් වන්නේ ඔබේ පවුලේ සාමාජිකයනුයි

ඔබ දරුවෙකුව සිටි කාලයේ පටන් තරුණ වියට පා තබන තුරු ඔබට ජීවිතය උගන්වන්නේ ඔබේ පවුලේ සාමාජිකයන්. ඔබේ විවාහයෙන් පසු ඔබේ සහකරුවාත් මේ උපදේශක කණ්ඩායමට ඇතුළු වෙනවා. ඔබේ දුකේදී, ඔබේ ගැටළු වලදී ඔබේ පවුලේ අය ඔබ වෙනුවෙන් හොඳම විසඳුම ලබා දෙන්න උත්සාහ කරනවා. ඔවුන් ඔබට උපදෙස් දෙන්නේ අනිත් අය වගේ යටි අරමුණු ඇතුව නෙවෙයි.


SHARE