බ ආදරණිය මවක් පියෙක් ලෙස ඔබගේ දරුවාගේ අධ්‍යාපනය ගැන සිතනවා නේද? පුංචි කාළේ ඉදන්ම ඔබගේ දරු පැටවා අනෙක් හැමෝම අබිබවමින් ඉදිරියට යනවා දකින්න ඔබ වගේම සෑම අම්මා කෙනෙක්ම කැමතියි. ඒ වුනාට ඔබගේ අතින් දරුවාගේ අනාගතය ගැන වෙහෙසීම නිසාම, දරුවාගේ ආරක්ෂාව ගැන සිතීම නිසාම මේ පුංචි මල් කකුලේ අනාගතය ඔබටත් නොදනිම ගිලිගෙන බව දන්නවද? අද අපි කථා කරන්න යන දේ පුංචි සිගිත්තකු සිටින ඔබට වඩා වැදගත් දේවල් කීපයක්.



1. එපා කියන්න නම් එපා.

මුලින්ම කියන්න ඕනේ දෙයක් තමයි අධ්‍යාපනය කියන්නේ පොත පතින් ගන්න දැනුම විතරක්ම නෙවේ. පුංචි දරුවෙක් දකින කරන සෑම දෙයකින්ම පොඩි දෙයක් හරි ඉගෙන ගන්නවා. ඔබගේ දරුවා සෙල්ලම් බඩු කඩන විට ඔබ එපා කියනවා නේද ? සමහර විට ඔබ මේ ඔහුට අනාගතයේ ඉංජිනේරුවෙක් වෙන අවස්ථාව අහිමි කරනවා වෙන්න පුළුවන්. පුංචි දරුවන්ව නවත්වන්න එපා. සැම දෙයකින්ම ඔවුන්ට දෙයක් ඉගෙන ගන්න දෙන්න. දරු පැටවා වරදක් කරනව නම් එහි හරි වරදි කියා දෙන්න . එය ඉතා වැදගත්. නමුත් ඔවුන්ගේ ලෝකය නිතරනම එපා එපා කියන වචනයෙන් පටු කරන්න නම් එපා.


2. ඔයාට ඔයාට කරන්න බෑ.

පුංචි දරුවෙක් ඔහුගේ වයසට කරන්න බැරි දේවල් කරනවා කියල ඔබ හිතනවද ? නිරන්තරයෙන් තුවාල කරගන්නවාට ඔබ කැමති නැති නිසා ඔබ දරුවාට “ඔයාට ඕක කරන්න බැහැ පුතේ” කියලා නතර කරනවා නේද? ඇත්තට ඔබ ආදරේ නිසාම පුංචි දරුවාගේ ඉදිරි අනාගතයයි මේ නතර කරන්නේ. ඔබගේ පැටවාට පුළුවන් කියන දේ උගන්වන්න. ජිවිතයේ කිසිදු තැනක ඔහු නොනැවතී ජීවිතය ජය ගනිද්දී ඔබට නිහඩව මුල් ගුරුවරයා විදිහට ආඩම්බර වෙන්න පුළුවන්.


3. නිරන්තරයෙන් අගය කරන්න

ඔබත් කැමතියි නේද ඔබව අගය කරනවානම්, ඔබේ පුංචි සිඟිත්තා වඩාත් කැමති දෙයක් තමයි ඔබ ගේ අගය කිරීම, සමහර විට දරුවා යමක් කරන්නේම ඔබගෙන් පැසසුම් ලබා ගැනුමටමයි. දරුවාව නිරන්තරයෙන් අගයන්න. ඔහු කරන්නේ ඉතා පුංචි වැඩක් වෙන්න පුළුවන්. ඔහු අඳින පුංචි ඉරි කෑල්ලක් වෙන්න පුළුවන්. මෙය අගය කරන්න. මෙම අගය කිරීම තුළින් ඔබ නොදැනුවත්වම දරුවාගේ ජිවිතයේ ඉදිරි පියවරට ඔබ හේතුවක් වේවි.


4. දරුවාට උදව් කරන්න එපා.

ඔබ දරුවට සෑම දෙයකටම උදව් කරන්න එපා. නමුත් ඔහු ගැන අවදානයෙන් ඉන්න. ඔහුට වැටෙන්න දෙන්න. ඒවගේම තනියම නැගිටින්න දෙන්න. තනිවම අතින් කන්න දෙන්න. කවන්න යන්න එපා. ඔහුට ජිවිතේ හැමදේම තනියම වැරදි වැරදි ඉගෙන ගන්න දෙන්න. ඔබ නිහඩව බලා සිටීම පමණක් කරන්න. යම් තැනක බැරිමනම් පමණක් උදව් කලාට කමක් නැ. මේ තුලින් ජිවිතයේ යම් දිනක ඔබ, ඔහු සමඟ සිටියත් නැතත් ජීවිතය තනිවම දිනා ගැනීමට ඔහුට මෙය අත්වැලක් වේවි.


5. සංසන්දනය කරන්න එපා

මෙය ඔබ කරන බරපතල වැරද්දක්, ඔබ අනෙක් ළමයි සමඟ කිසි විටකත් දරුවාව සංසන්දනය කරන්න යන්න එපා. “ අරයා කරනවා ඔයාට තමයි බැරි “ , “අයියට පුළුවන් ඔයාට තමයි බැරි” මේ විදිහට නිතට නිතර තමන්ට කිසිවක් බැරි බව දරුවට ඔබ ඒත්තු ගන්වන්න එපා. ඔවුන් අන් කිසිවකුට වඩා ඔබගේ පැසසුම අපේක්ෂා කරනවා. ඉතින් ඔබ දරුවා සමඟ රැදී සිටීම ඉතා වැදගත්. නමුත් ඔබ නොනවත්වා දරුවාගේ නොහැකියාවන් පමණක් දකිනවනම්, කුඩාකල සිටම සිදුවන ඔහුගේ මානසික බිඳවැටීම ජීවිතය පුරාම ඔහුගෙ අසාර්ථකත්වයට හතු වේවි.


6. පාසල් වැඩ අපිලිවෙලනම් ගහන්න එපා. (විශේෂයෙන් පෙර පාසල් දරුවන්ට)

ඔබ දන්නවද ඔබට වගේ කුඩා දරුවන්ට බෝල රැවුම් අකුරු ලියන්න අමාරුයි. මොකද කුඩා දරුවෙකුගේ ඇස එක් තැනකට හසුරවා ගැනීම මනෝවිද්‍යාත්මකව අපහසු දෙයක්. නමුත් ඔබ රූපෙන් පිට පාට කරද්දී, අකුරු කැතට ලියද්දී දැරුවට ගහනවානම් එක ඉතාම නරක වැඩක්. මොකද්ද පුංචි දරුවෙක්ගේ මානසික මට්ටම ඔබ තරම් වර්ධනය වෙලා නැ කියලා අම්මලා මතක තිය ගන්න ඕන වැදගත් කාරණයක්.

  • TAGS
  • 7
SHARE

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here